ලංකාව හිඟා කන්න ඕනි රටක් ද?

             අද ආවෙ ටෙක් ගැන පෝස්ට් එකක් ලියන්න නම් නෙවෙයි. රටට වෙලා තියෙන දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ. වෙලා තියෙන දේ පොඩි දරුවා පවා දන්නවා. පුංචි එකා පවා දුක් විඳිනවා. ඇත්තටම ලංකාව මෙහෙම දුක් විඳින්න ඕනි, හිඟා කන්න ඕනි රටක් ද?

      අද වෙනකොට මේ කන කට්ට දුප්පත්, පොහොසත්, මධ්‍යම කියා වෙනසක් නැතිව දැනෙන්නට පටන් ගෙන තිබේ. බඩු මිල අහස උසට ගිහින් දැන් වේලක් කන්නට කීයක් හරි සොයා ගන්න එක අද වෙනකොට පට්ටම ගේමක් වෙලා. වාහනයක් තියෙන මනුස්සයකුටත් වාහනේකට තෙල් හොයාගන්න එක කළු නික හොයනවා වගේ වෙලාය. මේවා බලපාන්නෙ පාරිභෝගිකයායට විතරක් නෙවෙයි. කුඩා පරිමාණයෙ සිට මහා පරිමාණයටම එක සේ බලපායි.

   කතාව සරලව නම් රටේ ඩොලර් නැති වීමයි. ඉතිං රටේ ඩොලර් නැති උනේ ඇයි? රටේ විදේශ සංචිත වලට මොකක්ද සිද්ධ වුණේ? ස්වාභාවික සම්පත් වලින් විතරක් නොව වෙනත් රටවල නැති දුර්ලභ ගණයේ සම්පත් අති විශාල ප්‍රමාණයක් අප රට සතුය. මෙච්චර ලස්සන වාසනාවන්ත රටකට අත්වූ ඉරණමට වසර 75 ක් තිස්සේ මෙරට පාලනය කල මරිමෝඩ, තක්කඩි, බල ලෝභී , ලේ පිපාසිත අමන දේශපාලුවන් කෙලින්ම වගකිවයුතු ය. ඔවුන්ගේ වැරදි දැක දැක නොදැක්කා සේ එක් එක් පක්ෂ වලට වහල් වී ඒ පැත්තෙන් මේ පැත්තට මාරු කරමින් රට විනාශයට ගෙනයාමට සහය දුන් අප හැමෝමත් මේ තත්වයට වගකිවයුතු  ය.

    මේ අමන දේශපාලුවන් එදා සිට කරේ හොරකම්‍ ය. ගමේ කුලියට වැලි ගොඩදාපු එකා මාස කීපයකින් ප්‍රාදේශීය සභා, පලාත් සභා ඔස්සේ පාර්ලිමේන්තු ගොස් රජ මාලිගා වැනි ගෙවල් සාදා ගෙන කෝටි ගණන් වල වාහන ගෙන සුර සැප විඳිති. මන්ත්‍රීවරයකු සඳහා ලැබෙන වැටුපෙන් එසේ දියුණු වීමට නොහැකි බව ඕනෑම එකෙකුට තේරෙන සරල දෙයකි.

    අද ලංකාවෙ කොමිස් කුට්ටි වලට යටනොවී, හොරකම් නොකර ගොඩ නගන ලද එකදු ව්‍යාපෘතියක් නැත. ගමේ ගොඩ නගන පාර ගොඩ නංවා මාසයක් යන්නට පෙර නැවත අබලන් ය. ඊටපස්සෙ කරන්නෙ ඒවාට පට පැලැස්තර දම දමා ඒවායෙන් ද මඩිය තද කර ගැනීමය.මේ එක් සරල උදාහරණයක් පමණි. තව ඕනෑ තරම් කියන්නට හැකිය.

