Instagram, WhatsApp, හා Facebook Messenger සේවා බිඳ වැටේ!

            ෆේස්බුක් සමාගමට අයත් Instagram, WhatsApp හා Facebook Messenger යන සේවාවන් වල බිඳවැටීමක් අද දින වාර්ථා උනා. Down Detector වෙබ් අඩවිය ඔස්සෙ පරිශීලකයින් 123000 ක් පමණද Instagram වෙබ් අඩවිය ද, 23000 පමණ ප්‍රමාණයක් WhatsApp බිඳවැටීම හා 5000 ක පමණ පිරිස Messenger බිඳවැටීම ගැනද වාර්තා කර තිබිණි.

                       මේ බිඳවැටීම සිදුවූ අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කරන විට "5xx Server Error" යන error message එක වෙබ් බ්‍රවුසරයේ දිස් වූ අතර වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වුණා. ලොව පුරා ෆේස්බුක් සේවාවට අයත් සමාජ ජාල මාධ්‍ය රැසක බිඳ වැටීම් වාර්ථා වු බවත් එය නිවැරදි කිරීමට දැනටමත් කණ්ඩායම් කීපයක් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම සිය  Facebook Gaming ට්විටර් පිටුව හරහා පවසා තිබුණා.

                            

            කෙසේ වෙතත් මේ වන විට එම සේවාවන් නැවත යතා තත්වයට පත් කර  ඇති ඇතර මෙයට හේතුව තවමත් ෆේස්බුක් සමාගම විසින් වාර්ථා කර නොමැත.

ප:ලි
    මෙම දෝෂයට හේතුව CDN (content delivery networks) සේවාවක් වන Fastly හි දෝෂයක් බව හඳූනාගෙන තිබේ.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features