ලැප්ටොප් පරිගණකයේ නිර්මාතෘ - විලියම් මොග්‍රිජ්

ලෝකයේ මුලින්ම නිර්මාණය කල පරිගණකය විශාල ශාලාවක් පිරෙන්නට තිබිණි. කාලය ගෙවී යත්ම එය ටිකෙන් ටික කුඩා වී මේසයක් මත තැබිය හැකිවන ලෙස කුඩා විය. එය සරලව "ඩෙස්ක්ටොප්" පරිගණකය ලෙස හඳුන්වයි. නමුදු මෙය එහා මෙහා ගෙනයා හැකි උපකරණයක් නොවිණි. කෙසේ වුවත් එක් විශිෂ්ඨ නිර්මාණ කරුවෙකුගේ වෑයමක ප්‍රථිඵලයක් ලෙස එහා මෙහා ගෙනයා හැකි පරිගණකය හෙවත් "ලැප්ටොප්" පරිගණකය බිහිවිය. ඔහුගේ නම විලියම් මොග්‍රිජ් ය. අද කොයි කවුරුත් ලැප්ටොප් වලින් වැඩ ගන්නේ මේ උදාර මිනිසාට පිණ් සිදුවන්නටය.
 නව නිර්මාණ කිරීමේ සහජ හැකියාවක් විලියම් මොග්‍රිජ් සතු විය. නව නිර්මාණයකට මාන බලමින් සිටි මොහුට නව අදහසක් පහලවිය. ඒ අතේ ගෙන යා හැකි හෙවත් ජංගම පරිගණකයක් තැනීමය. පැතිලි තිරයක් සහිත, බැටරි බලයෙන් ක්‍රියාකරන, නැවිය හැකි වන ලෙස හේ මේ පරිගණකය සැලසුම් කලේය. විලියම් ගේ මේ සැලසුම ක්‍රියාවට නැංවීමට ඔහුටම සරිලන තවත් පුද්ගලයෙකු ඊට හවුල් විය. ඒ ජෝන් එලන්බිය. ඔහු වෘතියෙන් ඉංජිනේරුවෙකි. දෙදෙනාම එක්ව මේ විප්ලවීය උපාංඟය නිර්මාණය කලේය. ඔවුන් නිර්මාණය කල මේ පරිගණකය "ග්‍රිඩ් කොම්පස්" (Grid Compass) ලෙස නම් කලේය. ග්‍රිඩ් කොම්පස් පරිගණකයට ෂාප් සමාගමින් නිපදවූ පික්සෙල් 320x240  තිරයක්, යතුරු පුවරුවක්  අයත් විණි. ඉන්ටෙල් 8086 ප්‍රොසෙසරයකින් පණ ලැබූ මෙය 256KB මතකයකින් ක්‍රියා කරන ග්‍රිඩ් ඕඑස්(Grid OS) මෙහෙයුම් පද්ධතියෙන් පණ ලැබීය.මෙහි ප්‍රධාන මතකය 384KB විය. 

       ඒ කාලයේදී ඉතා බලසම්පන්න උපකරණයක් වූ මෙය විලියම් හා ජෝන් එක්ව පිහි‍ටුවා ගත් ග්‍රිඩ් සිස්ටම් (Grid System) ආයතනයෙන් වෙළඳ 1976දී පොලට ආවේ ඩොලර් 8000 මිලකටය. මෙතරම් මිලක් ගෙවා මේ උපකරණය මිලට ගත්තේ ගුවන් ගමන් පාලනය හා හමුදා කටයුතු සඳහාය.

මේ නිර්මාණ කටයුතු නිසාම මොහු ඇමරිකාවේ හොඳම නිර්මාණකරුවන් 50 අතරටද ඇතුලත් විය.එසේම වර්තමානයේ ලැප්ටොප් නිපදවන්නන් සතුව ඇති පේටන්ට් බලපත්‍ර තුල විලියම් මොග්‍රිජ් ගේ පේටන්ට් බලපත්‍ර කිහිපයක් නිසැකවම පවතී.ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට විවිධ තාක්ෂණික මෙවලම් ලොවට දායාද කල මේ නිර්මාණකරුවා පිළිකා රෝගයකින් වයස අවු.69 ක්ව සිටියදී 2012 ඔක්තෝම්බර් 08 වැනිදා සදහටම ලොවෙන් සමුගත්තේය.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features