මොර‍ටු සරසවියෙන් හයිබ්‍රිඩ් බයිසිකලයක්

හයිබ්‍රිඩ් කාර් ගැන අහල තිබුණට හයිබ්‍රිඩ් බයිසිකලයක් ගැන අහල තිබුණද? දැන් කියන්න ඒ වගෙ හයිබ්‍රිඩ් බයිසිකලයක් ගැන (සමහර අය අහයි චයිනිස් ද කියලා.. අපෝ නෑ. මේක මේඩ් ඉන් ශ්‍රි ලංකා!). මේ පාපැදිය නිපදවලා තියෙන්නෙ මොර‍ටුව සරසවියෙන්. මීට ඉස්සරත් නියමුවන් රහිත යානවක් එහෙමත් හැදුවා මතක ඇති. අන්න ඒ වගේ තවත් දක්ෂයො දෙන්නෙක් තමයි මේක හදල තියෙන්නෙ. මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන රිසිර කන්නන්ගර සහ වෙනුර දිසානායක කියන දෙන්න තමයි මේක හදල තියෙන්නෙ. ඉංජිනේරු පීඨයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිරෝෂ් ජයවීර සහ අසිත කුලසේකර යන කථිකාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම දීල තියෙනවා.
‘ලෝකයේ බොහෝ රටවල නාගරික ප‍්‍රදේශවල ප‍්‍රවාහනය සඳහා විශාල වශයෙන් පාපැදිය භාවිත කරන අතර එය අධික මාර්ග තදබදය, ඉහළ යන ඉන්ධන පිරිවැය හා වායුගෝලයට අහිතකර විමෝචන යන මේ සියළුම ගැටලූවලට සරල විසඳුමක් ලෙස පාපැදිය හඳුනාගෙන තියෙනවා. ශීත රටවල් මෙන් නොව, ඝර්ම කලාපීය රටක් වන ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රජාව පාපැදි භාවිතයට මැලිකමක් දක්වන්නේ ඒ සඳහා යෙදිය යුතු අධික ආයාසය, දහදිය ගැලීම හා එමගින් සිරුරට දැනෙන අපහසුව නිසයි.‘
මෙම පාපැදියෙහි විදුලි මෝටරය පැඩලය අසල පහළින් සවි කොට ඇති අතර විශේෂ දම්වැල් යාන්ත‍්‍රණයක් ආධාරයෙන් මෝටරය සහ පැඩලයෙන් ඇති කෙරෙන ඇඹරුම (ව්‍යාවර්තය) පසුපස රෝදය වෙත සම්පේ‍්‍රෂණය කෙරෙනවා. යතුරු පැදියකට සමාන ඇක්සලරේටරයක් මගින් මෝටරයේ වේගය පාලනය කළ හැකි පරිදි සකසා ඇති අතර මෙහි මෝටරය ක‍්‍රියාත්මක වන විට පාදිකය නිශ්චලව තබා ගැනීමද කළ හැකියි.

