පලමු වරට ඇසේ සිවියක් 3D මුද්‍රණයෙන්

          3D ප්‍රින්ටරයකින් ශරීර අවයව මුද්‍රණය කිරීමේ තාක්ෂණයක් ගැන මීට කලින් tech සයුරෙ ලිපියක් පලවුණා.හදිසි අනතුරු හා විවිධ ආබාධ නිසා ශරීරයේ කොටස් අහිමි වූ හෝ ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයින් ගේ ශරීරාංඟ 3D තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කිරීම මෙම තාක්ෂණය ඔස්සේ  සිදුවුණා. ඉතිං විවිධ සමාගම් මිනිස් පටක මුද්‍රණය ගැන කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලක් විදිහට ඔන්න දැං මිනිස් ඇසත් 3D තාක්ෂණයෙන් මුද්‍රණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.
(L-R) Dr Steve Swioklo and Professor Che . Credit: Newcastle University, UK
             දැනට ලෝකේ මිලියන 15 ක් විතර අක්ෂි රෝග වලින් ප්‍රීඩා විඳිනවා. ඒසේ  රෝග වලින්, අනතුරු වලින් ඇසට හානි සිදුවූවන්ට  සුව කර ගන්න නම් ඇසේ ස්වච්ඡය නැත්නම් සිවිය බද්ධ කරන්න වෙනවා. එහෙම බද්ධ කරන්නත් ඒ ඇසට ගැලපෙන වෙනත් ස්වච්ඡයක් තියෙන්න ඕනි. මේ ගැන පරීක්ෂණ කරපු එක්සත් රාජධානියේ නිව්කැස්ට්ල් විශ්වවිද්‍යාලයේ (Newcastle University United Kingdom) පරීක්ෂකයන්ට විසඳුමක් ලැබිලා තියෙනවා. මේ පරීක්ෂණ සාර්ථක වුණොත් ඊළඟ අවුරුදු කීපය තුලදී කෘතිමව නිපදවපු මිලෙන් අඩු සිවියක් ලබා ගන්න පුළුවන් වෙනවා.
(L-R) Dr Steve Swioklo and Professor Che Connon with 3D printer. Credit: Newcastle University, UK
         ඇසේ සිවියක් මුද්‍රණයට අවශ්‍ය තීන්ත හදන්න ගන්නෙ නීරෝගී පුද්ගලයෙකුගෙන් ලබාගන්න සෛල , කොලජන් හා ඇල්ගී ජීවී අනු සමග මිශ්‍ර කර ලබා ගන්නා ද්‍රාවනයකිනි. ඒ තීන්ත යොදාගෙන විශේෂිත වූ 3D මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් මුද්‍රණය කරනු ලබයි.
       මේ සඳහා මූලික අවශ්‍යතා 3ක් සපුරා ගන්න ඕනි. එකක් නීරෝගී ඇසකින් ලබාගන්න සෛල සුදුසු මාධ්‍යක් තුල වගා කරන්න පුළුවන් වීම. අනෙක මේ සාදගන්න තින්ත මුද්‍රණය කරන විට ඉතා කුඩා සිදුරකින් හානියකින් තොරව ලබාගන්න පුළුවන් වීම. ඊළඟ එක මුද්‍රණය කරන සිවිය රඳවා ගන්න සුදුසු මාධ්‍යක් තෝරා ගන්න එක. දැනටමත් කාමර උෂ්ණත්වයේ සෛල තබාගන්න පරීක්ෂකයන්ට පුළුවන් වෙලා තියෙනවා. රෝගින්ගේ  ඇසේ සිවිය එකිනෙකාට වෙනස් නිසා එහි මිනුම් ලබාගන්නේ ඇසේ ලබාගන්නා පින්තූර ආශ්‍රයෙන් නිර්මාණය කරගන්නා 3D මොඩලයක් ඇසුරිණි.
         ලොව පුරා ඇසට සිදුවන හානි නිසා රෝගී වන පිරිසට සාපේක්ෂව ඇස් දන් දෙන පිරිස සීමිතය.මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් මිලියන ගණනකට නැවත පෙනීම ලබා දීමට පුළුවන් වනු  ඇත.


2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features