July 29, 2015

අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත කුළුණ

                             අකුණු ගහනවා, විදුලි කොටනවා නැත්නම් සරලවම් කිව්වොත් හෙණගහනවා කියන්නෙත් එකම දේකට. ස්ථිති විද්‍යුත් ආරෝපණය නිසා වලාකුළු වල එක් ‍රැස් වෙන ආරෝපණ වලාකුළකින් වලාකුළකට වගේම පොළවටත් පැමිණෙනවා (ඒ ගැන විස්තර කරන්න ගියොත් මේ පෝස්ට් එක ඒකටම වැය වෙනවා) . මේ විදුලි කෙටීම නිසා ඇතිවෙන විදුලි බලය සුලුප‍ටු නෑ. ඒවා මනින්න වෙන්නෙ වෝල්ට් මිලියන බිලියන ගණන් වලින්. ඉතිං මේ විදුලි බලය ගබඩා කරගෙන වැඩක් කර ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඒත් ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.
                          මේ ගැන කල්පනා කරපු සුප්‍රසිද්ධ විදුලි වාහන නිපදවන ටෙස්ලා සමාගම අපූරු කුළුනක් නිර්මාණය කරලා තියෙනවා. "Tesla baby" නමින් මේ කුළුනෙ තියෙන විශේෂත්වය තමයි අකුණු වලදී ඇතිවෙන විදුලිය මේ කුලුණ තුල ගබඩා කර තබා ගැනීමට හැකි වීම. රුසියාවේ මොස්කව් නුවර ඉඳලා කි.මි 40ක් ඇතුලතින් තමයි මේ කුළුණ තියෙන්නෙ. මේක කුළුණක්ම විතරක් නෙවෙයි. විදුලි ගබඩා සංකීර්ණයක්.   
                                        අකුණක තියෙන විශේෂත්වය තමයි අධික විදුලියක් ඇති වුණත් මේ විදුලිය පවතින්නේ තත්පරයෙන් 1/100 පමණ කාලයක් වීමයි. මේ නිසා මෙයින් ඇතිවෙන ශක්තිය අති විශාලයි. මෙවැනි ශක්තියකට ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට තමයි මේ කුළුණ හදල තියෙන්නෙ. කොහොම උනත් මේක වැඩ කරන්නෙ අකුණු ගහන වෙලාවට විතරයි. මේ ව්‍යාපෘතියට අදාල උපකරණ නඩත්තු කරන්න වගේම පරීක්ෂණ වලටත් ඉතා අධික වියදමක් දරන්න ටෙස්ලා සමාගමට සිදුවෙලා තියෙනවා. ඒ වගේම මේක රුසියාව රහසිගතව ක්‍රියාත්මක කල ව්‍යාපෘතියක්.
                                    මේ වගේ කුලුණක් මීට ඉස්සර ඇමරිකාවේත් පිහි‍ටුවා තිබුණත් මේ නව කුලුණේ ඇති හැඩය හා තාක්ෂණය අනේක් ඒවාට වඩා වෙනස් ආරකින් නිර්මාණය වූවක්. ‍රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය කිරීම සඳහා කරන පරීක්ෂණ වල ප්‍රථිඵලයක් විදිහට තමයි මේ නිර්මාණය බිහිවෙලා තියෙන්නේ.

4 comments :

  1. ලස්සන කතාවක්, ටෙස්ලා සමාගම රුසියාවේ රුසියාවේ පර්යේෂණ කරා කියන එකත් ලස්සන කතාවක්, උපුටා ගත්තේ විද්‍යා ප්‍රබන්ධයකින්ද?

    ReplyDelete
    Replies
    1. මේක විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි.. විශ්වාස කරන්න බැරිනම් කොරන්න දෙයක් නෑ..

      Delete
  2. මේක ඇත්ත නං තමයි....හැබැයි ටෙස්ල සමාගම නං මේකට ගෑවිලා නෑ...මේක රුසියාවෙන් කල අති රහසිගත පරීක්ෂනයක්...නිකොලා ටෙස්ලගෙ වයර්ලස් විදුලිය ගැන කරපු පරීක්ෂනයක්.....දැනට අතහැරදාල තියෙන්නෙ....

    ReplyDelete
  3. How to make money from betting on football - Work Tomake Money
    If you're having 바카라 사이트 problems finding https://jancasino.com/review/merit-casino/ a febcasino winning bet online for the day of your https://sol.edu.kg/ choosing, then there are plenty of opportunities งานออนไลน์ available right here.

    ReplyDelete

Follow us

 
         
 

Latest Video

tech Followers

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.