අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1

විදුලි බලය ඉතිරි කරන්න වගේම අපතේ යන බලශක්තියක් විදිහට පුනර්ජනනීය ශක්තියක් වෙන හිරු එලියෙන් විදුලිය නිපදවන සූර්අ්‍ය කෝෂ පද්ධති ගෙවල් වලට හයි කරනවා. අපේ රටේ පිහිටීමත් එක්ක හිරු එළිය කියන්නෙ වටිනා ශක්ති ප්‍රභවයක්.ඒත් මේක ටිකක් වියදම් අධික වැඩක්. මේ ප්‍රොජෙක්ට් එක නම් ඒතරම් බරපතල එකක් නෙවෙයි. 

වටිනාකම
වැස්ස අඩු කාලෙට වෙන කාලෙට නිතර නිතර විදුලි බිඳවැටීම් වෙනවා ඒ වෙලාවට ලොකූ වැඩ කරගන්න බැරි උනත් යම් තරමකට ආලෝකය ලබා ගන්න, ෆෝන් එක චාර්ජ් කරගන්න, ටීවි එක බලන්න වගේ දේවල් වලට මේක යොදා ගන්න පුළුවන්. තවත් දෙයක් වෙන්නෙ යම් තාක් දුරකට හරි විදුලිය ඉතිරි වීමයි. ගොඩක් දෙනෙක් ෆෝන් එක චාජ් එකට ගැහුවට, ගලවන් යන්නෙ ෆෝන් එක විතරයිනෙ ;). පොඩි විදුලියක් වැය උනත් ඒ වගේ 10ක්, 100ක්, 10000ක් එකතුවෙන කොට ඒක අපේ රටට හොඳට දැනෙනවා.

➨ අඩු වියදම් කිව්වෙ ඇයි?
මේ ප්‍රොජෙක්ට් එක අඩු වියදම් කියන්න හේතුව තමයි මේකට ගන්නෙ කුඩා ප්‍රමාණයේ 12V සොලා පවර් සිස්ටම් එකක් නිසයි. විදුලිය නැති දුෂ්කර පැතිවල මේ පැනල් හරි ජනප්‍රියයි. දැං ගෙවල් වලට හයි කරන්නෙ නම් 230v ප්‍රධාන විදුලිය ගන්න පුළුවන් තරමක් වියදම් ඒත් වටිනාකමින් වැඩි පද්ධති. ඒ වගේ එකක් පද්ධතියක් හයි කරගන්න පුළුවන් කමක් තියෙනවනම් ගොඩක් හොඳයි.
මේ තියෙන්නෙ චාර්ජින් යුනිට් එක
මේ ප්‍රොජෙක්ට් එක තවත් අඩු මිල වෙන්න හේතුව තමයි මේකට අරං තියෙන බැටරිය. සාමාන්‍යයෙන් මේ බැටරියක්  රු 15,000/= ක් විතර වෙනවා. ඒත් මේකට ගත්ත බැටරිය වාහනයකින් අයින් කරපු එකක්. ඒ කියන්නෙ වාහනේට අවශ්‍ය ජවය නොතිබ්බත් ගෙදර වැඩ ටිකට මේක ඉහටත් උඩින්. එහෙම වෙන්නෙ ඇයි කියල ඉස්සරහට තේරෙයි.මේ බැටරිය ගත්තෙ රු 3000/= කට!

➨ හොයාගන්න ඕනි දේවල්
  • 12V සෝලා පැනල් යුනිට් එකක් (දැං ගොඩක් තැන් වල ප්‍රධාන විදුලිය තියෙන නිසා පරණ එකක් අඩු ගාණකට හොයාගන්න පුළුවන් වේවි)
  • 12V බැටරියක් (යම් තත්වයක තියෙන වාහනයකින් අයින් කරපු එකක්)
  • 12V LED බල්බ් 3 පටි
  • වයර්
  • ස්විච්
  • වයරින් ක්ලිප්

➨ බල්බ් පත්තු කරන්න විතරද?
ගොඩක් අය බලයි දැන්, බල්බ් පත්තු කරගන්න පැනල් එකක් අමුණ ගන්න කාටත් බැරියැ කියලා. ඒත් ඊට වඩා එහා ගිය දේවල් වලින් මේ යුනිට් එක ප්‍රයෝජනයට ගන්න හැටි ඉස්සරහට කියල දෙන්නම්. එතකම් මේ කෑලි බෑලි ටික එකතු කරගන්න. 
මේ කොරිඩෝවේ තියෙන LED පටි 2 රෑ එළිවෙනකම් වැඩ
LED පටි, වයර්, වයරිං ක්ලිප්

ඊළඟ කොටසෙන් හමුවෙමු...



