හුවාවි සමාගමට ගූගල් සහය නවතා දමයි!

                     ඇමරිකාව විසින් හුවාවි සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයක් අසාදු ලේඛනගත (Black List) කිරීමත් සමග ගූගල් සමාගම විසින් ද හුවාවි සමග කරන ගණුදෙනු හා ලබා දෙන සහයෝගය නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
                දුරකථන ලෝකයේ නම් දරා සිටින ප්‍රකට සමාගමක් වන හුවාවි සමාගමට සිදුවූ දරුණු පහරක් විදිහට මේ ආකාරයෙන් ගූගල් සමාගම විසින් සිය සේවාවන් නවතා දැමීම බලපා තිබෙනවා. ඒ අනුව ඉදිරියට නිකුත්වන හුවාවි දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් නොවනු ඇති. ඇමරිකාව මෙසේ අසාදු ලේඛන ගත කර ඇති නිසා මින් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව කිසිඳු හුවාවි උපාංඟයක් හෝ කොටසක් එරටට ගෙන්වීම එහි සමාගම් වලට තහනම් වේ.
         මේ තහනමත් සමග හුවාවි සමාගම හට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් ලබා ගැනීම මෙන්ම ඉදිරි දුරකතන සඳහා භාවිත කිරීම, ගූගල් ප්ලේ (Google Play) වලින් ලබා දෙන ජීමේල්, ක්‍රෝම්, යූ ටියුබ් වැනි ඇප් ද භාවිතා කිරීමට නොහැකි වේ. එහෙත් දැනට භාවිතාවේ ඇති හුවාවි දුරකතන සඳහා මෙය බල පාන්නෙ නැති බව ගූගල් සමාගමද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තවමත් ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එක යටතේ එයට පිවිසීමට හැකියාව ඇතත් ගූගල් ප්ලේ සේවාව නොමැතිව එයින්ද පලක් නොවේ.
         මෙසේ ගූගල් සේවා තහනම් වන බවට කලින්ම ඉගි ලැබී තිබුණ බැවින් හුවාවි සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම මීට කලින්ම පටන් ගෙන තිබුණි. මින් ඉදිරියට බොහෝවිට එය සමග ඉදිරි දුරකථන පැමිණෙනු ඇත. එහෙත් අනෙක් දුරකතන සමග සම්බන්ධ කිරීමේ ගැටලු වැනි ඉන් ඇතිවෙන අතුරු ප්‍රතිඵල ගැන තවමත් අවිනිශ්චිතය.
             කොහොම වුනත් ගූගල් සමාගම විසින් මෙසේ සිය සේවාවන් නවතා දැමූ එකම සමාගම හුවාවි පමණක් නොවේ. චීනයේම ZTE සමාගමද මීට පෙර මෙම වාරණයට ලක්වූ සමාගමකි. එසේම සැම්සුන් සමාගමද ටයිසන් නමින් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් තැනීම දැනටමත් අරඹා ඇත.

Update (2019/05/25):
         මේ අතර ඇමරිකාවේම සමාගමක් වන SD Association (SDA) ආයතනය ද හුවාවි සමාගම සමග තිබූ සබඳතා නවතා දැමුවා.
                                         SD Association යනු SD හා microSD card සඳහා වගකීම දරන හා එය ප්‍රමිතිගතකරන ආයතනයයි. SDA විසින් මෙසේ සබඳතා නැවැත්වීමත් සමග හුවාවි සමාගමට මින් ඉදිරියට SDA සන්නාමය භාවිතා කිරීමත්, එම උපාංග වල ප්‍රමිතිය සැකසීමත් නැතිවී යනවා. නමුත් මේ තීරණය දැනට මිලදී ගෙන ඇති සහ වෙළඳපොලේ පවතින කිසිඳු හුවාවි උපාංඟයකට මේ නිසා බලපෑමක් සිදු නොවේ.
                             SD හෝ microSD card වෙනුවට ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ Nano Memory Card දැනටමත් හුවාවි සමාගම නිපදවන නිසා බොහෝ විට ඉදිරියට එන උපාංඟ වලටද NM Cards යොදා ගැනීමට හුවාවි සමාගම ක්‍රියා කරාවි. මේ memory card එක මගින් සිම් දෙකක් සමග microSD card බාවිතා කිරීමට නොහැකි වීම නැති වී යනවා .මේ යන ලෙස ගිය හොත් හුවාවි සමාගමට සිය රටේම සොයා ගන්නා තාක්ෂණයෙන්ම පමණක් දුරකතන නිපදවීමට සිදුවනු ඇත. ඇමරිකාව හා චීනය අතර ලෝක බලවතුන් වීමේ සීතල යුද්ධයේ ප්‍රථිඵලයක් ලෙස මෙසේ ලොව පුරා නමක් දරා සිටි අනර්ග සමාගමක් මෙසේ දැඩි අර්බුදයකට ලක්ව ඇත.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අනෙහ්.. අපි ගාව ඔය හු ආ වී පෝන් නැහැනෙ.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features