සිංහල තේරුම එවේලේම....

       මේ කතා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක් ගැන. ඇත්තටම කිව්වොත් මේක Google Chrome වෙබ් බ්‍රව්සර් එකට එන බ්‍රව්සර් එක්ස්ටෙන්ශන් එකක්. අපි ඉන්ටනෙට් යනකොට හමුවෙන ගොඩක් වෙබ් සයිට් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේ වෙබ් සයිට් කියවන කොට තියෙන වචන වලින් සමහරක තේරුම අපි දන්නේ නැති වෙන්න පුලුවන්. එහෙමයි කියලා වැඩේ අතාරින්න පුලුවනෑ. ඩික්ෂනරියකින් මේ වචන බල බලා කියවන එකත් එපා කරපු වැඩක් නේ. මේ එක්ස්ටෙන්ශන් එක ඊට පිලියමක් වේවි..
එක්ස්ටෙන්ශන් එකේ නම තමයි Sinhala Meaning . මේක ගන්න කරන්න ඕනි පොඩි දෙයයි. මෙතන ක්ලික් කරලා එන වෙබ් පි‍ටුවෙ තියෙන Free කියන බට්න් එක ක්ලික් කරන්න.
       ඊට පස්සෙ ඒක ඩවුන්ලෝඩ් වෙයි . දැන් බ්‍රව්සර් එකෙන් Confirm New Extension කියලා පොඩි පොප් අප් වින්ඩෝ එකක් ඇවිල්ලා Add "Sinhala Meaning"? කියලා අහයි. 
       දැන් ඒකට පහලින් තියෙන ටික් එක දාල Add බට්න් එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි. ඉංග්‍රීසි වචන තියෙන වෙබ් පෙජ් එකකට ගිහින් වචනයක් ලඟින් මව්ස් පොයින්ටරය තියලා බලන්නකෝ. වැඩේ හරිනම් වචනෙ තේරුම ඊට උඩින් පෙන්නයි... ප්‍රොබ්ලම් එහෙම තිබුනොත් කොමෙන්‍ටුවක් දාන්නකෝ! මතක තියාගන්න මේක ක්‍රෝම් එකට එන එක්ස්ටෙන්ශන් එකක්..



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features