කන පැලෙන්න සින්දු අහනවද?

     එම්පී ත්‍රී ප්ලෙයර් ඒකකින් හරි ළඟ තියෙන ෆෝන් එකෙන් හරි කොහෙ හරි ගමනක් යනකොට සින්දුවක් අහන්න හිතුනොත්.. කාටවත් කරදරයක් නැතිව මේ වැඩේ කරන්න තියෙන ලේසිම ක්‍රමය ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන එක. ඒත් දැන් මේක ටිකක් භයානක පැත්තකට හැරිලා. මේ ගැටලුව තමයි ඉයර්ෆෝන් නිසා ඒවා භාවිතා කරන අයගේ ශ්‍රවණාබාධ ඇතිවීම හා තවත් අය මේවා නිසා සදාකාලිකවම බිහිරි බවටත් පත් වීම.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඩෙසිබල් 85 ට වැඩි ශබ්ද [හඬෙහි සැර මනිනු ලබන්නේ ඩෙසිබල් වලිනි(db)] කනට හානිකර බවයි.. නමුත් ඉයර්ෆෝන් භාවිතා කරන්නන් මේ උපරිම සීමාවටත් වඩා ඉහල ශබ්දයකින් ගීත හෝ වෙනත් දේ ඇසීම සිදු කරනවා. ඇත්තටම මෙහෙම වෙන්නෙ කොහොමද?..
ඉයර්ෆෝන් එකත් කනේ ගහගෙන නගරයක ඇවිදගෙන යනකොට ඉයර්ෆෝන් එකෙන් ඇහෙන සද්දෙට වඩා පිටත ශබ්දය ඇහෙනවා. දැන් ඉතින් අර අහගෙන ආපු දේ අපහැදිලි වෙනවා. මේ හින්දා ප්ලෙයර් එකේ සඩ්දේ ටිකෙන් ටික වැඩි කරනවා. දැන් තමන්ට නොදැනුවත්ම තමන්ගේ කනට අහන්න පුලුවන් හඬේ සීමාවටත් වැඩියෙන් සද්දෙ වැඩි වෙලා.
පිරිසක් කතා කරමින් සිටිනා තැනක ඇති හඬෙහි උපරිම සැර ඩෙසිබල් 60කි. කලබලකාරී මාර්ගයක හඬෙහි උපරිම සැර ඩෙසිබල් 70කි, පාර කණින යන්ත්‍රයක ඇතිවන හඬ ඩෙසිබල් 100කි. යුරෝපා කොමිසම සිදුකල පරීක්ෂණයකට අනුව ඉයර්ෆෝන් භාවිත කරන්නන් හඬේ සැර ඩෙසිබල් 120 තරම් ඉහල අගයකින් ගීත අසන බවයි. මේ අයුරින් අවුරුදු 5ක් ගිය තැන ඒ තැනැත්තා බිහිරි බවට පත්වේ.
මේ හේතුව නිසා යුරෝපා සංගමය විසින් අලුත් නීතියක් තමන්ගේ රටට පනවා තිබේ. ඒ හඬෙහි සීමාව ඉක්මවා යන ඉයර්ෆෝන් තම රටට ගෙන්වීම තහනම් කිරීමයි. ඒ තම රටේ පුරවැසියන් වයස්ගත වීමටත් ප්‍රථම බිහිරි වීම වැලැක් වීමටයි.
මේ පුරුදු අත් හැරීමට නීති පැණවීමටම අවශ්‍ය නැත. කල යුත්තේ තමා විසින්ම නියමිත පරිදි ඉයර්ෆෝන් හඬ පාලනය කර ගැනීමයි. එයින් යහපත සැලසෙන්නේ තමාටමය.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features