November 27, 2018

පෙති නැති ගුවන් යානා

                                    ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ  හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ විදිහට ඉන්ධන වලින් හරි, බැටරි වලින් හරි ක්‍රියාත්මක වෙන අවරපෙති වලින් නැත්නම් ෆෑන් වලින් ගන්න සුළඟේ පීඩන බලයෙන් තමයි ගුවන් යානය ගමන් කලේ.
                                          ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (MIT - Massachusetts Institute of Technology) ඉංජිනේරු කණ්ඩායමක් ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සැලසුම් කරපු ගුවන් යානයේ එන්ජිමක් හරි වෙනින් කිසිම සෙලවෙන කොටසක් ඇතුලත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුවන් යානයට අවශ්‍ය බලය ලබාගන්නේ අයනික වාතය (ionic wind) මගිනුයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිශ්ෂබ්ධයි. ඒ වගේම ඇන්ජින් වගේ සංකීර්ණ උපාංග නැති නිසා ගොඩක් සරල වගේම ඉතා සැහැල්ලුයි.
                                            MIT හි ගගන විදයාව ගැන මහාචාර්‍යය කෙනෙක් වෙන ස්ටීවන් බැරට් කියන විදිහට ඔහුට මේ අදහස ඇවිත් තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධයක් වුණු Star Trek කතා මාලාවේ තිබූ යානා මගිනුයි. බැරට් මේ ගැන පරීක්ශණ කරන්න පටන් ගෙන තිබුණේ මීට අවුරුදු 9 කට විතර කලින් ඉඳලයි. කිසිම චලනය වන කොටසක් නැතිව ගුවන් යානයකට අවශ්‍ය ප්‍රචාලන ශක්තිය ලබාදෙන ක්‍රමයක් ගැන සොයමින් සිටියා. ඒ වෙලාවෙදි 1920 දී සොයාගත්ත භෞතික විද්‍යා මූලධර්මයක් වෙන ionic wind නැත්නම් electroaerodynamic thrust (ගතික විද්යුත් තෙරපුම?) මේ පරීක්ෂණයට යොදාගන්න පටන්ගත්තේ. සරල විදිහට කිවුවොත් සිහින් දිගැති එකක් අනෙකට වඩා කුඩා ඉලෙක්ට්‍රෝඩ දෙකකට අවශ්‍ය විදුලිය සැපයුවාට පස්සෙ ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා ගමන් ගන්නා වාතය උපයෝගී කරගෙන ගුවන් යානයට අවශ්‍ය තෙරපුම් බලය ලබා ගන්න පුළුවන්.
                        වසර ගණනාවක් මේ තාක්ෂණය උපයෝගී කර ගත්තේ කුඩා විනෝදාත්මක උපකරණ සෑදීමටයි. නමුත් මගීන් ගෙන යන තරමේ විශාල ගුවන් යානා ගමන් කරවීමට තරම් බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඉතිං මේ තාක්ෂණය ඒ වගේ හැකියාවක් තියෙන තත්වයට ගේන්න ලොකු මහන්සියක් වෙන්න බැරට් ඇතුලු කණ්ඩායමට සිදුවුණා. ඒ වගේම මේ වෙනුවෙන්  කිලෝවොට් සිය දහස් ගණනක බලයක් උවමනා වෙනවා. ඒ නිසා ඒ බලය ලබාගන්න බැටරි හෝ සූර්‍ය කෝෂ පද්ධති යොදා ගන්න වෙනවා.
                                මේ ගැන කරපු පරීක්ෂණ උපයෝගී කරගෙන රාත්තල් 5 ක් පමණ බර මීටර් 5 ක් පමණ දිග තටු යුගලක් තියෙන ග්ලයිඩරයක් හදලා තියෙනවා. මේ ග්ලයිඩරයේ ඉදිරිපස තටු අතර සිහින් කම්බි පෙලක් තියෙනවා. ඒක වැඩ කරන්නෙ ධන ඉලෙක්ට්‍රෝඩය විදිහටයි. ඍණ අග්‍රය විදිහට වැඩ කරන්න පිටුපස තටුවේ තරමක් ඝණකම ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. බලය ලබා ගන්න ඕනි වෙන ලිතියම්-පොලිමර් බැටරි අසුරලා තියෙන්නෙ ගුවන් යානයේ රාමුවේ. මේ ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයට අධි වෝල්ටීයතාවක් ඕනි වෙන නිසා බැටරි වල බලය අධි වෝල්ටීයතාවකට පරිවර්තනය කරන්න අවශ්‍ය සැහැල්ලු උපාංගය සෑදුවේ ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ විද්‍යාගාරයේ මහාචාර්‍ය ඩේවිඩ් පෙරොල්ට්ස් විසිනුයි. ඒ පරිවර්තකයෙන් බැටරියේ බලය වෝල්ට් 40,000 ක ආරෝපණයක් ඇතිකරන්න හැකියාව තියෙනවා.
                                 වයර් වලට බලය ලබා දුන්නාට පස්සේ වාතයේ තියෙන ඍණ ආරෝපිත වා අණු වේගයෙන් තල්ලු කර දැමීමේ හැකියාව ලැබෙනවා. ඉදිරිපසින් අයනීකරණය වුණු වා අණු පසුපස තියෙන ඉලෙක්ට්‍රෝඩයෙන් ඇදගනු ලබනවා. මේ ආකාරයෙන් වේගයෙන් ගමන්කරන වා අණු නිසා ගුවන් යානයට ඉදිරියට යන්න බලය ලැබෙනවා. පරීක්ෂණය කරපු ග්ලයිඩරයට මීටර් 60 ක දුරක් (පරික්ෂණය කරපු ගොඩනැගිල්ලේ උපරිම දුර) ඉතා පහසුවෙන් ගමන්කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට කරපු පරික්ෂණ වාර 10 ම සාර්ථක වෙලා තියෙනවා. 
                                        මේ පරික්ෂණ යොදාගෙන විශාල ගුවන් යානා නිෂ්පාදනය කරනවා නම් ඒවාට විශාල ඉලෙක්ට්‍රෝඩ වගේම බලසැපයුම් පද්ධති සැකසිය යුතු වෙනවා. ඒ වගේම භෞතික විද්‍යා මූලධර්ම ගැන, ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි වෙනවා.මේ නිසා ප්‍රායෝගික විදිහට විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් එළිදැකීමට තව බොහෝ කාලයක් ගතවේවි.

