ඊ-මේල් පාස්වර්ඩ් අමතක වෙනවද ?

                    Facebook, Google වගේ online account තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ප්‍රශ්ණයක් කිවුවට ඇත්තටම ලොකු දුර්වලතාවයික් ගැන. ඒ තමයි password අමතක වෙන එක ගැන.
                      Facebook හරි වෙන මොකක් හරි social media account එකක් හදන සමහර අය E-mail account එකක් හදන්නේ ඒ account එක හදන්න විතරයි. ඒකට හේතුව ඒක හදන වෙලාවෙදි තව ඉස්සරහට ඒ account එකේ එකතුවෙන දත්ත වගේම ගොඩනැගෙන සම්බන්ධතා ගැන හිතන්නෙ නෑ. ෆෝන් එකෙන් ලොග් වෙලා ඉඳලා හදිසියේ ලොග් අවුට් උනාම තමයි මතක් වෙන්නේ.. "හුටා...! password එක මතක නෑනේ.." ඉතිං ඊට පස්සේ පාස්වඩ් එක රිකවරි කරන්න බලනවා. දැන් රිකවර් කරන්න ඊ-මේල් ඉල්ලනවා. ඊ-මේල් එකේ පාස්වර්ඩ් එක තියා ඊ-මේල් ඇඩ්‍රස් එකවත් මතක නැති කොට මොන රිකවරි ද? දැන් ඉතිං IT පොරක් හොයලා අහනවා "මල්ලී.. එෆ්බී හැක් කරන්න පුළුවන්ද?" කියන තරම් ලේසියිද අයියේ ඕවා.. ඒ හින්දා මේ ටික දැනගන්න..

දහයක් පහලොවක් වෙනුවට එකක්..
                        E-mail address එක ගෙදර ඇඩ්‍රස් එක තරම්ම වැදගත්. ඉතිං තමන්ගේම කියලා එක ඊ-මේල්  එකවුන්ට් එකක් තියා ගන්න ඕනි. ඒක හරියට ස්ථිර ලිපිනයක ජීවත් වෙනවා වගේ. ලියුම් ලබාගන්න, විවිධ සේවා ලබා ගන්න ලේසියි. මාසෙන්, මාසෙ එක එක ගෙවල් වල ඉන්න ගියාම ඇඩ්‍රස් ගොඩයි. හරි හමන් ඊ-මේල් එකක් නැතුව අටෝරසියක් ඊ-මේල් තියෙන කොටත් ඒවගෙයි. කොයි එකෙන් රෙජිස්ටර් උනාද කියලා මතක නෑ. ඒත් විශේෂ වැඩ වලට වෙන වෙනම තිබුණට කමක් නෑ. වැදගත් වෙන්නෙ පාස්වර්ඩ් මතක තියා ගන්න එක.

අමතක වුණොත් recovery කරන්න..
                       කොච්චර කොහොම කිව්වත් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ගොඩක් වෙලාවට පාස්වර්ඩ් අමතක වෙන එක වෙන්න පුළුවන්. ඒකට පෙර සූදානමක් විදිහට තමයි ඔන්ලයින් එකවුන්ට් හදනකොට ඒක අයිති කෙනාගෙ ෆෝන් එකේ අංකයක් තව විකල්ප ඊ-මේල් (alternate email address) එකක් ඉල්ලන්නේ. එතනදී දැන් හදන ඊ-මේල් එක කලාතුරකින් පාවිච්චි කරන එකක් නම් මේ විකල්ප ඊ-මේල් එක විදිහට නිතරම පාවිච්චිවෙන ඊ-මේල් ඇඩ්‍රස් එක දෙන්න ඕනි. පාස්වර්ඩ් එක අමතක වුණ වෙලාවට මෙන්න මේ දෙකෙන් එකක් යොදාගෙන පාස්වර්ඩ් එක reset කරගන්න පුළුවන්. 
                               තව ප්‍රශ්ණයක් තමයි වෙන රටක ඉඳලා ආයෙත් ලංකාවට ආවම ඒ රටේ ෆෝන් එකෙන් පාස්වර්ඩ් රී සෙට් කරන්න බැරිවෙන එක. මොකද Password Reset කරන්න ෆෝන් එක ලඟ නෑනේ.ඒ නිසා රට මාරු වුණ ගමන් ෆෝන් නම්බර් එක අලුත් කරලා ඒක Verify කර ගන්න.

