"කලු පෙට්ටිය"

                 ගුවන් අනතුරක් සිදුවු පසු එතැනට පැමිනෙණ පිරිස් පලමුවෙන්ම සොයන්නේ කලු පෙට්ටිය නම් උපකරණයකි.ඊට හේතුව ගුවන් අනතුරේ සිදුවු අයුරු සොයාගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ එය බැවිනි.එවැනි උපකරණයක් නිර්මාණය කල පුද්ගලයා කව්දැයි සොයාබැලීම වටී.මේ ඔහු පිලිබඳවයි.


                  ඔහු නමින් ඩේවිඩ් වොරන් ඕස්ට්‍රේලියානු ගගනයා පර්යේෂණ ආයතනයේ විද්යාඥයකි.ඔහුට මෙම නිර්මාණය කිරීමට සිතුනේ 1953 සිදු වු ලොව පලමු ජෙට් එයාර්ලයිනර් ගුවන් අනතුර විමර්ශනයට ගිය අවස්ථාවේදීය.අනතුර වෙන සිදුවෙන අවස්ථාවේදී නියමු කුටියේ කතා බහ,ගුවන් යානයේ යාන්ත්‍රික තන්ව ආදියෙහි වාර්ථාවක් ලබා ගැනීමට හැකිනම් අනතුරේ සුලමුල සොයා ගත හැකි බව ඔහුට තෙරුම් ගියේය.


            මේ අනුව යමින් ඔහු 1956 වසරේදී උපකරණයක් තැනීය.සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ඔහු ලබාගෙන ඇති අචාර්ය්‍ය උපාධිය සිය කටයුතු වලට මනා පි‍ටුවහලක් විය.


ඩේවිඩ් වොරන් නිර්මාණය කල මෙම උපකරණය ගුවන් යානා තොරතුරු රෙකෝඩරය(FDR-Flight Data Recoder) ලෙස හඳුන්වන ලබන අතර,උපතින් එය තැඹිලි පැහැති වුවත් අනතුරෙන් පසු එය කලු පැහැ ගන්නා නිසා එයට "කලු පෙට්ටිය" යන නම යෙදී ඇත. 


  මෙය නිකන්ම නිකන් රෙකෝඩරයක් පමණක් නොවේ.එයට දැඩි කම්කටොලු විඳ දරාගැනීමේ හැකියාවකින් යුක්තය.කාල තුවක්කුවකින් කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් හානි නොවේ. සෙන්ටිග්‍රෙඩ් අංශක 1000 ක උණුසුමක් පවා එයට දරාගැනීමට පුලුවන.මහ මුහුදේ අඩි 20000 ගැඹුරක තිබුනත් තොරතුරු සු‍රැකේ.මුලදී මෙහි තොරතුරු එකතුකිරීමට ටේප් පටි භාවිතා කල අතර දැන් නවීන පරිගණක උපාංග භාවිතා කරයි.


 සෑම කලු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් වගන්තියක් තිබේ ඒ "ගුවන් ගමන් තොරතුරු රෙකෝඩරය.විවුර්ත නොකරන්න(Flight Recoder; Do not Open) ලෙස සඳහන් කර තිබේ. 2010 ජූලි 19 වැනිදා මෙලොවෙන් සමු ගත් ඩේවිඩ් වොරන් ගේ ශව මංජුසාවේ ඔහුට කරන ගෞරවයක් ලෙස මෙසේ සටහන් කර තිබුණි.ඒ "ගුවන් ගමන් තොරතුරු රෙකෝඩරය සොයාගත් පුද්ගලයා.විවුර්ත නොකරන්න(Flight Recoder Inventor; Do not Open)" ලෙසයි.


                                                                   ඩේවිඩ් වොරන්



                                                       ගුවන් යානා තොරතුරු රෙකෝඩරය

1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. FDR එකට අමතරව CVR (Cockpit Voice Recorder) කියල තව එකක් තියෙනව කටහඬ පටිගත කරන්න.

    Air crash investigation ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නන විදියටනං ඔය ගැජට් ගොඩක් වෙලාවට හානියට පත්වෙලා තමයි හම්බ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features