16 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. නියමයි. මේකට යන සම්පූර්න වියදම කොච්චර වෙයිද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග අයියෙ.සෝලා පැනල් යුනිට් එක ගත්තෙ අවුරුදු 5 කට විතර කලින් රු 6000 කට විතර පාවිච්චි කරල අයින් කරපු තැනකින්. බැටරියයි අනිත් කෑලි එක්ක රු 12000 විතර යන්න ඇති.

      Delete
  2. හොඳා හොඳා. ඒත් මීට කලින් ආඩියුනෝ වැඩේ කරල ඉන්න එපැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට එකක් ගෙනත් දීපිය.. එතකොට පටන් ගන්නම් ;) හැක්..!

      Delete
  3. වටිනවා..

    එළියෙ තියෙන පඩිපෙලේ ගහන්න වගෙ ගැලපෙනවා කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් අයියෙ.ගේ වටේටම උනත් එළිය දෙන්න පුළුවන් කිසි අවුලක් නැතුව

      Delete
  4. ශහ්! මගේ ඩීසල් ත්‍රීවිල් එකේ තියෙන්නෙත් මේ වගේ ලොකු බැටරියක්. අවුරුදු 5ක් ව්එන නිසා ළඟදි අයිං කරන්න ඉන්නෙ. ඕං එහෙනම් ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් හම්බ උනා. තෑන්ක්ස්.
    12v සෝලා පැනල් එකක් ඊ-බේ එකෙන් ගෙන්නුවොත් මොකද?
    වොට් ගාන කීය ව්එන්ඩෝනෙද??

    ReplyDelete
    Replies
    1. පැනල් මෙහෙන් ගන්න. ලේසි. ඊ බේ ගේනකොට ඩැමේජ් වෙන්නත් සම්භාවිතාවක් තියෙනව.
      charging controller, inverter, ඊබේ ගන්න්.

      Delete
  5. Good post.
    මම හදපු එක ගැන මම ලියපු ලිපි දෙක.
    http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html

    http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html

    ReplyDelete
    Replies
    1. බැලුවා... හොඳ විස්තරයක්..දිගටම ලියමු මාධව...
      සාදරයෙන් පිළිගන්නවා tech සයුරට!
      ජය වේවා!

      Delete
  6. මම ගෙදර සාලය, කෑම කාමරය, මුලුතැන්ගෙය, මුලුතැන්ගෙයින් පිටත, තැන් වලට 9W LED strips දාල, මිදුල පැත්තට 18W LED strip දාල තියෙන්නෙ. තව කාමර වලට සහ පිටතට තව LED ටිකක් දාන්න ඕනෙ.
    ගේට්ටුව ගාවට වයර් අදින්න දුර වැඩි නිසා එතනට isolated Solar panel with PIR sensor and LED Light එකක් දාල තියෙන්නෙ. ඒ ලයිට් එක ඒකෙම තියන පැනල් එකෙන් builtin battery එක චාර්ජ් කරගෙන වැඩ. ඩිම් එකට පත්තු වෙනව. කවුරුහරි ලඟින් යනකොට හොඳට පත්තු වෙනව. ඒවායින් තව දෙකක් සවි කරන්න ඉන්නෙ.
    12V වලින් වැඩ කරන Pedestal Fan එකකුත් ගේන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ෂා! මල්ටි ටාස්කිං ප්‍රොජෙක්ට් එකක් නේ.. වෙන්න ඕනිත් ඒකම තමයි.. හැම කෙනාම මේ විදිහට ගෙදරම විදුලිය නිපදවගන්නවනම් තමන්ට වගේම රටටත් ලොකු ඉතිරියක්....

      Delete
Previous Post Next Post

Recent Post

Features