8 comments :

  1. මෙය තවම ඉතාමත් මුල් පර්යේෂන අවදියේ තියන දෙයක්. සමහර විට අවශ්‍ය තරම් බලය සැපයිය හැකි විදිහක් හමු වුනොත් සැහැල්ලු UAV වැනි දේට යොදා ගැනීමට ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. අනිවා කණ්ඩයියේ.. අනාගතයට ගැලපෙන සුපිරි තාක්ෂණයක්. UAV වලටනම් හොඳටම ගැලපෙනවා...

      Delete
  2. මුල දී රයිට් සහෝදරයන්ට හිනා වුනා වගේ මේ අවස්තාවෙ නම් කිසි කෙනෙකු හිනාවන එකක් නෑ. ඉතා වටනා පර්යේෂණයක් වගේම ඔබේ මේ සිංහල ලිපිය ද අගනා මෙහෙවරක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරිය ගැන හිතලා කරපු හොඳ පරීක්ෂණයක්. MIT වල කරපු ගොඩක් මේ වගේ පරීක්ෂණ ලෝකයේ දැන් ගොඩක් භාවිතා වෙනවා.

      Delete
  3. ඔය ජාතියේ ගුවන් යානයක නැගලා යන්න ඉක්මනින්ම හැකිවේවා.

    ReplyDelete
  4. ඔය වගේ එකක ගිහිල්ල බෙල්ල කඩාගන්න ආසාවක් තාමනං මගේ හිතේ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. පරණ ඒවටමයි මේ අයියා කැමති..
      හැක්!

      Delete

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.