    මෙරට දියුණු කිරීමට කියා එක් එක් පාර්ශ්වයන් විසින් ලොව පුරා රටවලින් ලබා ගත් ණය ප්‍රමාණය මේ අර්බුධය ඇති කිරීමට දැඩිව බලපා ඇත. එම ණය වලින් ද මේ ජරා දේශපාලුවා හොරකම් කර ඒවාද සාමාන්‍ය මහජනයාගේ කර මතට තබා අන්ත අසරණ තත්වයට මිනිස්සුන්ව ඇද දමා තිබේ. ණයක් ලබා ගන්නෙ නම් එය ගෙවීමට සුදුසු ක්‍රමයක් සොයාගෙන සිදු කල යුතුය. ඒත් මේ අමනයින් ඒ වෙනුවට කලේ එම ණය ගෙවීමට තවත් ණය ගැනීමයි. කෑම කන විට ආහාර මාර්ගය හිර වූ විට කල යුත්තේ වතුර බීම මිසක් තව කෑම ගැනීම නොවෙයි. මේ සරල දේ මේ ජරා දේශපාලුවන්ට නොතේරුනා නොවෙ. ඒ වෙනුවට කලේ තව තවත් රට වල පල්ලට ඇදගෙන යාමයි. හොරකම, අල්ලස, පගාව පමණක් නොව හිතූ මනාපයට මිනීමැරීමට, මැරකම් කිරීමට ගන්නා බලපත්‍රයක් ලෙස දේශපාලන පට්ටම් යොදා ගැනීය. දේශපාලන වහල් කම් කරන මිනිසුන් නිසා ඔවුන්ට ඒ වැඩේ ඉතා පහසු විය. එම ජඩයින් කුමන වැරැද්ද කළ ද  එය නොදැක්කා සේ සිටියා පමණක් නොව ඒ වැරදි සාධාරණීකරණයද කරයි. වසර හැත්තෑ ගණනක් තිස්සේ දේශපාලුවන් නඩත්තු වූයේ මෙන්න මේ මරිමෝඩ ඡන්ද දායකින්‍ ය. තහඩු කෑල්ලට, ලැට් පෝච්චියට, රස්සාවට ආත්මයම පක්ෂයට හරවන එවුන් ය. අධ්‍යාපනයට හරිහමන් මුදලක් වෙන් නොකරන්න හේතුවත් මෙයයි. වසර හැත්තෑ ගණනක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වි අද බංකොලොත් තත්වයට පත්වී ඇත.

    බල ශක්තිය යනු රටක වැඩ කටයුතු කරගන යාමට අනිවාර්‍ය අංඟයකි. ප්‍රධාන වශයෙන් ඉන්ධනයි. ඉන්ධන නොමැති කමක් හෝ හිඟයක් ඇති වූ විට රටේ බොහෝ අංශ වලට එය තදින් බලපායි. ප්‍රවාහනය, විදුලිය පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවා එය දැඩිව බලපානු ලබයි. අපේ රටේද අර්බුධය පෙනෙන්න පටන්ගත්තේ එතැනනි. ඉන්ධන ගෙන ඒමට ඩොලර් නැති නිසා ඇති වූ ප්‍රමාදය වාහන ගමනාගමනයට බාදා එල්ල කරමින් දිගු ඉන්ධන පෝලිම් ඇති කරමින් දවසට පැය 6-7 විදුලි කප්පාදු සිදු කරමින් දැවැන්ත ලෙස ජන ජීවිතයට බලපෑම් ඇති කරලන්නට විය. මුදල් හැසිරවූ ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගත් කබ්බන් හා කාක්කන්ගේ නුවණ මත තව තවත් මුදල් අච්චු ගසා පඩි ගෙවීමට හා සහනාධාර බෙදා හැරීමට කටයුතු කලේය. ඩොලරයේ අගය එකම අගයක පවත්වාගෙන යාමට කබ්බන් කලේ තව තවත් ණය ගැනීමය. අන්තිමේදී රටට ඒමට තිබූ ඩොලර් ද නැතිවී ගියේය. කරමුලටම හිරවී උද්ධමනය ශ්‍රීග්‍රයෙන් ඉහළ ගොස් බඩු මිල දැන් අහස උසටය. මේ හැමදේම කොරෝනා පිට දා අත පිසදා ගැනීමට තැත් කලත් මෙවර එය සාර්ථක නොවීය. ජනතාව පාරට බැස්සෙ දරාගැනීම උපරිම ඌ තැනය. අර්බුධ මෙසේ ලියා ඉවර කිරීමට බැරි තරම් දිගය.

