November 15, 2019

ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දැමීම

                            හෙට දිනයේදී නව ජනාධිපති වරයෙක් පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒත් මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 20 කට වැඩි තරම් නොසිතූ ගණනක් එක්වන නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ පටන් මෙවර වියදම දෙගුණ තෙගුණ වී ගොස් ඇත.
              මෙලෙස ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය පැවැත්විය නොහැකිද? මේ ලිපිය එවැනි ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රම කිහිපයක් ගැනයි.

ලොව භාවිතා වන ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රම

             ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රම ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා.
  • Optical scanning
  • Direct recording
  • Vote over internet

Optical Scan Voting ක්‍රමය
researchgate.net
                  පැරණිම හා බහුලව භාවිතා වන ක්‍රමයයි. මෙය තරමක් සාම්ප්‍රදායික ක්‍රමයට ද සමානයි. මෙහිදී සිදුවන්නෙ ඡන්දය ප්‍රකාශ කරන්නා පත්‍රිකාවේ අදාල අපේක්ෂකයා ලකුණු කර යන්ත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු එය යන්ත්‍රය මගින් හඳුනා ගනු ලබයි. එම සලකුණු හඳුනා ගැනීමට optical sensor එම යන්ත්‍ර තුල ඇති අතර එමගින් හඳුනා ගෙන ඡන්ද ගණනය කිරීම සිදුකරනු ලබයි. කැනඩාව, ඇමරිකාව, පිලිපීනය, දකුණු කොරියාව මේ ක්‍රමය භාවිතා කරයි.

Direct recording (DRE) ක්‍රමය
verifiedvoting.org
                 මේ ක්‍රමයේදී කඩදාසි භාවිතා නොකරයි. ඒ වෙනුවට ස්පරෂ තිර, බොත්තම් හෝ යතුරු පුවරු භාවිතා කරනු ලබයි. ඡන්ද දායකයින් ප්‍රකාශ කරන ඡන්ද යන්ත්‍රය තුලම ගබඩා කර තබනු ලබයි. ඇතැම් යන්ත්‍ර වල පමණක් විශ්වාසය තහවුරු කිරීම සඳහා ඡන්දය ලකුණු කල ආකාරය පෙන්වීමට එක් පත්‍රිකාවක් යොදා ගනියි.

Vote over internet ක්‍රමය
iheartradio.ca
                අඩුවෙන්ම භාවිතා වන ක්‍රමය මෙයයි. මෙහිදී ඡන්ද දායකයින් හට අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත. මේ ක්‍රමය නිසා භෞතිකව පවත්වන ඡන්ද පොලවල් නවතා දැමිය හැක. ඒ වෙනුවට නිවසේ සිට දුරකථනයක් හෝ පරිගණකයක් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කල හැක. මේ ක්‍රමය එස්තෝනියාවේ ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් විශ්වාස රහිත තත්වයන් නිසා මෙය තවමත් බොහෝ රටවල පරීක්ෂණ මට්ටමේ පවතී.
            ඉන්දියාව, ආජන්ටිනාව, කැනඩාව වැනි බොහෝ රටවල් මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිතා කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය නිසා මිනිස් ශ්‍රමය, කාලය හා මුදල් අවම කර මැතිවරණ පැවැත්විය හැකි වීම, බොහෝ රටවල් යොමුවීමට හේතුවයි. ගණන් කිරීමට මෙන්ම තහවුරු කිරීමට ද ඉතා කෙටි කාලයක් හා ශ්‍රමයක් වැයවීම ලොකු වාසියකි. නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම නිසා අක්‍රමිකතා සිදුවිය හැකිය යන අදහස නිසා තවමත් පැරණි ක්‍රම මගින් අපේ රට මෙන්ම බොහෝ රටවල් මැතිවරණ පවත්වනු ලබයි.

11 comments :

  1. ඕකෙ හොර ඡන්ද දැන්න බැයිද?

    ReplyDelete
    Replies
    1. Over Internet Voting වලදි නම් වෙන්න පුළුවන්. අනිත් ඒවා නම් එච්චරම අනාරක්ෂිත නොවුනත් විශ්වාසනීය බව අඩු හින්දා තමයි තවම භාවිතය එච්චර ප්‍රචලිත නැත්තෙ

      Delete
  2. අපේ අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කැරි කෑ මුත්තා හුටා වැරදුනා කිරි කෑ මුත්තා කාලේ ඉදන් කරන් ආපු කරමය වෙනස් කරන්න බෑ වෙනස් කරන්නෙත් නෑ බොලව් .

