March 27, 2021

5G තාක්ෂණය ගැන දැනගමු

                               ඉන්ටනෙට් භාවිතය වැඩි වීමත් එක්ක mobile broadband තාක්ෂණයන් වන 3G, 4G වගේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයන් ප්‍රචලිත උනා. 5G කියන්නෙ ඒ තාක්ෂණයේ අලුත්ම සංස්කරණය නැත්නම් පරම්පරාවයි. තවම ලෝකය පුරා වැඩිපුර පැතිරී නැතත් මේ තාක්ෂණය ලෝකයට ඉදරිපත් කර දැන් දශකයකට ආසන්න වනවා. මේ ලිපිය ඒ 5G තාක්ෂණය ගැනයි.

මොකක් ද මේ 5G තාක්ෂණය

                        5G තාක්ෂණය ගැන විස්තර කිරීමට පෙර, ඒ ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉඳිමු. සරලවම 5G කියන්නෙ 5th generation of mobile broadband කියන එක. මේ තාක්ෂණය යොදාගැනීම පටන් ගත්තේ 2019 පමණ උවත් එයට අදාල ප්‍රමිතීන් (standards) එළිදැක්වූයේ වසර 2016 දී යි.දැනට ජනප්‍රිය 4G තාක්ෂණයට වඩා වැඩි Upload, Download වේගයක් වගේම උපාංග අතර සන්නිවේදනයට ගතවන කාලය (Latency) ඉතා අඩුවේ.

                        එසේම 5G ජාලයට සම්බන්ධ කුළුනකින් සේවාව ලබා දිය හැකි සබඳතා ප්‍රමාණය (connections per tower) වැඩිවනවා සේම ඒ සෑම සබඳතාවකටම වැඩි වේගයක් සහිතව සන්නිවේදනය කල හැකියාව ඇත. එසේම 5G තාක්ෂණයේදී පුළුල් පරාසයක රේඩියෝ තරංඟ ආයාමයක් භාවිතාවේ . එනම් ultra-high mmWave (millimeter-wave) band භාවිතාව නිසා පුලුල් පරාසයක් ඔස්සේ සන්නිවේදන කටයුතු කල හැකිවේ. 5G තාක්ෂණය මෙසේ වෙනම සංඛ්‍යාත පරාසයක් හා පද්ධති යොදා ගන්නා නිසා දැනට ඇති 4G උපාංඟ මේ සඳහා භාවිතා කල නොහැකි වේ.

📡 5G තාක්ෂණය වැඩ කරන්නෙ කොහොමද?


                      දැනට තිබෙන 4G තාක්ෂණයේ 4G LTE (Long Term Evolution) මෙන් නොව නව 5G තාක්ෂණයේදී 5G NR (New Radio) ලෙස භාවිතා වේ. එයට හේතුව කලින් කී ආකාරයට 5G තාක්ෂණයේදී mmWave තරංඟ භාවිතා වීමයි. මෙය Sub-6 ලෙස හඳුන්වයි.
                    Sub-6 යනුවෙන් අදහස් වන්නෙ මෙහි භාවිතා වන සංඛ්‍යාත පරාසය 6GHz ට පහලින් තිබෙන බවයි. මෙම Sub-6 spectrum හි සංඛ්‍යාත ගොඩනැගිලි හා තාප්ප හරහා බාදාවකින් තොරව වැඩි දුරකට සම්ප්‍රේෂණය කල හැකිය. ඒ නිසා අඩු කුළුණු ගණනකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කල හැකිය.

🚖 කොතරම් වේගවත් ද?


