ඩිලීට්,රීනේම් කරන්න බැරි ෆෝල්ඩරයක් හදමු

කාට හරි ඕනි නම් ඩිලීට් කරන්න නැත්නම් රීනේම් කරන්න බැරි ෆෝල්ඩරයක් හදා ගන්න, මේ තියෙන්නෙ ඒකට ක්‍රමයක්. මේ හදන ෆෝල්ඩරය සාමාන්‍ය ක්‍රමයට ඩිලීට් කරන්නවත් රීනේම් කරන්නවත් බෑ.
මේක කරන්න පොඩි උපක්‍රමයක් තමයි යොදාගෙන තියෙන්නෙ. පරිගණක භාෂාවල මූලපද නැත්නම් කීවර්ඩ්ස් (Keywords) භාවිතා වෙනවා. මේ කී වර්ඩ් සාමාන්‍ය විචල්‍ය (Variables) වලට, නම් වලට යොදා ගන්න බෑ. වින්ඩෝස් වල මෙහෙම යොදාගෙන තියෙන කී වර්ඩ් තියෙනවා. con, aux, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8 and lpt9 කියන්නෙ ඒ අතරින් කිහිපයක්. ඉතිං මෙන්න මේ කී වර්ඩ් වල නමක් අරගෙන ෆෝල්ඩරයක් හැදුවොත්. ඩීලීට් කරන්නත් බෑ.... රීනේම් කරන්නත් බෑ... හැබැයි මේ ෆෝල්ඩරය නිකං හදන්නත් බෑ! ඒකට ක්‍රමය තමයි මේ....
ෆෝල්ඩරය හදන විදිහ....
                            මුලින්ම Strat මෙනු එකට ගිහින් CMD කියල ටයිප් කරලා, නැත්නම් Win+R ඔබලා ඒකෙ CMD කියල ටයිප් කරල කමාන්ඩ් ප්‍රොම්ට් එක ඕපන් කර ගන්න. දැන් ෆෝල්ඩරය හදන්න කැමති වින්ඩෝස් ඉන්ස්ටොල් කරල තියෙන ඩ්‍රයිව් එක නැතුව වෙන ඩ්‍රයිව් එකක් ‍තෝර ගන්න. අපි හිතමු ‍තෝරගත්ත ඩ්‍රයිව් එක D කියලා. දැන් කමාන්ඩ් ප්‍රොම්ට් එකේ D: කියල ටයිප් කරල Enter කී එක ඔබන්න. දැන් md con\ කියල ටයිප් කරල Enter කරන්න. දැන් වැඩේ හරි... 
                                        දැන් අර ඩ්‍රයිව් එකට (D එකට) ගිහින් ෆෝල්ඩරය ඩිලීට් කරන්න හරි රීනේම් කරන්න හරි බලන්න... බෑ නේද මේ කමාන්ඩ් එකේ md කියන් එකෙන් තමයි ෆෝලඩරය හදන්න (Made Directory) දෙන කමාන්ඩ් එක. ඕනි නම් වෙනින් එකක් උනත් හදා ගන්න පුලුවන්... එතකොට con කියන්නෙ දීපු නම ඒ වෙනුවට අර උඩින් තියෙන con, aux, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8 and lpt9 වගේ ඕනිම නමක් දෙන්න පුලුවන්.
ඩිලීට් කරන්නෙ මෙහෙමයි
හරි දැන් ඉතින් මේක හැදුව වගේම ඩිලීට් කරන්නත් එපැයි. ඒක කරන්න පුලුවන් වෙන්නෙත් කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන්ම තමයි. ඒකට rd con\ කියන කමාන්ඩ් එක දීලා Enter කරන්න. දැං ෆෝල්ඩරය ඩිලීට් වෙයි. 
                                    con කියල දීල තියෙන්නෙ මුල්දි හදපු ෆෝල්ඩරයට දුන්න නම. ඒ වෙනුවට වෙනින් නමක් ගත්ත නම් ඒක දෙන්න. වින්ඩෝස් XP, Vista, 7, 8, 8.1 මේ ඕනි එකක මේක වැඩ...

8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. එලස් මචෝ.
    තැංකුයි කොරල බලම්නං

    ReplyDelete
  2. http://nelumyaya.com/?p=3449
    පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරලා හදන ෆෝල්ඩර් ගැනත් දාන්න.

    ReplyDelete
    Replies
    1. හම්..! දාන්ඩ ඕනි ඒ ගැනත් අජී..

      Delete
  3. අනේ මට තෙරෙන්නෙ නෑ බං..
    අපේ අයි ටි මැනාට කියලා කරගන්නම්.

    ReplyDelete
    Replies
    1. බෑ කියලා බැරිය මලේ... බෑ කියලා බැරිය මලේ
      බෑ කියලා බෑ.. බෑ... බෑ...!
      ට්‍රයි කරලා බලන්න බ්‍රා!

      Delete
  4. ela bro,badu wada ne bn...

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features