අනුන්ගෙ චැට් බැලූ වට්ස් ඇප් ක්ලෝනයක් ඉන්දියාවෙන් හමුවේ!

 ඇන්ඩ්‍රොයිඩ් ආශ්‍රිත ට්‍රෝජන් වෛරස් වැඩසටහන් හමුවන රටවල් අතර ඉන්දියාව පෙරමුණේ සිටී. මෙසේ වට්ස් ඇප් සේ සැකසූ third party මෘදුකාංඟයක් විසින් චැට් මගින් ඔත්තු බලන බවට සොයාගැනීමට සමත් වී තිබෙනවා. 

    පරිගණක ආරක්ෂක සමාගමක් වන ESET සමාගමට අනුව මෙසේ ඔත්තු බැලූ වැඩසටහන් අතර ඉහලින්ම වට්ස් ඇප් වැනිම ජනප්‍රිය third party වැඩසටහනක් වන 'GB WhatsApp' තිබෙන බව සඳහන් කර තිබේ. මෙවැනි වැඩසටහන් වලට වීඩියෝ හා ඕඩියෝ පටිගත කිරීම වැනි පුලුල් පරාසයක ඔත්තු බැලීමේ හැකියාවක් ඇත. මෙවැනි ක්ලෝන ලෙස සකසා ඇති ආරක්ෂාවට තර්ජනයක් වන ඇප් දැනටමත් Google Play Store මගින් ඉවත් කර ඇති නිසා සාමාන්‍ය බාවිත කරන්නන්ට මෙවැනි තර්ජන අඩු උවත් තෙවන පාර්ශවික වෙබ් අඩවි මගින් බාගත කර ගන්නා මෙවැනි වට්ස් ඇප් වර්ෂන් මගින් ආරක්ෂාව බිඳ වැටිය හැකියාව ඉහළය.

twitter.com

    මෙලෙස කෙනෙකුගේ චැට් මගින් ලබාගන්නා තොරතුරු කුමටද? ඇත්ත වශයෙන්ම මෙවැනි මෘදුකාංඟ වලින් ලබාගන්නා තොරතුරු ඉතා වැදගත් ඒවා වෙයි. එනම් ඒවා කෙලින්ම වෙළඳ දැන්වීම් ලෙස අදාල පරිශීලකයාට එවිය හැකිය. එය ඉතා සාර්ථක ක්‍රියාවලියකි. එනම් අනුමාන කර ඇඩ් පෙන්නනවා වෙනුවට අදාල අවශය භාණ්ඩය හෝ සේවාවට අදාල වෙළඳ දැන්වීම් පරිශීලකයාට පෙන්විය හැක. ඇත්තටම මෙටා සමාගම (කලින් ෆේස්බුක්) පවා සිය නොමිලේ දෙන සේවා වන වට්ස් ඇප්, ෆේස්බූක්, ඉන්ස්ටග්‍රෑම් වලින් කරන්නේම මේ හා සමාන දෙයක් වන නමුත් ඔවුන් ඒ දත්ත වල ආරක්ෂාව ගැන වගවීමක් දරණවා සේම අදාල වෙළඳ දැන්වීම ගැනද දැනුවත් බාවයකින් පසුව ඉදිරිපත් කරනු ලබයි. නමුත් ඉහත දැක්වූ වර්ගයේ ඇප් මගින් රැස් කරගන්නා දත්ත විවිධ නිති විරෝධී ආයතන වෙත විකුණා දැමීම මෙම ඇප් නිර්මාණය කරන්නන් සිදු කරනු ලබයි.

    මෙවැනි ඇප් බොහෝ විට බොට් නෙට් එකක් සම්බන්ධව පවතින අතර එමගින් එයට සම්බන්ධව ඇති උපාංඟ පාලනය කිරීමක්, තොරතුරු ලබා ගැනීමක් සිදු කරනු ලබයි. මෙසේ 2022 මැයි සිට අගෝස්තු දක්වා විශාලතම බොට් නෙට් වැඩසටහනක් වූ 'Mozi' නම් බොට් නෙට් වලට සම්බන්ධ උපාංග අතුරින් 35% ඉන්දියාවෙ වන අතර එය දෙවැනි වන්නේ 55% ක් වූ චීනයට පමණි. 'Mozi' යනු IoT (Internet of Things) වර්ගයේ බොට් වැඩසටහනක් වන අතර එයට සම්බ්න්ධ උපාංඟ 500,000 සිට 383,000 දක්වා (-23%) පහල වැටී තිබුණත් එය තවමත් ක්‍රියාත්මකව පවතී. තවත් විස්මිත කාරණයක් වන්නෙ 'Mozi'යනු සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක (autopilot) වැඩසටහනක් වීමයි. ගිය වසරේ (2021) දී මෙම වැඩ සටහන සැකසූ අය අත්අඩංගුවට ගත් පසුවද තවමත් එය ක්‍රියාත්මකව පවතී.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මම සිංහල ඇස්කි ෆොන්ටයක් හැදුවා අමතර අකුරු කීපයක් දාලා.
    මට එය යුනිකෝඩ ෆොන්ටයක් කරගන්න අවශ්‍යයි. කරලා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ ගැන ලොකු දැනුමක් නෑ. විස්තර හොයලා දෙන්න මට ඊයක් එවන්න

      Delete
  2. හුම්... දැන් කාලේ මොනදේද ආරක්‍ෂිත

    ReplyDelete
    Replies
    1. මොනම දෙයක් වත් 100% ආරක්ෂිත නෑ 😊

      Delete
  3. දකින දකින දේ දාගන්න යනවට හොඳ වැඩේ හිටං.

    ReplyDelete
    Replies
    1. හොර වැඩ කරන්න ගිහින් හත්පොලේ ගාගන්න එවුන් තමයි මේවා දාගන්නෙ අයියෙ 😁

      Delete
Previous Post Next Post

Recent Post

Features