ගූගල් වෙතින් ස්පෑම් වලකන්නට කෘතීම බුද්ධිය

                            පරිගණක ලෝකයේ තිබෙන දැවැන්තම ආරක්ෂක අර්බුද අතරින් ස්පෑම් ඊ-මේල් ඉහල ස්ථානයක් ගනී. නොයෙක් ඖෂධ, නිෂ්පාදන දැන්වීම් ගැන ඇති ඊ-මේල් බුරුතු පිටින් එවීම ස්පෑම් ඊ-මේල් එවන්නාගේ ‍රැකියාවයි. ඊ-මේල් ගිණුමේ ඇති ඉන්බොක්ස් එක සම්පූර්ණවම පිරී යන්නේ මේ එවන ඊ-මේල් නිසාවෙනි. එසේම වෙබ් තදබදය ඇතිවීමට මූලිකම හේතුවක් වන්නේ ස්පෑම් ය.
                                             මේ ගැන අධ්‍යනයක් කල ගූගල් සමාගම සිය ඊ-මේල් සේවාව වන ජීමේල් තුලට කෘතීම බුද්ධි වැඩසටහනක් එක් කිරීමට කටයුතු කර ඇත. ස්පෑම් යැයි හඳුනාගන්නා ඊ-මේල් හඳුනා ගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාවක් දැනටමත් ජීමේල් තුල පවතී. දැනට තිබෙන තාක්ෂණයේදී ස්පෑම් හඳුනාගැනීම 0.1%  වන අතර මග හැරීමේ හැකියාව  0.05% කි. කෘතීම බුද්ධි වැඩසටහනක් යොදා ගෙන එය 99.9% හඳුනා ගැනීමේ හැකියාවක් දක්වා වැඩි දියුණු කිරීමට ඔවුන් කටයුතු කරමින් ඇත. මෙවැනි ඊ-මේල් බොහෝ විට මත් ද්‍රව්‍ය, ව්‍යාජ ඖෂධ ගැන වූ ඒවා වේ. මේ නිසා ස්පෑම් නිසා සිදුවන බලපෑම සුලුප‍ටු නොවේ.
                                  මේ නව ක්‍රමවේදයේදී කෘතීම ස්නායු ජාලයක් (Artificial neural network) යොදා ගෙන අනර්ථකාරී ඊ-මේල් හඳුනා ගනී. මුලින්ම එය සාමාන්‍ය ස්පෑම් හඳුනා ගැනීමේ යාන්ත්‍රනයට යොමු කර පසුව මෙම ජාලය හරහා පරික්ෂා කරයි. ස්පෑම් ඊ-මේල් හඳුනා ගැනීමේ යාන්ත්‍රනය මග හරවා ස්පෑම් ඊ-මේල් එවීමට ඇතැමෙක් සමත්වී තිබේ. කෘතීම බුද්ධි වැඩසටහනක් යොදා ගත හොත් මේ කුමන ආකාරයෙන් එවන ඊ-මේල් උවද හඳුනා ගත හැකිය. ඇත්ත වෙබ් අඩවි ලෙසම සැකසූ ව්‍යාජ වෙබ් අඩවි හෙවත් ‍ෆිෂිං (Phishing) වෙබ් අඩවි වලින් එවන ඊ-මේල් වලට පිලිතුරු දීමට ගොස් ක්‍රෙඩිට් කාඩ් අංක හා සමාජ ජාල ගිණුම් හැකර් කරුවන් අතට පත් වීම වැලැක් වීමට මේ විශේෂිත ඇල්ගොරිදමයට පුලුවන්.
                                මේ ක්‍රමය නිසා පුවත් වෙබ් අඩවි වලින් එවන අලුත් පුවත් ඇතුලත් ඊ-මේල් (Newsletters) ඉවත් නොවන අතර, ඉවත් විය යුතු හා නොවිය යුතු දෑ ගැන ජීමේල් ගිණුම "දැනුවත්" කිරීම කිරීම පරිශීලකයාට කල හැක. එමගින් ඉවත් විය යුත්ත, නොවිය යුත්ත ගැන මේ කෘතිම බුද්ධි වැඩසටහනට ඉගෙනීමට පුලුවන්. 
                                තම සේවා වලට කෘතිම බුද්ධි වැඩසටහන් එක් කිරීමට ලොව ප්‍රමුඛ පෙලේ වෙබ් සේවා සමාගම් කීපයක්ම සිදු කර ඇත. ෆේස් බුක් වෙබ් අඩවියේ එක් කරන පින්තූර වල මුහුණු හඳුනා ගැනීම, ට්විටර් අඩවියේ පලවන අසැබි ලිපි හඳුනා ගැනීම මින් සමහරක්.

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features