                      5G ජාලය 4G වලට වඩා වේගවත් බව දැනටමත් දන්නා කරුණකි. නමුත් එය කෙතරම් ද?
  • Peak data rate (උපරිම දත්ත ගලායාමේ වේගය) : එක mobile base station එකකට 20Gbps downlink වේගයක් හා 10Gbps uplink වේගයක් ලැබේ. නමුත් මෙයින් කියැවෙන්නෙ සෑම කෙනෙකුටම මෙම වේගය ලැබෙන බව නොවේ. එම කුළුණට සම්බන්ධ සම්බන්ධතා අතර මෙම වේගය බෙදී යයි.
  • සැබෑ වේගය : Peak data rate ලෙස ඉහත දත්ත වේගය පෙන්නුම් කලත් සැබෑ ලෝකයේදී එක් සම්බන්ධතාවයකට download වේගය ලෙස 100Mbps හා upload වේගය 50Mbps තරම් වේ.
  • Latency : Latency, නැත්නම් ස්ථාන දෙකක් අතර දත්ත හුවමාරුව සඳහා ගතවන කාලය මිලි තප්පර 4 ක් පමණ වේ. උපරිම වේගයෙන් සන්නිවේදනය කරන අවස්ථාවේදී මෙය මිලි තප්පර 1 පමණ වේ.
  • කාර්‍යක්ෂමතාව : 5G උපාංග භාවිතා නොකරන අවස්ථාවේදී අඩු ශක්ති පරිභෝජනය කරන අවස්ථාවට පත් වේ. මෙය මිලි තප්පර 10 ක කාලයක් ඇතුලත හඳුනාගෙන ශක්ති භාවිතය අවම කිරීමට හැකියාව ඇත.
  • Mobility : මෙම තාක්ෂණයේදී 0 වේ සිට පැයට සැතපුම් 310 ක් දක්වා වේගයක් ඇතුලත චලනය වෙමින් සම්බන්ධතාව නොකඩවා ලබා දීමට 5G ඇන්ටනා වලට හැකියාව ඇත. එනම් ගමන් ගන්නා දුම් රියක් හෝ වාහනයක් තුල සිට බාධාවකින් තොරව සබඳතා පවත්වා ගත හැකිය.
  • සම්බන්ධතා ධාරිතාව. 5G තාක්ෂණයේදී 4G වලට වඩා වැඩි උපාංඟ ගනනක් හැසිරිය හැකිවිය යුතු ලෙස ප්‍රමිතීන් වල දක්වා ඇත. එනම් වර්ග කිලෝමීටරයක් ඇතුලත IoT වැනි උපාංඟ මිලියනයකට පමණ සේවා සැපයීමට හැකි විය යුතුය

            කෙසේ උවත් සැබෑ ලෙස සේවා සපයන්නන් විසින් සේවා සැපයීමේදී මේ වේගයන් බොහෝ සෙයින් වෙනස් විය හැකිය. එනම් ලබා දෙන සංඛ්‍යාත පරාසයන් හා සම්බන්ධ වන උපාංඟ ප්‍රමාණය අනුව මෙම වේගය 50Mbps සිට 400Mbps දක්වා අගයකට සීමා වනු ඇත.


🗺 දැනට 5G තියෙන තැන්


   
            ලෝකය පුරා මෙම තාක්ෂණය යොදාගෙන සන්නිවේදන කටයුතු කිරීමට දැන් ආරම්භ කර ඇති අතර යුරෝපය, උතුරු හා දකුණු ඇමරිකාව, මැද පෙරදිග, අප්‍රිකාව හා ආසියාවේ සමහරක් රටවල් වල දැනටමත් 5G තාක්ෂණය ලබා දී ඇත. මේ අතර ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චෙක් ජනරජය වැනි සමහර රටවල් Huawei උපාංඟ එම රටවල තහනම් කර ඇත. එනම් 5G සේවා සපයන උපකරණ හා තාක්ෂණයන් Huawei ආයතනයට අයත් නිසා ඇතැම් විට 5G ජාල තවමත් එම රටවල නැති වීමට පුළුවන. ශ්‍රී ලංකාවෙ Dialog, SLT හා Hutch වැනි සමාගම් 5G දීමට කටයුතු කරන බව දැන් දැනගැනිමට ලැබී ඇත.

