Google + අවසන් ගමනට සැරසෙයි

                                                            ලෝකය පුරා විසිරී සිටින බොහෝ දෙනෙක් මිතුරන් කිරීමට, එකිනෙකා හඳුනා ගන්නට අඩිතාලමක් වෙන්නට සමාජ ජාලවලට (Social Media)  පුළුවන් උනා. සමාජ ජාල ගැන කතා කරද්දි උඩටම එන නම් අතර ගූගල් ප්ලස් තියෙනවා. ඒත් මේ අවුරුද්දේ අප්‍රේල් 2 වෙනි දා පටන් ගූගල් සමාගම තීරණය කරලා තියෙනවා ගූගල් ප්ලස් සේවාව නවතා දමන්නට.
                       ගූගල් ප්ලස් පටන් ගත්තේ මීට අවුරුදු 7 කට කලින් 2011 ජූනි 28 වෙනිදා. ඒ කලින් තිබුණ ගූගල් බස් (Google Buzz) සේවයේ ප්‍රතිස්ථාපනයක් විදිහට. අනෙක් Social Media වලට වඩා ගූගල් ප්ලස් වෙනස් උනේ circles කියන විශේෂාංගය නිසයි. Circles නිසා අපි කැමති අයට friend requests යවන්නේ නැතුව ඒ අයව "family" ,"friends" වගේ කණ්ඩායම් කරලා තියන්න පුළුවන් වුණා.
                         
                       ගූගල් ප්ලස් නවත්වා දමන්න ප්‍රධාන හේතුවක් වුණේ ආරක්ෂක දුර්වලතාවයකින් 2018 මාර්තු මාසයේ සිදවුණ මිලියන් 52 කගේ පරිශීලක දත්ත අනාවරණයි. ගූගල් සමාගම කියන විදිහට දැනට භාවිතා කරන පිරිසෙනුත් 90% ක් ගේ රැඳී සිටන කාලය තත්පර 5 ක් වැනි ඉතා කුඩා කාලයක් බවයි. ව්‍යාපාරික අවශ්‍යතා මත සේවකයන් සමග සබඳතා පවත්වාගෙන යන පරිශීලකයන්ට සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.

                       මේ විදිහට ප්ලස් සේවාව වසා දමන නිසා එහි පවතින පරිශීලක දත්ත ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව ලබා දීලා තියෙනවා. මෙන්න මේ ලිංක් එකෙන් ගිහින් තමන්ට අදාල දත්ත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොම උනත් Google Photos වලට බැකප් කරලා තියෙන පින්තූර, වීඩියෝ ඉවත් නොවෙනු ඇති.
                         ඒ වගේම ප්ලස් සේවාව භාවිතා කරන මෘදුකාංඟ නිර්මාපකයන්ට ද මින් ඉදිරියට ඒ සේවා භාවිතා කල නොහැකි වේවි. එසේම බ්ලොගර් තුලද මින් ඉදිරියට භාවිතා වුණ +1 Button, Google+ Followers  හා Google+  Badge යන  Google+ widgets බ්ලොගර් තුලින් ඉවත්ව යනු ඇත. Google+ Comments බ්ලොගර් Comments ලෙස වෙනස් කරගැනීමට හැකියාව තිබුණත් Google+ ලිපි වල ඇති comments ලබා ගැනීමට නොහැකිය. එසේම දැනට ගූගල් ප්ලස් ප්‍රොෆයිලය භාවිතා කරන අයට ඉදිරියේදී බ්ලොගර් ප්‍රෝෆයිලය භාවිත කිරීමට සිදුවේ.
                       අන්තර්ජාලය තුල පෙරලියක් කර තිබුණත් ගූගල් සමාගමට ලෝකයට ගැලපෙන විදිහට Social Media Network එකක් නිර්මාණය කිරීම අතින් දිගින් දිගටම අසමත් වී තිබෙනවා. සුපුරුදු ලෙස තවමත් Facebook පෙරමුණේ සිටින අතර මින් පසු ගූගල් සමාගම තවත් සේවාවක් අරඹනවාදැයි තවම තොරතුරු නැත.

13 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හැම ගුගල් ප්‍රඩක්ට් එකම හොඳ නැහැ. ගුගල් ඇප් ස්වීට් එකට බැරි උනා MS Office 365 එක්ක තරඟ කරන්න. ඇපල් සහ ගුගල් වලිය ගොඩ දාගත්තෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මිල අඩු නිසා. මට පුදුම මේ තීරණය මෙතරම් පරක්කු උනේ ඇයි කියල

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මාත් එකඟයි. මෙයාලා හදන්නේ හැම එකෙන්ම කොටසක් එයාලගෙත් කරගන්න. ඒත් මොනවා කරත් ගැලපෙන්නෙ නැති බාල සේවා නිකන්ම හැලිලා යනවා. Internet Explorer කියන්නෙත් ඒ වගේ එකක්නෙ. නිකන් දුන්නත් පාවිච්චි කරන්නෙ නෑ.

      Delete
  2. අපි සෝ්ක දිනයක් පොරකාස කරමු. විනාඩි අරික් කාලක දිගු නිහැඩියාවකින් සෝකය පලකරමු. අත්වල කළු රෙදි පටි බැදන් වැඩට යමු. හවසට සෙට්වෙලා දුකට බොමු. බුකියේ දාලා ලොකු කැම්පෙන් එකක් කරන්න පුලූවන්

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවා නැති වුනත් //හවසට සෙට්වෙලා දුකට බොමු/// හැක්!

      Delete
  3. මං උඹලට ඉස්සර ඉදන්ම කියුවා ගුගල් මකබාව හරියන්නේ නැ , බ්ලොගර් කමෙන්ට් බොක්ස් එක දාපල්ලා කියල

    ReplyDelete
    Replies
    1. අන්න කතා කරහං. මටත් පේන්න බැරුව තිබුණෙ ඕක.

      Delete
    2. ඒකෙන් කමෙන්ට් දාන්න නම් එපා වෙනවා තමයි.. දැන් ඉතිං හරි...!

      Delete
  4. මටනං ඕක මුල ඉඳලම ඇල්ලුවෙ නෑ. ඉතිං ඕකට කෙලවෙන එක අහන්නත් දෙයක්යැ.

    ReplyDelete
    Replies
    1. මදැයි මෙච්චර දවසක්වත් තිබ්බා...

      Delete
  5. කොච්චර වුණත් අවසානයක් ගැන ඔහොමත් සතුටු වෙනවද හැබෑට!

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නං... බලං ගියාම වහනකන්නෙ බලං ඉඳලා තියෙන්නේ!
      හැක්!

      Delete
  6. මගෙත් අකවුන්ට් එකක් තිබ්බට තිබ්බ.. බ්ලොගර් එකට කෙලින්නේ නැත්නම් මක්ක උනත් සෝකයක් නෑ මටනම්..

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් නැවැත්තුවොත් ඉතිං ඒක ගූගලයගෙත් අවසානෙ තමයි.. හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features