   මෝටරය ක‍්‍රියාත්මක වන අතරතුර පැඩලය ක‍්‍රියාත්මක කරවීමෙන් පදින්නාගේ කැමැත්ත මත පාපැදියේ වේගය ඉහළ නංවා ගැනීමේ හැකියාවද පැවතීම මෙහි තවත් එක් විශේෂත්වයක්. එසේම පදින්නාගේ ආරක්ෂාව තහවුරු කරමින් මෝටරය පමණක් උපයෝගී කරගෙන ගමන් කළ හැකි උපරිම වේගය පැ.කි. 24 ට සීමා කර ඇති අතර තිරිංග යෙදීමේදී මෝටරය ක‍්‍රියා විරහිත වන පරිදි පාපැදිය සකස් කර තිබෙනවා.
මෙම පාපැදියට තවත් විශේෂාංගයක් ලෙස ස්වයංක‍්‍රීය ධාවන විධියක් හඳුන්වාදී තියෙනවා. ඇක්සලරේටරය මගින් මෝටරයේ වේගය පාලනය කරනවා වෙනුවට මෙහිදී සිදුවන්නේ සංවේදක කිහිපයක් මගින් මෝටරයේ වේගය පාලනය කිරීමයි. පැඩලයේ භ‍්‍රමණ සංඛ්‍යාතය, මාර්ගයේ බෑවුම සහ පදින්නාගේ හෘද ස්පන්දන වේගය මෙලෙස සංවේදක මඟින් ප‍්‍රතිග‍්‍රහණය කරනවා. ඒ වගේම එම එක් එක් ප‍්‍රධාන පරාමිතින්ගේ වෙනස්වීම්වලට අනුකූලව මෝටරයේ වේගය පාලනය වන්නේ පදින්නාගේ ආයාසයකින් තොරව ය. මෙම ධාවන විධිය මඟින් අපේක්ෂා කෙරෙනුයේ පදින්නා සහ මෝටරය මඟින් ලබාදෙන ශක්තිය ප‍්‍රශස්ත ලෙස උපයෝගී කොට එමඟින් වැඩි ධාවන පරාසයක් ලබා ගැනීමයි. මෙය හයිබි‍්‍රඩ් මෝටර් රථවල ‘එකෝ මොඩ්’යන විශේෂාංගයට යම්තාක් දුරකට සමාන වෙනවා.
              මෙම පාපැදිය සඳහා යොදා ඇති බැටරි ඇසුරුම නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි වලින් සමන්විත වෙනවා. කිලෝග‍්‍රෑම් 28 ක බරකින් යුක්ත පාපැදිය කිලෝග‍්‍රෑම් 120 දක්වා බරක් අපහසුවකින් තොරව ප‍්‍රවාහනය කළ හැකිය. මෙහි දැනට යොදා ඇති බැටරි ඇසුරුම වරක් ආරෝපණය කළ පසු මෝටරයේ සහාය උපයෝගී කරගෙන  කිලෝමීටර 10 ක දුර ප‍්‍රමාණයක් ධාවනය කළ හැකි වෙනවා.
මොකද හිතන්නේ...? සුපිරිනේද? වේග පාලනය, පදින්නාගේ ආරක්ෂාවට යොදාගෙන තියෙන උපක්‍රම ටිකම ඇති මේ නිර්මාණයට ඇගයිමක් දෙන්න. ඒත් අපේ රටෙන් මේවගේ නිර්මාණයකට ඇගයිමක් ලැබේවිද කියල හිතෙනවා (ගොඩක් නිර්මාණ ප්‍රදර්ශන භාණ්ඩ විතරක් වෙනවා..). ඇගයිමක් කියන එකෙන් අදහස් කලේ සම්මාන සහතික දෙන එකම නෙවෙයි .මේ වගේ සුපිරි නිර්මාණ කොච්චර නම් අපේ රටෙන් බිහිවෙනවද? අන්තිමට ඒවා නවතින්නෙ ඇමරිකාවෙ, ජපානෙ වගෙ රටවල (මම දන්න හැටියට අත්ට්‍රැක්ටරයත් අපේ රටේ නිර්මාණයක්). ඊටපස්සෙ බදු ගහල ආයෙත් අපේ රටට ගෙන්වලා විකුණනවා. උදාහරණයකට වගේ මම කියන්නෙ.. මේ හයිබ්‍රිඩ් බයිසිකලය හදන පුංචි කර්මාන්ත ශාලාවක් දැම්මොත් කොහොමද... සල්ලි හොයාගෙන අපේ කොල්ලන්ට කොරියාවට, ඉතාලියට යන්න ඕනි නෑ. අනික මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට යන තරම් වියදමක් යන්නෙත් නෑ.
ඔත්තුව හා පින්තූර:http://www.lankadeepa.lk/

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features