    ලස්සන ඇන්ටි පොඩ්ඩක් උඹේ අයිඩින්ටිය උඩ යට පෙරලලා මහ හයියෙන් මුලු ශාලාවට ඇහෙන්න කුල මල ගෑවිච්චි වාසගමේ ඉදලා සම්පුර්ණ නම කියනවා. තව නංගි පොඩ්ඩක් එයාගේ සුසිනිදු අතින් අල්ලලා අපේ ඇගිල්ලක මාසයක් හමාරක් යන්නැති තින්ත ගාලා දෙනවා. ඊට පස්සේ දෙන චන්ද කොලේ අරන් ගිහින් අර කාඩ්බෝඩ් කෑල්ලට මුවා වෙලා හංසයාද පොහොට්ටුවද මිහරකාද පැරචුට් එකද බලලා එයින් එකකට පත සයිස් කතිරයක් ගහලා පන්සලේ පිංකැටය වාගේ තියෙන පෙට්ටියට එබිල්ල කොච්චර ආතල්ද?

    ටෙක් මලයෝ උඹ කසාද බැදලා උඹේ දරැවෝත් චන්දේ දාන කාලෙකදිවත් ඔය කියනා අලුත් ක්‍රම වලින් එකක් හරි වෙන අලුත් ක්‍රමයක් හරි මෙහේ පාවිච්චිකරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අසංග අයියේ +++++++

      Delete
  3. හැබෑට ඔක කොයිතරං නාස්තියක්ද... රජයේ නිධාරිම මහ රොත්තක් දාගෙන, මාසෙකට විතර කලිං ඉඳන් පුහුණු පංති දාගෙන... ගවන්මන්ට් ප්‍රෙස් එකේ උන්ට මහ පොළොව නූහුලන තරං ඕටී ගෙවාගෙන... (ජනාධිපතිවරණෙනං ඒ කඩදාසිය එංගලන්තෙ ක්‍රවුන් ඒජන්තගෙන් ගෙන්නන්නෙ) මහා වියදමක් කරගෙන ඔය එකදාස් අටසිය ගණංවල තාක්ෂණෙං ඡන්ද කොරනවට වඩා හොඳයි ඔයවගේ ඉලෙක්ට්‍රොනික ක්‍රමේකට යන එක.

    හොර කරන එක ගැන කියනවනං ඉතිං හරියට මේ කඩදාසියෙ කොරන ඡන්දෙ හොරට දාන් නැතුව වගේ කතාව. කවුන්ටිං සෙන්ටර් එකෙන් ප්‍රතිඵලේ කොළඹට ෆැක්ස් කරන්නෙ. ආයෙ ඒක හැක් කරන්ඩ බැරුවයැ...

    හොර ඡන්ද දාන්ඩ මැරයො කඩං පැන්නහම ඡන්ද පොළ නිලධාරීන්ට කියල තියෙන්නෙ, ඕනෙ එකක් කරගන්ඩ ඇරලා වාර්තා කරන්ඩය කියල. එතකොට ඒ ඡන්ද පොළේ ඡන්දෙ ආයෙම පාරක් තියන්ඩ වෙනව. එතකොට වියදම ඩබල්. තව සමහර තැං වල ඡන්ද කොළ මිටි ගණං දාල ගිහිං තිබුණෙ...

    අලුත් දේට කැමති නැති නාකි හුටං හණමිටි කාරයො යි, ඕටී එකට බටා එකට කෙළවෙනවට අකමැති රජයෙ නිලධාරියි ඉන්න තාක්කල් ඔය ඉලෙක්ට්‍රොනික් ක්‍රමය ගේන්න අමාරුයි. ඒකට කරන්ඩ තියෙන්නෙ තොපි ඕනෙ එකක් කරගනිව් කියල තද තීරණ ගන්ඩ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ හිඩැස් වහන්නෑ.. මොකද එතකොට වදින කෝටා පාර නැතිවෙනවනේ...

      Delete
  4. හොර කරන්න බැරිද එකම විධිහකින් වත් විහිලුවට වත්

    ReplyDelete
    Replies
    1. කොහොම ආවත් තාක්ෂණය අවිශ්වාසයි ලු නේ අයියේ

      Delete
  5. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලදී ප්‍රභව කේත ලෙස ඇති මෘදුකාංග කොම්පයිල් කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒ භාෂාවට අදාල කම්පයිලර් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනි.

      Delete
    2. ඒක නෙමෙයි බං.
      ලිනක්ස්වල තියෙන්නේ .tar.gz නමින් කියෙන ෆයිල් වර්ගයක්.
      ඒක විහිදුවලා
      make
      install
      වැනි විධාන දාලා කොම්පයිල් කරන්නේ.
      මටනම් ගොඩක් වෙලාවට ඔ්ක හරිගියේ නෑ.

      මම අහන්නේ වින්ඩෝස්වල ඔ්ක කරන්නේ කොහොමද?

      Delete

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.