රේඛා අනුගමනය රොබෝ නිර්මාණය -පරිපථය ගොඩනැගීම

      පෙර අදියරේදී රොබෝ වරයාට අවශ්‍ය යාන්ත්‍රික කොටස නිර්මාණය කරන ආකාරය විස්තර විය. මේ පියවර මගින් එයට අදාල පරිපථ කොටස් සාදාගන්නා ආකාරය විස්තර වේ.
      මා  පෙර කියූ පරිදි මෙයට යොදා ගන්නේ ආලෝක පරාවර්ථනයයි.සුදු පෘෂ්ඨය ආලෝකය පරාවර්ථනය කරන අතර එවිට පරිපථය ක්‍රියාවී මෝටරය ක්‍රියාකරයි, කලු පෘෂ්ඨය ආලෝකය පරාවර්ථනය නොකරයි.මේ නිසා මෝටරය නවතී.මෙම සංසිද්ධිය උපයෝගි කොටගෙන මෙය ක්‍රියා කරයි.පහත රූප මගින් ඔබට එය පැහැදිලි වේවි.

මෙහිදී මෝටර on,off වීම මත රොබෝ තම මාර්ගයේ ගමන් කරයි.පහත රූපය බලන්න.

පළමුව පරිපථය දක්වා ඇති ලෙස එකලස් කර ගන්න.මෙය සාදාගැනීමට පරිපථය සාදන ඩොට් බෝඩ් එකක් පමණක් යොදා ගන්න(රු 70 පමණ වේ).එය මෙහි සාර්ථකව ක්‍රියාකිරීමට වැදගත්ය.මෙය සෑදීමේදී 741 යන කාරකාත්මක වර්ධක IC 2ක් භාවිත කර ඇත. සාමාන්‍ය ට්‍රාන්සිස්ටර යොදා මෙය සැකසිය හැකි වුවද මෙම IC එක ඊට වඩා සංවේදී මෙන්ම සාර්ථක ක්‍රියාකාරිත්වයක් ඇත.

       තවත් වැදගත් කරුණක් ඇත. එනම් ඔබ පරිපථය සෑදීමේදී LDR 2 හා LED 2 ට අදාල වයර ගෙන ඒවා වෙනම සවි කල යුතුය.එනම් LDR 2 හා LED 2 රොබෝවරයාගේ ඉදිරියෙන් ඩොට් බෝඩ් කැබැල්ලක රොබෝ ගමන් කරන මාර්ගය දෙපස කුඩා පරතරයක් සිටින සේ සවිකර පසුව වයර ආධාරයෙන් ඒවා සවිකර ගන්න. 

    පරිපථයට බල සැපයුම් 2 ක් එනම් බැටරි 2ක් මඟින් බලය සපයන්නේ මෝටර් වල ක්‍රියාකාරිත්වය පරිපථයට බාධාවක් නොවීමටයි. මෙහි ඇති රිලේ ස්විච් (Realay 1 ,Realay2) on වීමේදී මෝටර ක්‍රියාකරීමට සකසා තිබිය යුතුය. බැටරි 2 හිම (-) අග්‍රය එකට සම්බන්ද කර පරිපතයට සවිකරන්න. මෙය සෑදීමට මම පරිපථයට 9V බැටරියකුත් , මෝටර් සඳහා ඉවතලන ජංගම දුරකථන බැටරි 2ක් එකට සම්බන්ධ කර යෙදුවෙමි(මෙම බැටරි විස සහිත බැවින් බාවිතයේදී ප්‍රවේශම් වන්න).
පරිපථය නිමවා අවසන් වූ පසු මුලින් සෑදූ සැකිල්ලට ඒවා සම්බන්ද කර පහත පරිදි සාදා ගන්න.මෙය ගමන් කිරීමට සුදු පැහැති කාඩ් බෝඩ් එකක් මත කලු පැහැති මාර්ගයක් සාදා ගන්න. මෙම මාර්ගය වංගු සහිත විය යුතු අතර සංවේදක 2 ඒ පරතරයට වඩා මදක් අඩුවෙන් සාදා ගන්න.දැන් මෙයට විදුලිය සපයා පරිපථයේ ඇති පෙර සැකසුම් ප්‍රතිරෝද(presets) මගින් (100K VR)සංවේදකයට අදාල මෝටරය සුදු පසුබිමේදී  on වීමටත්, කලු පසුබිමේදී  off වීමටත් සකසා ගන්න.මෙම අදියර සියල්ල සාර්ථකව නිම කලේ නම් දැන් ඔබගේ රොබෝ වරයා සූදානම්ය! ඔබ සෑදූ මාරගයේ රොබෝ තබා බලය ලබා දෙන්න. ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න.

Bottom View 

Top View

 <<Back

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. free enegry genarator video eka mea link eken balanna meka boruwak da meaka wada nama oyave blog eke karana widiya sinhalen post ekak liyanna

    youtuebe =

    http://www.youtube.com/watch?v=skAePZGgpAA


    meke wistara link eka meke karana widiya tiyenawa apita terenne na

    http://free-energi.com/index.php?a=1

    ReplyDelete
    Replies
    1. මට නම් මේක විශ්වාස කරන්න බෑ. ඔහොම කරන්ට් එක ගන්න පුලුවන්නම් හැමෝම සූර්‍ය කෝෂයි, ෆ්ලෑෂර්, කාන්දම් කෑලි අරං ගෙදරම නිපදව ගනියි නේ...! ටෙස් කරල බලල මිසක් කියන්න බෑ.

      Delete
  2. Relay ස්විච්වල සොයන්නබැ

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features