March 26, 2018

යාළුවන්ට සල්ලි යවන්න ගූගල් ඇසිස්ටන්ට්

                               ගූගල් සමාගමේ පුද්ගල සහය වැඩසටහන වෙන Google Assistant වැඩසටහන ඔස්සේ voice command භාවිත කර මුදල් හුවමාරු කරන්න පුළුවන් හැකියාව දැන් ලබා දීලා තියෙනවා. දැනට අත්හදා බැලීමක් විදිහට ඇමරිකාවේ විතරක් මේක ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට "සමන්ට රු.500 ක් යවන්න" විදිහට කිව්වොත් Google pay හරහා අදාල මුදල් යවන්න දැන් පුළුවන්.
                                           මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ගූගල් සමාගමේ සේවාවන් දෙකක් වුණු Google wallet හා Android pay යන සේවා දෙකම එකට එක් කරලා Google pay පද්ධතිය නිර්මාණය කරා. ඒ වගේම ඊළඟ මාස කීපය තුලදී මේ peer-to-peer ගෙවීම් සඳහා Google pay send ලෙස තවත් වෙනම ඇප් එකක් පැමිණේවි. මුදල් යවන්න හදන පලවෙනි සැරේම නම්, දැනටත් Google pay ගිණුමක් නැත්නම් ඒ වෙලාවෙම අලුත් ගිණුමක් හදාගන්න පුළුවන්. 

                 මුදල් යවන වෙලාවට ඇගිලි සලකුණ (Fingerprint) හරි කටහඬෙන් (Voice print) එහෙමත් නැත්නං Google password එකෙන් හරි තහවුරු කරන්න පුළුවන්. Google Home උපාංඟයටත් මේ තාක්ෂණය එක් කරන්න ඉදිරි කාලයේ සුදානම්. ඒත් ඒ ගණුදෙනු තහවුරු කරන්න (authentication) හරියටම ක්‍රමයක් නම් තාම නෑ.
                                 Google Assistant වගේම Apple siri වලත් දැනටමත් peer-to-peer payment සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ දෙකෙන් ඇපල් විශේෂ  වෙන්න හේතුව තමයි මුදලක් යවන්න Apple Pay, Venmo, හෝ Square Cash  කියන සේවාවන් කීපයක්ම තෝරාගන්න පුළුවන් වීම. ඒත් Google Assistant සහය දෙන්නේ Google pay වලට පමණයි.

March 22, 2018

NASA එකට අහසේ ෆොටෝ යවමු !

                                 වලාකුළු ගැන ලබා ගන්න චන්ද්‍රිකා දත්ත වල නිර්වද්‍ය බව තහවුරු කරගන්න කරන උදව්වක් විදිහට ඕනි කෙනෙක්ට ෆෝන් එකේ කැමරාවෙන් අහසේ ෆොටෝ අරගෙන NASA එකට යවන්න දැන් පුළුවන්.
                                   NASA හි අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් වන GLOBE (Global Learning and Observations to Benefit the Environment) යටතේ විද්‍යාව හා තාක්ෂණයට ඇල්මක් දක්වන සිසුන් දිරිමත් කිරීමත් මේ ව්‍යාපෘතියේ අරමුණක්. Langley Research Center හි Marilé Colón Robles පවසන පරිදි NASA හි ඇතිවන  අභියෝගයන්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස ලබා දෙන සහයෝගය NASA  ආයතනයට කෙතරම් වැදගත් ද යන්න පෙන්වා දීමත් මේ ව්‍යාපෘතියේ තවත් උත්සහයක් . තවද එක් ඍතුවකින් තවත් ඍතුවකට පරිසරය වෙනස් වීමේදී ඊට අනුරූපව වළාකුළු වල හැසිරීම නිරීක්ෂණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
                             මේ ව්‍යාපෘතියට එකතු  වෙන්න කැමති නම් කරන්න තියෙන්නෙ GLOBE Observer කියන app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඊට පස්සෙ ඒ ඇප් එකෙන්ම රෙජිස්ටර් වෙලා අහසේ පින්තුර අරගෙන යවන්න පුළුවන්. පින්තූර යවන්න කලින් දැනට අහසෙ තියෙන තත්වය, පොළොවේ ස්වභාවය වගේම තමන් ඉන්න තැන අක්ෂාංශ, දේශාංශ වල අගයන් එහෙමත් දත්ත විදිහට ලබා දෙන්න ඕනි. ඒ දත්ත ගන්න උදව් වෙන්න ගූගල් සිතියමක් ඇප් එකේම තියෙනවා. එක දවසකට පින්තූර 10 ක් යවන්න පුළුවන්. 
                                   CERES (Clouds and the Earth’s Radiant Energy System) කියන NASA එකෙන් පෘතුවි කක්ෂයට යවල තියෙන උපකරණයේ ඇති විවිධ සංවේදක මගින් පෘතුවිය නිරීක්ෂණය කරනු ලබනවා.කොච්චර උසස් තාක්ෂණයක් යොදාගෙන මේ උපකරණ නිර්මාණය කලත් ඒවාටත් පෘතුවියේ සමහර දත්ත ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා උපකරණයෙන් එවන දත්ත විමර්ශණය කරන්න, තහවුරු කරගන්න අපි යවන මේ දත්ත යොදා ගන්නවා. උදාහරණයක් විදිහට හිම වැටිලා තියෙන පොළවකට උඩින් වළාකුළු තිබුණොතින් ඒක පැහැදිලිව හදුනා ගන්න නොහැකියි . අන්න ඒ වගේ වෙලාවට මේ ෆොටෝ වලින්  අදාළ පරිසරයේ නියමම ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අහසෙ ෆොටෝ ගන්න වෙලාවේම අදාල චන්ද්‍රිකාවත් එක එල්ලෙහිම තියෙනවනම් ඒ ෆොටෝ වල වටිනාක වැඩියි. ඒ නිසා චන්ද්‍රිකාවේ පිහිටීමත් GLOBE Observer ඇප් එකෙන්ම ලබා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා.

