අලුත් Raspberry Pi 4 !

                   Raspberry Pi Foundation විසින් සිය නවතම Raspberry Pi 4 උපාංගය හඳුන්වාදෙනු ලැබුවා. මෙය කලින් තිබූ Raspberry Pi 3 ට වඩා වැඩි දියුණු කල උපාංඟ ඇතුලත් කර වඩා බලසම්පන්න ලෙස නිර්මාණය කර තිබෙනවා.
                     Raspberry Pi 4 පරිගණකය 4GB  RAM එකක්, වේගවත් CPU එකක් හා GPU එකක්, Dual-band Wi-Fi,  HDMI output දෙකක් හා USB 3.0 දෙකකින් සමන්විතයි. මේ සියලු දේ සමග Raspberry Pi 4 උපාංගය $35 පමණ වෙන නිසා මෙය සාමන්‍ය desktop පරිගණකයක් ගන්නවාට වඩා ලාබදායි ද වෙනවා. එසේ වීමට හේතුව මෙය එදිනෙදා වැඩ කටයුතු කරන desktop පරිගණකයක් තරම්ම බලසම්පන්න වීමයි. ඒ අනුව එකවර Chrome web browser එකේ ටැබ් 15 ක් පමණ විවෘත කර වැඩ කර කිරීමට තරම් බලසම්පන්න බවක් මේ උපාංගයේ තිබෙනවා. ඒ සමග 4K වීඩියෝ වලටද නව Raspberry Pi 4 උපාංගය සහය දක්වන නිසා හොඳ විඩියෝ output එකක් ලබා ගැනීමට හැකියි.
පහත දැක්වෙන්නේ Raspberry Pi 4B හා Raspberry Pi 3 B+ උපාංගයේ දෘඩාංග විස්තරයි.

SpecRaspberry Pi 4 BRaspberry Pi 3 B+
CPU1.5-GHz, Quad-Core Broadcom BCM2711B0 (Cortex A-72)1.4-GHz, Quad Core Broadcom BCM2837B0  (Cortex A-53)
RAM1 - 4GB DDR41GB DDR2
GPU400 MHz VideoCore IV 500 MHz VideoCore VI
Video Outdual micro HDMI portssingle HDMI port
Max resolution4K 60 Hz + 1080p or 2x 4K 30 Hz2560 x 1600
USB Ports2x USB 3.0 / 2x USB 2.04x USB 2.0
Wired NetworkingGigabit Ethernet330 Mbps Ethernet
Wireless802.11ac (2.4 / 5 GHz), Bluetooth 5.0802.11ac (2.4 / 5 GHz), Bluetooth 4.1
Charging PortUSB Type-Cmicro USB
Power Requirement3A, 5V2.5A, 5V
Size3.5 x 2.3 x 0.76 inches (88 x 58 x 19.5mm)3.2 x 2.2 x 0.76 inches (82 x 56 x 19.5mm)
Weight0.1 pounds (46 grams)0.11 pounds (50 grams)

                             කෙසේ නමුත් මෙහි තවමත් අලුත් රාස්බියන් මෙහෙයුම් පද්ධතියේ ඇතැම් විශේෂාංග තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවෙන බවයි පැවසෙන්නේ. එය ඉදිරි සංස්කරණ වලදී නිවැරදි කර එවනු ඇති.  මෙහි දෘඩාංග ගැන වැඩි තොරතුරු tomshardware.com වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පුලුවන්.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features