Samsung Galaxy S10

                    සැම්සුන් සමාගමේ Galaxy S දුරකථන මාදිලි පෙලේ දසවෙනි වසර සම්පූර්ණ කරමින් එහි අලුත්ම නිපැයුම වෙන Samsung Galaxy S10 දුරකථනය පසුගිය 20 වෙනිදා එළිදක්වනු ලැබුවා. 
            S10 හි තිරය අඟල් 6.1 ක තිරයක් වන අතර එය දුරකථනයේ 93.1% පමණ තිබෙන විදිහට එහි දාරය ඉතාමත් කුඩාවට නිර්මාණය කර තිබෙනවා.සැම්සුන් හැමදාමත් ඇපල් දුරකථන මෙන්ම අනෙක් දුරකථන වලත් තිරයේ තිබුණ notch එකට වැඩි කැමත්තක් දැක්වූයේ නෑ. ඒ විතරක් නෙවෙයි notch එක විහිලුවට ලක් කරලා දැන්වීම් පවා Samsung සමාගම නිකුත් කරලා තිබුණා. 
             ඒ අනුව යමින් ඉදිරි කැමරාවට පමණක් කුඩා සිදුරක් ඉතිරි කර ඉතිරිය තිරයට යොදාගෙන තිබෙනවා. එය Honor View 20 දුරකථනයට සමානයි.ලෝකයේ ප්‍රථමවරට ultrasonic ශබ්ධ තරංංග මගින් ක්‍රියා කරන fingerprint scanner එකක් S10 සතුයි. පිටුපස කැමරාව කැමරා 4 ක් දක්වා ද, ප්‍රධාන මතකය 1TB, රැම් මතකය 12GB දක්වාද S10 දුරකථනයේ පවතියි. Snapdragon 855 නවතම චිප් පද්ධතියෙන් හා Android Pie මෙහෙයුම් පද්ධතියෙන් S10 දුරකථනය බලසම්පන්න කර ඇත. තවත් විශේෂම කරුණ වන්නේ දුරකතන සන්නිවේදනයේ නවතම 5G තාක්ෂණයටද මෙය සහය දැක්වීමයි. මෙය S මාදිලියේ ප්‍රථම 5G දුරකථනයයි. සුපුරුදු පරිදි 3.5mm Headphone jack එක සමග USB type-C පෝට් එකක් දැකගන්න පුළුවන්.
                ඉදිරිපස කැමරාව normal, telephoto හා new ultra-wide ලෙස ෆොටෝ ලබා ගත හැකි ලෙන්ස් 3ක් ඇති කැමරාවක්. පිටුපස කැමරාව 16MP + 12MP + 12MP ලෙස කැමරා 3 ක් ඇත. එසේම S10 සමග එන විශේෂාංගයක් විදිහට Wireless PowerShare පහසුකමෙන් තවත් ෆෝන් එකක් චාර්ජ් කරගන්න හරි Galaxy Buds චාර්ජ් කරගන්න යොදා ගන්න පුළුවන්. මේ සියල්ල සමග දුරකථනයේ ක්‍රියාකාරිත්වයට 3,400mAh ක බැටරියක් පවතිනවා. Galaxy S10, S10 plus, S10E,S10 5G විදිහට සංස්කරණ 4 ක් යටතේ හා White,Black, Green, Blue, Canary Yellow යන වර්ණ වලින් ලබා ගන්න පුළුවන්.

SAMSUNG GALAXY S10 SPECS
Weight: 157g
Dimensions: 149.9 x 70.4 x 7.8mm
OS: Android 9
Screen size: 6.1-inch
Resolution: QHD+
CPU: Octa-core chipset
RAM: 8GB
Storage: 128/512GB
Battery: 3,400mAh
Rear camera: 16MP + 12MP + 12MP
Front camera: 10MP    

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features