March 16, 2018

අලුගසා නැගිටින ටෙක් කතා !

IT කියන්නෙ දැං හැමෝටම ඕනි වෙන විෂයක් . එත් IT වල තියෙන මූලික දේවල් හැර ඒ ගැන ගැඹුරින් ඕනෙ කෙනෙකුට තේරෙන විදිහට කියනවා කියාදෙන මූලාශ්‍ර තියෙන්නෙ කීපයක් විතරයි.
ඒ අතරින් ටෙක් කතා කියන්නෙ (techkatha.com) අපේ රටේ geek ලා අතර ජනප්‍රිය වුණ වැඩසටහනක්. මේක පෝඩ් කාස්ටින් (Pod casting) සේවයක් (බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය). ඒ කියන්නෙ සාමාන්‍ය කියවීමෙන් දැනුමක් ගැනීම වෙනුවට සංවාදයක් මගින්  දැනුම ලබා දීමක්. මේ එක් එක් වැඩසටහන ශබ්ධ ගොනුවක් (mp3,ogg) විදිහට ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුළුවන්. ඒ නිසා වෙන වැඩක් කරන ගමන් උනත් මේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන්.ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙනෙ කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ යි. ඔවුන් සියලු දෙනා තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණයන්ය. තවත් වැදගත් දෙයක් තමයි ඕනෑම කෙනෙකුට තමන්ට එදිනෙදා එන තාක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන එක. සාමාන්‍ය භාවිතයෙන් එහා ගිය තොරතුරු තාක්ෂනය එදිනෙදා ජීවිතයට සම්බන්ද කරගන්නා විදිහ ටෙක් කතා තුල සාක්ච්ඡා වෙනවා.
         තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන අය වගේම අනෙක් අයටත් එක එක විදිහෙ ටෙක් ගැටලු එන්න පුළුවන්. ඉතිං මේ හැමෝටම මේ වැඩසටහන ප්‍රයෝජනවත් වේවි.
ඕනි වැඩක් කරගෙන යනකොට හැමෝටම එක එක බාධා ඇති වෙනවා. ටෙක් කතාවටත් මේ දේම වුණා😄. ඉතිං කොහොමෙන් කොහොම හරි අවුරුදු 4 කට පස්සෙ ආයෙත් ටෙක් කතා වැඩ පටන් අරං තියෙන්නෙ. VPN, Starting in Electronics, Maps, LoRaWan ගැන කතා කරන 192 වන මේ සතියේ වැඩසටහන මෙතනින් ගිහින් දැන්ම අහල බලන්න වැඩේ කොහොමද කියලා.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.