අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 5

              වියදම අඩුවෙන් වැඩි වැඩක් ගන්න පුළුවන් සෝලා ප්‍රොජෙක්ට් එක ගැන මීට කලින් කොටස් හතරකින් (1,2,3,4) විස්තර කලා. මේ පෝස්ට් එකෙන් විස්තර වෙන්නෙ 12V විදුලිය 230V බවට හරවන්නෙ කොහොමද කියලා. 
                       ගෙදර තියෙන සමහර උපකරණ 12V වලින් වැඩ කලාට සමහර ඒවා වැඩ කරන්නෙ 230V වලින් විතරයි. ඒ නිසා දවල් කාලෙට වගේම විදුලි විසන්දි වීමකදි උනත් විසන්දි වෙන්නෙ නැතුව උපකරණ පාවිච්චි කරන්න පුළුවන්.
SMPS inverter
               මේ වැඩේ සරලවම කරන්න පුළුවන් ක්‍රමයක් තමයි 12V ~230V SMPS inverter අරගෙන හයි කරගන්න එක. තව ක්‍රමයක් තියෙනවා ඒ පරණ UPS එකක් සෙට් කරන එක. මං කලේ මේ ක්‍රම දෙකෙන් දෙවෙනි එක. මේ දෙකේම වාසි, අවාසි තියෙනවා.
UPS එකක්
SMPS inverter එකක් නම් ප්‍රධාන විදුලිය විසන්දි වුණාම වැඩ කරන්න වෙනම circuit එකක් හදන්න වෙනවා. හැබැයි UPS circuit එකක මේක තියෙනවා.
* UPS inverter එකක තරමක් රත් වෙන නිසා SMPS inverter එකකට වඩා විදුලිය හානි වෙන්න පුළුවන්.
*  SMPS inverter කට වඩා අඩුවෙන් UPS inverter එකක් අඩුවට හොයාගන්න පුළුවන්.
          මේ තියෙන්නෙ 12V DC විදුලිය 230V AC වලට පරිවර්ථනයට ගත්ත පරණ UPS එක. මේක පිටකොටුවෙන් ගන්නකොට පිටත ආවරණය තිබුණෙ නෑ. ඒ නිසා ඒකට වෙනම ආවරණයක් හදන්න ඕනි වුණා. සර්කිට් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි ගෙදර ගෙනත් 12V බැටරියට තියලා චෙක් කරලා බැලුවා වැඩද කියලා. ඒක හරිගියාට පස්සේ මේ Circuit එක අයින් කරන Computer Power Supply Unit එකක හයි කරන්න හිතා ගත්තා. ඒත් ඒක හිතන තරම් ලේසි වුණේ නෑ පිංවතුනි!

           Power Supply Unit එකට වඩා UPS එකේ Circuit එක දිගින් වැඩි වුණ නිසා Circuit එකට හානියක් නොවෙන්න ට්‍රාන්සිස්ටර් වලට තිබුණු Heat Sink එකේ කොටසක් එක්ක Circuit එකේ කොටසක් කපලා දාන්න උනා. ඊට පස්සේ මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක Power Supply Unit එකේ casing එකට තහඩු කෑලි දෙකකින් හයි කෙරුවා.ඒත් එක්කම inverter circuit එකේ තිබුණ ස්විච් එකයි LED 3යි වයර් වලින් Casing එකේ ඉස්සරහින් හයි කරා. UPS එකේ තිබුන power output socket එකත් casing එකට හයි කරා 230v ගන්න.තව circuit එකේ තිබුණ piezo speaker එකත් ගැලෙව්වා .දැන් වැඩේ හරි.!
               රූප වලින් පෙන්නලා තියෙන්නෙ එහෙම හදපු inverter එක. දැනට ප්‍රධාන විදුලි බිඳ වැටීමකදි on වෙන්න නම් හදලා නෑ. ඒත් දවල් කාලයට ලැප්ටොප් එක චාර්ජ් කරගන්න, Circuit පාස්සන්න බවුත් එක රත් කරගන්න වගේ වැඩ වලට මේක හොඳටම ඇති. මතක තියා ගන්න ඕනි තව වැදගත් දෙයක් තමයි inverter එකේ වොට් ප්‍රමාණය. inverter එකට ආවට ගියාට උපකරණ හයි කරන්නෙ නැතුව වොට් ප්‍රමාණයට ගැලපෙන විදිහට උපකරණ එකතු කරන්න ඕනි. උදාහරණයකට මේ inverter එක 600W නිසා උපකරණ ඔක්කොම එකතුව 600W වලට අඩු වෙන්න ඕනි. ප්‍රශ්ණ, ගැටලු තියෙනවා නම් අහන්න.


8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. කාගෙදෝයි අර පට්ටලේ.

    වැඩේනං නරකම නෑ. යූපීඑස් සර්කිට් එකක් මා ගාව තියෙන එකේ (ඔවු අර පරණ බඩු ගොඩේම තමයි) ට්‍රයි කරල බලන්නත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අර වරායාය පාරේ යනකොට දකුණු පැත්තේ තියෙන්නෙ.. (ප්‍රින්ටර් හදන්නේ නැත.. හැක්!)
      හදමු අනිවාර්‍ය්‍යෙන් හදමු... ඉස්සෙලා හොයාගෙන ඉමුකෝ.. ;)

      Delete
Previous Post Next Post

Recent Post

Features