ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයේ බුක් මාර්ක් මැනේජ් කරන හැටි

         බුක් මාක් ගැන කොයි කවුරුත් දන්නවානේ. අපි කියපු තැනක් අමතක වෙනවට යොදන සලකුණ නෙ ඔය බුක් මාක් එකක් කියන්නේ. ආන්න ඒ වගේ අපි ඉන්ටනෙට් එකේ හොයපු බලපු වෙබ් සයිට් බුක් මාක් විදිහට සලකුණු කරනන්න පුළුවන් කියලා දන්නවා ඇති. අද කියල දෙන්නෙ ගූගල් ක්‍රෝම් වලදි මේ බුක් මාක් මැනේජ් කරන හැටි ගැන...
බුක් මාක් මැනේජර් එක ඕපන් කරන විදිහ
මේකට ක්‍රම දෙකක් තියෙනවා. බ්‍රව්සර් එකේ බුක් මාක් පෙන්නන මෙනු එක උඩ මවුස් එකේ රයිට් ක්ලික් කරලා ලැබෙන මෙනු එකෙන් Bookmark Maneger ක්ලික් කරලා ඕපන් කරගන්න පුලුවන්.
 අනෙක් ක්‍රමය තමයි බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ "chrome://bookmarks" කියල ටයිප් කරලා Enter කරන එක. 
බුක් මාර්ක් කාණ්ඩ කිරීම
අපි බුක් මාක් කාලයක් ලකුණු කර ගෙන යන කොට අපිට වත් හරියට හොයා ගන්න බැරි විදිහට මේවා ගොඩ ගැහෙනවා. ඒ හින්දා අපිට බුක් මාක් අපිට අවශ්‍ය විදිහට වෙන් කරලා තියාගන්න පුලුවන් (Music,News,Blogs... වගේ). 
මේක කරන්න මුලින්ම බුක් මාක් එකක් උඩට මවුස් එක අරගෙන ගියාම හරි ලකුණක් පෙන්වාවි. ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ උඩ මෙනු එකෙ choose folder කියන ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්ලික් කරන්න. දැන් දැනටමත් තියෙන ෆෝල්ඩර් පෙන්වාවි. නැත්නම් අලුතින් එකක් හදන්න New folder කියන ටෙක්ස්ට් බොක්ස් එකට කැමති නමක් දීලා create බට්න් එක ක්ලික් කරන්න.
           ඒ විදිහට අපිට අලුත් ෆෝල්ඩර් හදල ඒවට බුක්මාක් ඕනි විදිහට ඇඩ් කරගන්න පුලුවන්. බුක් මාක් කිහිපයක් එකවර සිලෙක්ට් කරලා දාගන්නත් පුලුවන්.
බුක් මාර්ක් මැනේජර් එකේ වම් පැත්තෙ මෙනු එකෙන් All items වලින් දැනට තියෙන සියලුම බුක්මාක් බලා ගන්න පුලුවන්. Bookmark Bar කියන එකෙන් බුක් මාක් බාර් එකේ පෙන්වන බුක් මාක්,  Folders වලින් කාණ්ඩ කරපු ෆෝල්ඩර්ස් බලා ගන්නත් පුලුවන්. උඩින්ම තියෙන New බට්න් එක ක්ලික් කරලා අලුතින් සයිට් එකක් බුක් මාක් විදිහට ඇඩ් කරගන්න පුලුවන්.
බුක් මාර්ක් එක්ස්පෝට්,ඉම්පෝට් කිරීම
මේ විදිහට සලකුණු  කරපු බුක් මාර්ක් කොම්පියුටරය ෆෝමැට් කරන කොට හරි වෙන හේතුවකින් බ්‍රවුසරය අයින් කරන කොට හරි නැතිවෙලා යන්න පුලුවන්. ඒ හින්දා මේ බුක් මාර්ක් අපිට බැකප් කරලා තියා ගන්න පුලුවන්.

එක්ස්පොර්ට් කිරීම
ඒකට බුක් මාක් මැනේජර් එකේ උඩින් තියෙන මෙනු එකේ දැති රෝදය අයිකන් එක ක්ලික් කරල ඒකෙන් Export bookmark ක්ලික් කරන්න. දැන් සේව් කරන්න ඕනි තැන ‍තෝරලා සේව් කරන්න (මේ ෆයිල් එක HTML විදිහට සේව් වෙන කුඩා ගොනුවකි).

ඉම්පෝට් කිරීම
කලින් ක්‍රමයෙන් එක්ස්පෝට් කරපු බුක් මාර්ක් නැවත ලබා ගැනීමට මුල් ක්‍රමයේදී මෙන් දැති රෝදයක් වැනි අයිකන් එක ක්ලික් කරලා එන මෙනු එකෙන් Import bookmark ක්ලික් කරන්න. 
              අලුතින් ක්‍රෝම් දැම්ම නම් බුක් මාර්ක් බාර් එකේම import bookmark කියල තියෙනවා. ඒක ක්ලික් කරත් හරි.දැන් කලින් සේව් කරපු තැනට ගිහින් ෆයිල් එක ‍තෝරල දෙන්න. 
             වැඩේ හරියට උනා නම් Success! කියලා මැසේජ් එකක් එයි. මේ අලුතින් ඉම්පෝට් කරපු ඒවා බුක් මාර්ක් මෙනු එකේ Imported මගින් ලබා ගත හැකිය...

1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features