අමතක වෙනවට Password Manager

                           පාස්වර්ඩ් අමතක වෙනවා කියලා 123456 වගේ ලේසියෙන්ම හිතාගන්න පුළුවන් පාස්වර්ඩ් දාන එක නම් ලොකු මෝඩ කමක්. ඒ නිසා පාස්වර්ඩ් එකක් හදන කොට අකුරු, ඉලක්කම්, විශේෂ සංඛේත එකතු කරලා හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්න ඕනි. මොනයම් හෝ Online Account එකක තියෙන සෑම දත්තයකම ප්‍රධාන ආරක්ෂාව රැඳිලා තියෙන්නෙ මේ  password එක මතයි. හිතලා හදාගන්න අමාරුයි නම් නොමිලේම හොඳ ශක්තිමත් password හදලා දෙන web site දැන් තියෙනවා. https://passwordsgenerator.net/ කියන්නේ ඒ වගේ සයිට් එකක්.
                               මේ විදිහට හොඳ පාස්වර්ඩ් එකක් දාලා ආයෙ ඒක අමතක වෙනවට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ තමයි password එක මතක තියාගන්න එක Password Manager software එකකට බාර දෙන එක. එතකොට එක Master password එකක් මතක තියාගන්න එක විතරයි කරන්න ඕනි. අනෙක් ගිණුම් වලට ඕනි කරන password මතක තියාගෙන ඒවා ආයෙ login වෙන වෙලාවට autofill කරන්න මේවට පුළුවන්. සාමාන්‍යයෙන් web browser එකෙත් password save කරන්න පුළුවන් වුණත් ඒක එතරම් ආරක්ෂාකාරී නෑ. Zoho VaultDashlaneLastPass වගේ විශ්වාසය තියන්න පුළුවන් Password Manager කීපයක් තියෙනවා. ඒත් සමහරක් මුදල් ගෙවලා ගන්න ඕනි ඒවා. ඒ අතරින් LastPass වල නොමිලේ දෙන varsion එක අනෙක් ඒවට වඩා වටිනවා. දැනට තියෙන password එක මතක තියාගන්නවා වගේම ඒක දුර්වල එකක් නම් ශක්තිමත් password එකක් හදාගන්නත් LastPass උදවු කරනවා.

24 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. යකෝ මේකට කොමෙන්ට් කරන්න ජීමේල් පාස්වර්ඩ් එක මතක නෑනෙ හිටං.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ඡන්ද ප්‍රථිඵලයක්... හැක්!

      Delete
    2. පාස්වර්ඩ් එක මතක විදිහට මෙතන ටයිප් කරන්න අයියේ. හරිද කියලා බලන්න..

      Delete
    3. මයික් එකක් චෙක් කලාවත් ද?
      හැක්!

      Delete
  2. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් අපේ කස්ටිය ෆෝන් එකට එක ගානෙ ඊ-මේල් ඇඩ්‍රස් හදනව පරණ එක අමතක නිසා ;)

    ReplyDelete
    Replies
    1. එකෙන්ම කණ්ඩයියේ ඒ පුරුදු අරවන්න අමාරුයි..

      Delete
  3. password වෙනස් කිරීම කරදරයක්. මගේ සේවා අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මාස තුනකට සැරයක් අලුත් කරන්න වෙනවා. පරණ ඒවා use කරන්නත් බැහැ. අංක මදිවට ලකුණකුත් ඕනේ. මම බේතක් හොයාගත්තා. අකුරු හා ලකුණ වෙනස් කරන්නේ නැහැ. ඉලක්කම අවුරුද්දේ මාසේ අනුව වෙනස් කරනවා.

    ReplyDelete
    Replies
    1. ආන්න හරි.. කොහොමත් password එක කාලයක් ගියාම මාරු කරන එක තමයි හොඳම දේ...

      Delete
  4. ගොඩාක්ම වැදගත් ලිපියක් 👍

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නාමමාත්‍ර ලේඛකයා!

      Delete
Previous Post Next Post

Recent Post

Features