VB වලින් ජැක්පොට් ගේම් එකක් හදමු...

ජැක් පොට් කියන්නෙ ඔට්‍ටු තබා ක්‍රිඩා කරන ක්‍රීඩාවක් කියල දන්නවා ඇති. එක සමාන රූප එක පෙළට පැමිණෙන අවස්ථා ලබා ගනිමින් මෙම ක්‍රීඩාව ජය ලබා ගන්න පුලුවන්. 
පරිගණකයෙන් ක්‍රීඩා කරන්න පුලුවන් විදිහට හදපු මේ ක්‍රීඩාව තියෙන ගේම් සමහර විට දැකලා තියෙනවා ඇති. මේ පෝස්ට් එකේ තියෙන්නෙ ඒ ගේම් එක VB  නැත්නම් විෂුවල් බේසික් වලින් හදාගන්නෙ කොහොමද කියලා.
මේ ප්‍රෝග්‍රෑම් එකට  ටයිමර් 3ක්, ඉමේජ් ලිස්ට් එකක් (IList1), කමාන්ඩ් බට්න් එකක් (), කන්ට්‍රෝල් ඇරේ එකක් විදිහට ඉමේජ් බොක්ස් 9ක් (Image1(0), Image1(1)...) යොදා ගෙන තියෙනවා. කමාන්ඩ් බට්න් එකෙන් ගේම් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ටයිමර් 3 ඔන් වෙලා ඉමේජ් බොක්ස් වලට ඉමේජ් ලිස්ට් එකෙන් ඉමේජ් ලබාදෙනවා. එක ටයිමර් 1කින් ඉමේජ් බොක්ස් 3ක් ක්‍රියාත්මක කරනවා .
                                      ඒත් මේ සියල්ල සිදුවන්නෙ Randam  නැත්නම් සසම්භාවීව. ටයිමර් 3නේ නවතින වෙලාව, ලෝඩ් වෙන ඉමේජ් එක ‍තෝරන්නෙත් සසම්භාවීව. මේකට යොදා ගන්න VB කමාන්ඩ් එක තමයි Randomize .
වැඩි විස්තර බලන්නත්, මේක තව වැඩි දියුණු කරගන්නත් පහලින් දීල තියෙන ලින්ක් එකෙන් ප්‍රෝග්‍රෑම් එකේ සෝස් කෝඩ් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මේ ගේම් එක සූදුවට ගන්නවා එහෙම නෙවෙයි!

1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features