කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙන ඇමරිකාවෙ මිසයිල

                                                        කෘතිම බුද්ධිය එහෙම නැත්නම් A.I තාක්ෂණය මගින් ක්‍රියාත්මක මෙවලම් මගින් අපි දැන් බොහෝ පහසුකම් අත්විඳිනවා. ඒත් ඒ හැමදේම බොහොම සාමකාමී ඒවා. ඒත් මේ තාක්ෂණය යුධ උපකරණ වලට ලැබුනෝතින්?
popularmechanics.com
                                  ඇමරිකාවේ යුධ හමුදාව තම මිසයිල පද්ධතියට A.I තාක්ෂණය සම්බන්ධ කිරීමට සැරසෙනවා. එමගින් ඔවුන් අපේක්ශා කරන්නේ මිනිස් මැදිහත් වීමකින් තොරව ඉලක්ක ලබා ගැනීමේ හැකියාව එම ආයුධ වලට ලබා දීමයි. දැනටමත් යොදාගන්නා අධෝරක්ත කිරණ සංවේදක මගින් උපරිම දුර මීටර් 200 කට සීමා වේ. C-DAEM (Cannon-Delivered Area Effects Munition) ලෙස හඳුන්වන තාක්ෂණය දියුණුවක් ලෙස ඉන් ඔබ්බට ඇති ඉලක්ක ලබා ගැනීම අරමුණයි. ප්‍රධාන වශයෙන් මෙමගින් සන්නාහ සන්නද්ද රථ හා අවිනිශ්චිත ඉලක්ක ලබා ගැනීම අරමුණයි. වසර 2021 වනවිට මෙහි මූලික සැකසුමක් නිර්මාණය කර එළිදැක්වීම ඔවුන් අපේක්ෂා කර තිබේ.
                                     මේ තාක්ෂණය, මිනිසෙකු විසින් ලකුණු කරනා ලේසර් ඉලක්ක වලට වඩා නිවැරදි බවකින් යුක්ත වන අතර සතුරන් හා සාමාන්‍ය වැසියන් සිටිනා ස්ථානයකින් සාමාන්‍ය වැසියන් හා සතුරන් වෙන් කර හඳුනාගෙන සතුරන්ට පමණක් පහර දීමේ හැකියාව මෙයට පවතී.
                                        මෙය සාර්ථක වුවහොත් දිගු  දැනට පවතින පරාසයක ඉලක්ක වෙත එක දිගට ප්‍රහාර එල්ල කිරීමට යොදාගනු ලබන cluster warheads (පොකුරු යුධ අවි ??) වෙනුවට යොදාගනු ඇත.
                                             මෙම තාක්ෂණය නිෂ්චිතවම යුද බිම් වලට අනුගතකරන දිනයක් තවමත් ප්‍රකාශ කර නැත. මෙය කෘතිම බුද්ධියේ දියුණුවත් සමග එහි පවතින විශ්වාසනීය බව හා නිවැරදි බව ගැන ඇති විශ්වාසය පිළිබඳ මනා උදාහරණයකි. කෙසේ වුවත්  කෘතිම බුද්ධිය යුධ උපකරණ වලට යොදා ගැනීම දෙවරක් සිතිය යුතු කරුණකි. මන්ද මෙවැනි තාක්ෂණයක් සතුරන් අතට පත්වුවහොත් සිදුවන්නේ නොසිතූ විපතකි.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ටෙකාට බැරිවයිද මෙහෙම අවියක් හදන්න.

    ReplyDelete
    Replies
    1. අපි හැදුවොත් තනකොල කපන්න කියලා බේරෙන්න පුළුවන් වෙයිද අයියා... හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features