    අපේ රටේ ඝර්ම කලාපීය රටක් උවත්, ඇල දොළ ඟංඟා මෙතරම් තිබියදීත් අදටත් විදුලිය නිපදවන්නේ ඩීසල් මගිනි. සූර්ය බලය මගින් විදුලිය නිපදවා ගැනීමට ඉතා පහසු උවත් කොමිස් කාක්කන්ගේ සාක්කුවට ඩීසල් වලින් හෝ වෙනත් පෞද්ගලික විදුලි බලාගාර මගින් ලැබෙන කොමිස් කුට්ටි නොලැබෙන නිසා ඒවා දියුණු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලේ නැත. මේ නිසා බොහෝ ප්‍රීඩා විඳින්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ෆ්‍රීලාන්සර් නියුතු අයයි. හැකියාවක් තිබෙන අය තමන්ටම කියා off-grid solar panel battery backup system සවිකර එම විදුලි බිඳ වැටුම් වලට මුහුණ දෙයි. ඒ අයගෙන් සමහර අය ප්‍රධාන විදුලිබල පද්ධතිය භාවිතා කරන්නේම නැත. එහෙත් මෙම උපකරණ වලට මේ කාලයේ යන අධික වියදම නිසා බොහෝ දෙනෙකුට මෙය සාර්ථක නැත. මීට කලින් tech සයුරේ අඩු වියදම් solar project එකක් කරන ආකාරය ගැන ලිපියක් පළ කලා මතක ඇති. (ඉදිරියේදී මීට වඩා කාර්යක්ෂම පරිපථයක් ගැන ලිපියක් පල කිරීමට බලා පොරොත්තු වෙමි.) රජයෙන් සූර්ය බල සංග්‍රාමයක් කියා වැඩසටහනක් ආවත් එය වැඩි කල් දිවූවෙ නැත. අන්තිමට නිවාස සඳහා සවි කිරීමේ අනුමැති දීම පවා නවතා දැමිය. එසේ සූර්ය බල පද්ධති සවි කර ගන්නේ නම් හොඳම ආකාරය වන්නේ මෙවැනි off grid පද්ධතීන් ය. තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන ආකාරයෙන් සකසා ගත හැකි වීම මෙන්ම අවසර ලබා ගැනීම ද සිදු කර ගැනීමට අවශ්‍ය නැති නිසා මේ ආකාරය වාසි සහගතය. (මේ සඳහා උදවු ලබා ගත හැකි ෆේස්බුක් ගෲප් කිහිපයක ලිංක් ලිපිය අවසානයේ පළ කරනු ඇත).

    රටට ඩොලර් ගෙන ඒම ගැන කතා කරන බොහෝ දෙනෙක් ඔවුන්ට පයට පැගී තිබෙන රන් ආකරය ගැන කිසිම තැකීමක් නැත. ලංකාවේ තොරතුරු තාක්ෂණය කරන පිරිස ඒ රන් ආකරයයි. ඔවුන් එදා සිට වැඩ අරන්නෙ අඩු පහසුකම් යටතේය. පේපැල් ගන්නවා ගන්නවා කියමින්, හැමදාමත් එය මැතිවරණ පොරොන්දු ලෙස හමස් පෙට්ටියේ කල් අරිමින් තිබේ. එය අදටත් නැත. ලංකාවේ තවමත් හරියට අන්තර්ජාල පහසුකම් නැත, නිවැරදි මග පෙන්වීමක් නැත.

    තව බොහෝ දේ කීමට ඇත්තත් රටේ වත්මන් තත්වය ගැන දැන් සියලු දෙනාට හොඳට අවබෝධ වී තියෙන නිසාත් ලිපිය මෙලෙස අවසන් කරමි. ජනතාවගෙන් ඉල්ලීමට ඇත්තේ මේ ඉදිරියට තැබූ පය නැවත පසු පසට ගන්න එපා. දූෂිතයන් පළවා හරින සටන දිගටම රැගෙන ගොස් අප දේශපාලුවන්ට නොව ඔවුන් අප යටතේ පාලනය වන පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීමට වෙහෙසෙමු. සොරකම් කරන ලද සෑම රුපියලක්, ඩොලරයක්ම නැවත අප සතු කර ගමු. මින් මතුවටවත් කිසිම දේශපාලයකුගේ හෝ පක්ෂයක ගැත්තන් නොවෙමු. ශ්‍රී ලාංකාව නැවත කෙසේ හෝ ගොඩ නගමු! 

අරගලයට ජය! 

GoHomeGota2022

GoHomeMahinda

GiveOureStolenMoneyBack


Solar Off Grid පද්ධතියක් සවිකීරිමට බලාපොරොත්තු වන්නන්ගේ සංගමය

Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰

DIY Off Grid Sri Lanka group

අපිම සෝලා සවිකර ගමු - DIY Off-Grid Power Systems

13 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේ අරගලය කෙසේ හෝ ජය ගැනීමත් රටට හිතැති ප්‍රතිපත්ති ඇති රජයක් පත් කර ගැනීමත් හැර වෙන විසඳුමක් නැත

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් අයියෙ එකම විසඳුම ඒක විතරයි. දැන් ඉතිං කෙලවෙන්න ඕනි හරිය කෙලවෙන්න පටන් අරන් තියෙන්නෙ. ඉස්සරහට තව අමාරු වේවි.