💪 5G වල ප්‍රතිලාභ
                
                        5G ජාලය මගින් නිවසකට අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගනී නම් පෙර පැවති වේගයට වඩා වේගයකින් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගත හැකිය. එසේම ස්ව්‍යංක්‍රීය වාහන වල සන්නිවේදනය සඳහා ද මෙය සුදුසු තාක්ෂණයකි. එම වාහන වල තත්වය පරික්ෂා කිරීම මෙන්ම තිරිංඟ යෙදීම වැනි අවස්ථාවකදි තවත් එවැනිම රථයක් සමග සන්නිවේදනය කීරීමට මෙම 5G තාක්ෂණය භාවිතා කිරීමට හැකිය. සංවේදක හා එලාම් ආදී ආරක්ෂක උපාංඟ වලදී වේගවත් සන්නිවේදනයටත්, අඩු ප්‍රමාදයක් සහිත දුරස්ථ පාලක නිපදවීමටත්, telemedicine, remote recovery වැනි වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහාද විශේෂයෙන් IoT උපාංඟ වලටත් මෙය භාවිතා කල හැකිය.

🚑 5G තාක්ෂණය සෞඛ්‍යට අහිතකරද?

                මෙයට සරලම පිළිතුර නැත යන්නයි. 5G තාක්ෂණය යනු රේඩියෝ තරංඟ විශේෂයකි. රේඩියෝ තරංඟ අයනීකරනය වූ හා අයනීකරනය නොවූ ලෙස ආකාර දෙකක් පවතී. අයනීකරනය වූ රේඩියෝ තරංඟ ශරීරයට අහිතකරය .5G යනු අනෙක් ඒවා සේම අයනීකරනය නොවූ රේඩියෝ තරංඟ විශේෂයක් නිසා ශරීරයට අහිතකර නැත.කාලයකට පෙර රේඩියෝ තරංඟ මගින් ශරීරයේ පිලිකා ඇතිවිය හැකිද යන්න ගැන ලියූ ලිපිය කියවීමෙන් මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගත හැකිය.
   

March 20, 2021

Instagram, WhatsApp, හා Facebook Messenger සේවා බිඳ වැටේ!

            ෆේස්බුක් සමාගමට අයත් Instagram, WhatsApp හා Facebook Messenger යන සේවාවන් වල බිඳවැටීමක් අද දින වාර්ථා උනා. Down Detector වෙබ් අඩවිය ඔස්සෙ පරිශීලකයින් 123000 ක් පමණද Instagram වෙබ් අඩවිය ද, 23000 පමණ ප්‍රමාණයක් WhatsApp බිඳවැටීම හා 5000 ක පමණ පිරිස Messenger බිඳවැටීම ගැනද වාර්තා කර තිබිණි.

                       මේ බිඳවැටීම සිදුවූ අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කරන විට "5xx Server Error" යන error message එක වෙබ් බ්‍රවුසරයේ දිස් වූ අතර වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වුණා. ලොව පුරා ෆේස්බුක් සේවාවට අයත් සමාජ ජාල මාධ්‍ය රැසක බිඳ වැටීම් වාර්ථා වු බවත් එය නිවැරදි කිරීමට දැනටමත් කණ්ඩායම් කීපයක් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම සිය  Facebook Gaming ට්විටර් පිටුව හරහා පවසා තිබුණා.

                            

            කෙසේ වෙතත් මේ වන විට එම සේවාවන් නැවත යතා තත්වයට පත් කර  ඇති ඇතර මෙයට හේතුව තවමත් ෆේස්බුක් සමාගම විසින් වාර්ථා කර නොමැත.

March 15, 2021

මොනිටරයත් හැක් කරන්න පුළුවන්!

