Sony Aibo : ගෙදර සුරතලාත් රොබෝ වෙයිද?

                                                 ගෙදරක සුරතලයට සතෙක් ඇතිකරනවා නම් ගොඩක් වෙලාවට ඒ බලුපැටියෙක්. මිනිසාගේ හොඳම මිතුරා කියලත් කියනවනේ. ඉතිං ඉස්සරහට නම් ඒ කතාව ටිකක් වෙනස් වෙයි වගේ. කොහොමද ගෙදර සුරතල් බලු පැටියත් රොබෝ කෙනෙක් උනොත්?
Sony Aibo
            සෝනි සමාගමෙන් අයිබෝ කියන මේ රොබෝ බලු පැටියා මුලින්ම නිකුත් කලේ 1999 වසරේදියි. අයිබෝ කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන රොබෝවක්. ගෙදර ඇති කරන බලු පැටියෙකුගෙ තියෙන අංග චලන ඒ විදිහටම වගේ සිදුකරන්න මේ රොබෝවට පුළුවන්. අයිබෝ නිෂ්පාදන 1999 පටන් ගත්තත් 2006 දී නිෂ්පාදන නතර කරනු ලැබුවා. ඊට අවුරුදු 11 කට පසුව 2017 දී නව අයිබෝ සංස්කරණයක් නිකුත් කරන බවට සෝනි සමාගම නිවේදනය කලා. ඒ අනුව යමින් CES 2019 උළෙලේ දී ERS-1000 මොඩලය යටතේ නව අයිබෝ රොබෝව එලිදක්වනු ලැබුවා.

වැඩ කිඩ
        අයිබෝ හට කැමරා දෙකක් ,ස්පර්ෂ සංවේදක වගේම තව සංවේදක රාශියක් පිහිටලා තියෙනවා. එක කැමරාවක් පිටුපස වලිගය ලඟත් අනෙක් කැමරාව නාසයේත් පිහිටලා තියෙනවා. ඉදිරි කැමරාවෙන් මුහුණු හඳුනාගන්න, මස්කට්ටක් විදිහට හදපු අයිබෝගේ (AiBone) සෙල්ලම් බාන්ඩය හඳුනාගන්නත් පුළුවන්. පිටුපස කැමරාවෙන් බැටරි ආරෝපණය කරගන්න තැන අඳුරගන්න වගේ අවස්ථාවලට යොදාගන්නවා. අයිබෝට කටහඬ හඳුනාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සෝනි සමාගම දෙන ඇප් එකකින් අයිබෝ හට අලුත් දේවල් පුරුදු කරන්න, ඉදිරි කැමරාවෙන් පින්තූර ගන්නත් රොබෝවේ ඇස් වල පාට වෙනස් කරන්නත් පුළුවන්. .ඒත් මේ රොබෝව හදලා තියෙන්නෙ ස්මාර්ට් හෝම් උපාංඟයක් විදිහට නම් නෙවෙයි. ඒ කියන්නෙ උදේට ප්‍රවෘත්ති කියවන්න, ඉන්ටනෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා කාලගුණය ගැන කියන්න නම් මෙයාට බෑ.
     අලුත් අයිබෝ රොබෝවට 100 දෙනෙක් දක්වා ඒ අයගේ හැසිරීම් එක්ක වෙනවෙනම මතක තියාගන්න පුළුවන්. නිකට යට, ඔළුව අතගානවට කටහඬින් හොඳ ප්‍රතිචාර දක්වනවාට අයිබෝ ගොඩක් කැමතියි. අයිබෝට සෙල්ලම් කරන්න පොඩි රෝස පාට බෝලයක් වගේම කලින් කියපු  අයිබෝන් එක තියෙනවා. අත්වනන්න, ඉඳගන්න, නටන්න, බෝලෙකට පයින් ගහන්න, සින්දු කියන එක  අයිබෝට පුළුවන් වැඩ කීපයක්.

දෘඩාංඟ
       අයිබෝ රොබෝවට 64-bit Quad-Core ප්‍රොසෙසර් එකක් තියෙනවා. OLED ඇස් දෙකක්, මයික්‍රොෆෝන් 4ක්, flight sensor එකක්, ranging sensors, capacitive touch sensors, gyro sensors, acceleration sensors, අලෝක සංවේදකයක්, චලන සංවේදකයක් එක්ක පාද වලට සම්බන්ද කෙරුණු සංවේදක තියෙනවා.

මෘදුකාංඟ
      උඩින් කිව්වා වගේම මේක කෘතීම බුද්ධි වැඩසටහනකින් ක්‍රියාත්මක වන Aperios කියන මෙහෙයුම් පද්ධතියෙන් (Real-Time Operating system) ක්‍රියාත්මක වෙන රොබෝවක්. My Aibo වැඩසටහනින් රොබෝවේ දත්ත ක්ල්වුඩ් දත්ත රැඳවුමට සම්බන්ධ කරන්න පුළුවන්. සෝනි සමාගම නිෂ්පාදනය කල OPEN-R architecture ට අනුව  මෘදුකාංඟ සකසා තිබෙනවා. ඒ නිසා පහසුවෙන් දෘඩාංඟ, මෘදුකාංඟ කොටස් වෙනස් කරන්න හැකියාව ලැබිලා තියෙනවා.
           අයිබෝ රොබෝව හඳුවන්වන්නේ සෙල්ලම් උපකරණයක් විදිහටයි. ඇත්තටම අයිබෝ ඇතිකරන අයට කෑම දෙන්න, බෙහෙත් විදින්න, වෙනත් අවශ්‍යතා ඉටු කරන්න වගේම කූඩුවක් හදන්න ඕනි වෙන්නේ නෑ. හැබැයි ඉතින් විදුලිය නැත්නම් මෙයාගෙන් වැඩක් නෑ. ඒ වගේම කුඩා දරුවන්ට නම් මෙයාව ගොඩක් හුරතල් සෙල්ලම් බඩුවක් වේවි. $1,750 (රු.318,500) විතර මිලකට මේක අලෙවි කරනවා. ඒ අනුව සෝනි අයිබෝ යනු හුදෙක් නවීන පන්නයේ මිල අධික සෙල්ලම් උපාංගයකි.

8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මම නම් ගන්නේ නැහැ සල්ලි දීල ඔය වගේ එකක්. ගන්නවා නම් මොකක් හරි වැඩක් කරන්න පුළුවන් රොබෝවක් මිසක්.,

    ReplyDelete
    Replies
    1. මේ එන්නෙ නුදුරු අනාගතය අයියේ. අකමැත්තෙන් උනත් ඉස්සරහට ගෙවල් වල මේ වගේ සත්තු තමයි දකින්න වෙන්නෙ සමහරවිට.

      Delete
  2. මචන් බ්ලොග් එක නියමයි

    ReplyDelete
  3. ඕක හොරු අල්ලන බල්ලෙක් නෙමයි හොරුන්ට උස්සගෙන යන්න පුලුවං බල්ලෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දානේ ඌත් ගේ අස්සට දාලා ලොක් එකක් දාලා යන්නෙ අයියා.. හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features