      Delete
  2. 69 ලක්ශයක් චන්දේ දුන්නේ මේවා දන්නේ නැතිව නෙමෙයිනේ. ඔක්කොටම වඩා මුස්ලිම් එවුන්ට කෙලවන එක ලොකූ උනා

    ReplyDelete
    Replies
    1. එතකොට මිනිස්සු මේවා දැනගෙනද ඡන්දෙ දුන්නෙ? මරු නේද ඒ කියන්නෙ රටේ වැඩි පිරිසක් කැමති කෙලවෙනවටද? දැන් විඳවන්නෙ ඡන්දෙ දුන්න නොදුන්න හැමෝම. ස' හැර වෙන මොකෙක් හරි ආවනම් මේ රට දැන් සුරපුරයක් වෙලා තියේවිද? ඇනෝ ඇවිල්ලත් ගොං කතා කියන්න එපා.

      Delete
  3. ඇමතිල කියනවා ඉන්ධන තියෙනවා, හාල් අඩුවට තියෙනවා, ගෑස් නැව් එනවා කියල. එහෙව් එකේ ඒ අයගෙ වචනෙ ඔයා බොරුයි කියනවා.
    ගොන්නු ඉන්නකම් රටකට සෙතක් නොමැත. අරගලයට සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ ඔය ස' ත් කියන්නෙ මේක වෙන කවුරු හරි හදපු අර්බුධයක් කියලා. විමලෙවත් ජීවතුන් අතර හිටියනම් අහගන්න තිබ්බා මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා 🤭

      Delete
  4. මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො
    වෙහෙස මහන්සි වෙලා රටට ධනය උපයා දෙන මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
    ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි සාමාන්‍ය මෝටර් රථ වලට බයික් වලට ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො
    තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො
    විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු
    රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො
    තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි ලක්ෂ ගනන් තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො ලක්ෂ ගනන් සරසවි සිසුන්
    හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි නිලධාරීන්
    මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො
    නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො
    මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු
    කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො
    ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි
    ඒ විතරක් නෙවෙයි,
    කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන... තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන
    ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
    ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.-copied

    ReplyDelete
    Replies
    1. 1000% හරියටම හරි ඇනෝ 🎉🎉. ඔක්කොම කණපිට හැරෙන්න ඕනි..ස්තූතියි!

      Delete
  5. https://www.youtube.com/watch?v=rigXGEAmBR4
    මේ නබි තුමාගේ දේශණයේ පලමු පැයේ ඉඳන් බලන්න.

    ReplyDelete
  6. තාමත් රජාගෙ පස්ස ලොවන මිනිස්සු ඉන්න රටක් හදාගන්න එක ලේසි වෙන එකක් නෑ.

    දැන්නං ඔය සෝලර් මල ඉලව් හිතන්න බැරි ගණං වලින් වැඩි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කෙලවිලත් තාම ඉන්නවා කියන්නෙ උන්ට වහල්ලු කියන නමත් හොඳ වැඩී.

      /ඔය සෝලර් මල ඉලව් හිතන්න බැරි ගණං වලින් වැඩි වෙලා තියෙන්නෙ/
      කෙලින්ම හතර ගුණ වලින් වැඩි වෙලා අයියේ... ගන්න වෙන්නෑ ඉතිං අලුතින් නම්.. :(

      Delete

  7. ඩ්‍රැකීAugust 18, 2022 at 10:22 AM
    ලියහංකො හෙරොයින්...


    එල ද බ්‍රා මෙන්ඩාAugust 18, 2022 at 2:06 PM
    sinhala gihin (sinhala naha)


    ඩ්‍රැකීAugust 18, 2022 at 4:54 PM
    ටෙක් සයුර කියල මලයෙක් ඉන්නව, උගෙන් අහපන් කරන්ඩ ඕනෙ දේ... https://www.techsayura.com/


    නිදිගෙ පංච තන්තරේAugust 19, 2022 at 7:16 AM
    එහෙම අහගන්නවකෝ මෙන්ඩො!
    sanjeewamen5@gmail.com
    0779751111

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features