        හැමෝම දන්නවා පරිගණකයක් කියන්නෙ අනවසර ඇතුලුවීමක් නැත්නම් හැක් කරන්න පුළුවන් එකක් කියලා. ඒත් හිතිලා තියෙනවද පරිගණකයේ මොනිටරය හැක් කරන්න පුළුවන් කියලා?
https://www.redballoonsecurity.com/

                මේ ගැන හොයාගෙන තියෙන්නෙ Red Balloon Security කියන්න embedded devices සඳහා ආරක්ෂක මෘදුකාංඟ නිර්මාණය කරන සමාගමක්. ජනප්‍රිය Dell මොනිටරයක් (Dell (U2410) 24-inch monitor) යොදාගෙන සිදුකරපු පරීක්ෂණයකින් මොනිටරයේ ඇත්තටම පෙනෙන්න අවශ්‍ය දේ වෙනස් කර පෙන්වීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. මෙවැනි හැකර් ප්‍රහාරයකින් පරිශීලකයා මුලා කර ඔවුන්ගේ ක්‍රෙඩිඩ් කාඩ් අංක, ඊ-මේල් ලිපින වැනි පෞද්ගලික දත්ත ඉතා සූක්ෂමව සොරා ගත හැකි බව ඔවුන් පවසනවා.


Dell U2415
www.amazon.com

                       "ඔබට ඔබේ පරිගණකයෙන් පෙන්වන දේ ඔබට එකහෙලාම විශ්වාස කළ නොහැක, මන්ද මොනිටරයට තිරයේ අන්තර්ගතය වෙනස් කරන්න පුළුවන්." ලෙස Red Balloon Security සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන Ang Cui පවසයි.

                    ඊට උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා ඇත්තේ සත්‍ය වෙබ් අඩවියක් සේම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියකි. සැබැවින්ම මොනිටරය තුලද එහි පික්සල් හැසිරවීම හා අනෙකුත් කටයුතු හැසිරවීම සඳහා on-screen display controller නමින් හැඳින්වෙන කුඩා පරිගණකයක් පවතී. හැකර් කරු මෙම ප්‍රහාරය එල්ල කරන්නෙ එම කුඩා පරිගණකයටය. 

on-screen display controller
metromatics.com.au

           උදාහරණයක් ලෙස බැංකුවක වෙබ් අඩවියකට පිවිසෙන අවස්තාවක් සලකමු.එහිදී මුදල් ගණුදෙනු කරන වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියකට හැකර් කරු විසින් වෙබ් අඩවිය redirect කරනු ලබයි (Phishing attack) . බැලූ බැල්මට මෙය සමාන වුවද වෙබ් බ්‍රවුසරයේ ඇති වෙබ් ලිපිනය වෙනස් හා SSL Lock අයිකනය නොමැති බව පෙනීයයි. දැන් හැකර් කරු මොනිටරයට හැකර් ප්‍රහාරය දියත් කර SSL Lock අයිකනය මොනිටරය මත මවා පෙන්වයි (overlaying). දැන් එය භාවිතා කරන පුද්ගලයාට එහි වෙනසක් නොපෙනේ. ඒ නිසා තම සත්‍ය පාස්වර්ඩ් හා ඊමේල් එම ව්‍යාජ වෙබ් අඩවිය හරහා හැකර් කරු අතට පත්වේ. මේ ආකාරයටම සත්‍ය ගිණුම් විස්තර වෙනුවට වෙනත් ව්‍යාජ තොරතුරු ඇතුලත් කර පරිශීලකයා මුලාවට පත් කල හැකිය. එයට හේතුව එය භාවිත කරන පුද්ගලයා පරිගණක තිරයේ ඇති දේ පමණක් විශ්වාස කරන නිසාවෙනි. 

                    Ang Cui පවසන ආකාරයට මේ ආකාරයට ලොව පුරා මොනිටර් බිලියන ගණනක් මේ ආකාරයෙන් අනතුරේ පවතී. Red Balloon Security සමාගම මේ පිළිබඳ Dell ආයතනය දැනුවත් කර ඇති අතර ඔවුන් Dell U2415 මොනිටරය සඳහා ඇති අප්ඩේට්ස් ඉන්ස්ටෝල් කරගන්නා ලෙස පවසා ඇත. ඔවුන් විසින් මෙම හැක් කිරීමට යොදා ගත් කේත කොටස් ඔවුන්ගේ github ගිණුමේ පලකර ඇති අතර අවශ්‍ය අයෙකුට එය පරික්ෂා කර බැලිය හැකිය.


Follow us

 
         
 

tech Followers

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.