මයික්‍රෝසොෆ්ට් සර්ෆේස් ප්‍රො 3!

මයික්‍රෝසොෆ්ට් සමාගම මෘදුකාංග සමාගමක් ලෙස ප්‍රසිද්ධ සමාගමකි.දෘඩාංග නිපදවීම පිලිබඳ ඔවුන් එතරම් ජනප්‍රිය නැත. මේ නිසා ඔවුන් දෘඩාංග නිපදවීමට අත ගැසුවේ මීට කාලයකට ඉහත දීය. එහි ප්‍රතිඵලයක් ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමින් සර්ෆේස්  ටැබ්ලට් පරිගණකය නිකුත් විය. මෙහි අලුත්ම සංස්කරණය සර්ෆේස් ප්‍රො 3 (Surface Pro 3) මෙම මස 15 වන දා වෙළඳපොලට නිකුත්විය.
මෙම නවතම සර්ෆේස් ප්‍රො 3 ටැබ්ලට් උපාංගය හඳුන්වාදෙන්නේ ඩොකින් ස්ටේශන් (Docking Station) නම් ටැබ්ලට්ය ‍රැඳවිය හැකි ආධාරකයක්(Stand) ද සමගයි. එනම් වෙනත් වැඩ කරන අවස්ථාවලදී එය අත්ල මත තබා වැඩ කිරීමටත් අනෙක් අවස්ථා වලදී මේ ‍රැඳවුම මත සවි කොට තම කටයුතු සිදු කර ගැනීමටත් මෙමගින් පුලුවන. කෙසේ වුවද මෙම ඩොකින් ස්ටේශන් උපාංගය නිකන්ම නිකන් ආධාරකයක් පමණක් නොවේ. ටැබ්ලට් උපාංගයට බාහිර උපකරණ සවිකිරීමට ද මෙය යොදා ගත හැකිය. USB 2.0  ට වඩා දස ගුණයක් වේගවත් USB 3.0 කෙවෙනි 4ක්, HDMI කෙවෙනියක්, මීමෝ(MIMO) ඇන්ටනා,LAN සම්බන්ධතා මෙන්ම ටැබ්ලට් උපකරණයට බලය සැපයීමට ස්ථානයකින් ද මේ උපකරණයට අයත්ය.
සර්ෆේස් ටැබ්ලට් පරිගණකය වෙනත් ටැබ්ලට් පරිගණක වලට වඩා බලවත් උපකරණයකි. intel Core i5 ප්‍රොසෙසර්යකින් මෙය අලුත්ම වින්ඩෝස් 8 මෙහෙයුම් පධතියෙන් ක්‍රියාත්මක වේ. ARM ප්‍රොසෙසරය මගින් ක්‍රියා කරන සංස්කරණයක් ද තිබේ. අඟල් 10.6 ටච් ස්ක්‍රීන් එකක් ද, 32GB, 64GB, 128GB ආදී විවිධ මතක ධාරිතා වලින් ලබා ගත හැක. තවත් වැදගත් කාරණයක් වන්නේ පරිගණක තිර කිහිපයක් සමග වැඩ කල හැකි පරිදි ද සකසා තිබීමයි (4K external monitor). ඒත් සමගම කී බෝඩයක් , මවුසයක් සවිකරගත් විට මෙය සාමාන්‍ය පරිගණකයක් ලෙස භාවිත කරන්නාට දැනේ. මුලින්ම නිකුත් කල සර්ෆේස් ටැබ්ලට් පරිගණකය වසන ආවරනයද කී බෝඩ් එකක් ලෙස භාවිත කල හැකි විනි. ටයිප් කවර් (Type Cover) ලෙස එය හැඳින්විය. එහිදී ටැබ්ලටය මේසය මත ආනතව තැබීමට ආධාරකයක්(kik stand) ටැබ්ලටය පි‍ටුපසම තිබිණි.
මයික්‍රෝසොෆ්ට් සමාගමේ මේ උපාංගය අනෙක් ටැබ්ලට් පරිගණක වලට හොඳ තරඟයක් දෙනු ඇත. ඉන් වැඩියෙන්ම බලපෑම එල්ලවනු ඇත්තේ ඇපල් හා සැම්සුන් සමාගම් වලටය. සැබැවින්ම මයික්‍රෝසොෆ්ට් සමාගම සිය නව මෙහයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 පවා සැලසුම් කර ඇත්තේ ටැබ්ලට් පරිගණක වැනි ටච් ස්ක්‍රීන් වලට ගැලපෙන පරිදිය. ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වන්නේ ටැබ්ලට් උපාංග නිසා ඔවුන් එම මග ‍තෝරාගත්තා විය හැක.ඔවුන් තම වෙබ් අඩවියෙන් ද පවසන්නේ තම ලඟ තිබෙන ඩෙස්ක්ටොප් පරිගණකය අතහැර ටැබ්ලට් පරිගණකයට මාරු වන ලෙසයි ("it also allows this powerful tablet to replace your desktop PC!").දැන් සර්ෆේස් ප්‍රො 3 ටැබ්ලටයක් මිලට ගත් අයකුට ටැබ්ලටයක්, ලැප්ටොප් එකක් මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකයක් යන උපාංග 3 නම ලැබුනා වැනිය. සර්ෆේස් ප්‍රො 3 විප්ලවීය උපාංගයක් වන්නේ එනිසාවෙනි.



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features