සැම්සුන්ග් නෝට් 7 ගිනිගත් හේතුව

සැම්සුන්ග් සමාගමේ නවතම දුරකථනයක් වන ගැලැක්සි නෝට් 7 අර්බුධකාරී උපාංගයක් වූයේ එහි බැටරියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමට ලක්වීමයි. මේ හේතුවෙන් ලොව පුරා අලෙවි කර තිබූ මිලියන 1.5 ක පමණ දුරකතන ප්‍රමාණයක් නැවත ගෙන්වීමට සැම්සුන්ග් සමාගමට සිදුවිය.

මෙම උපාංගය සඳහා යොදාගැනුන බැටරි 70% ක් සැම්සුන්ග් සමාගමේ SDI බැටරි යොදා ගැනූන අතර ඉතීරිය චීනයේ නිපදවූ ATL බැටරි යොදා ගැනින. දෝෂය හටගෙන තිබුණේ SDI බැටරි වලය .එම බැටරි නැවත ආරෝපණයේදී ගිනි ගැනීමට ලක්විය. නිෂ්පාදනයේ සිදුවූ සුළු දෝෂයක් එයට හේතුව බව සොයාගෙන ඇත.එම නිසා නෝට් 7 සඳහා SDI බැටරි යොදා ගැනීම නවතා දැමීමටත් ඒ වෙනුවට ATL බැටරි යොදා ගැනීමටත් සමාගම තීරණය කර ඇත.
සැම්සුන්ග් SDI මුලින්ම සම්බන්ධ වූයේ ගැලැක්සි එස් 6 සඳහා බැටරි නිපදවීමට ය. මෙම සිදුවීමෙන් පසු ඔවුන්ගෙ කොටස් 2.76% කින් පහල වැ‍ටුන අතර ඩොලර් මිලියන 16ක පාඩුවක් සිදුවිය. මේ සිදුවීමෙන් සමාගමට පාඩුවක් විඳීමට සිදු වූවත් සිය නම ‍රැක ගැනීම සඳහා විකුණා ඇති සියලුම දුරකතන වල බැටරි මාරු කිරීමට සැම්සුන්ග් සමාගම තීරණය කර ඇත.

8 Comments

  1. අපිට කොහෙන්ද නෝට් සෙවන් හිටං.

    ReplyDelete
    Replies
    1. ගත්තෙ නැති එකමයි හොඳ... නැත්නම් චාජ් කරන්න ඕනි නෑ ගත්තු ගමන් ගිනි අරන්... හැක්!

      Delete
  2. තියන S2 එක දාහෙන් සම්පතයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.... ආපු ගමන් ගන්න හොඳ නෑ

      Delete
  3. Replies
    1. අම්මෝ ඔව්, යාන්තං ඒක අහවරයි

      Delete
  4. ඔකනේ අපි ලොකු ඒවා ගන්නෙ නැත්තෙ හිටං

    ReplyDelete
    Replies
    1. අපිත් හරි සරලයි ඉවාන්. කෙහෙල් කොලේ බත් කන්නෙ හිටං.. හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features