Edge වෙබ් බ්‍රව්සරය හිතුව තරම් ජනප්‍රියද?

ඇපල් පරිගණක හැරුණුකොට ලෝකයේ ඇති වැඩිම පරිගණක සංඛ්‍යාවකම ක්‍රියාත්මක වන්නේ කුමන හෝ වින්ඩෝස් සංස්කරණයකි. අතීතයේදී නම් මෙහෙයුම් පද්ධතියට අමතරව වෙබ් බ්‍රව්සරයක් වෙනම ගැනීමට සිදු වුණා. මයික්‍රෝසොෆ්ට් සමාගම සතුව ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් තිබුණද, ඒ කාලයේ ලෝකයේම ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සරය උනේ නෙට්ස්කේප් වෙබ් බ්‍රව්සරයයි. මේ ගැන සිතූ මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩෝස් සමග ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් නොමිලේ ලබාදීමට කටයුතු කලා. මේ නිසා නෙට්ස්කේප් සමාගම බංකොලොත් වී නෙට්ස්කේප් බ්‍රව්සරය අතහැර දැමුවා.
මෙහෙම ඉ.එක්ස්පොලෝරර් වැජඹෙන කාලයේ ෆයර් ෆොක්ස් හා ඔපෙරා වැනි බ්‍රව්සර් තිබුණද තත්වය වෙනස් වුණේ ගූගල් ක්‍රෝම් පැමිණීමත් එක්කයි. එදා ඉදන් අද දක්වාම ලෝකයේ දැන් වැඩිම දෙනෙක් භාවිත කරන්නේ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයයි.  ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ඕඑස් එක එක්කම ආවත් ඒකෙන් වැඩ කරන අය ලෝකයේ ඉතාමත් සුලුපිරිසක් වුනා. කොටින්ම ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ඉන්ටනෙට් බාවිත කරන අයගේ අප්‍රසාද ම බ්‍රව්සරය බවට පත්වුනා. 
ඒ ගැන හිතලා මයික්‍රෝසොෆ්ට් ලා අලුත් බ්‍රව්සරයක් නිකුත් කලා "එජ්" කියලා. අලුත් වින්ඩෝස් 10 එක්ක විතරක් වැඩ කරන ඒ සමග එන මේ බ්‍රව්සරය ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ව්‍යාපෘතියට කිසිම සම්බන්දයක් නොමැතිව නිර්මාණය කල එකක් බව පැවසෙනවා. ප්‍රධාන වශයෙන්ම එහි ඇති ටැබ් හා අනෙකුත් කොටස් ක්‍රෝම්, ෆයර් ෆොක්ස් බ්‍රව්සර් වල යෙදුම් වලට සමානව නිර්මාණය කර් තිබුණා. එජ් හා ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් අතර සම්බන්දයක් නොමැති බව පවසා ඇත්තේ එජ් අනෙක් බ්‍රව්සර් වල අනුකරණයක් යන අපහාසය  ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් ට එල්ලවීම වැලක්වීමට විය හැකිය.
කෙසේ නමුත් මේ අලුත් බ්‍රව්සරය සිතූ ලෙස ජනප්‍රිය නැති බව ලෝකයේ බොහෝ අය පවසනවා. ලෝකයේම එජ් බ්‍රව්සරයේ ජනප්‍රියතාව ගැන අදහස් පල කිරීමට හැකියාවක් නොමැති වුවත් (වින්ඩෝස් 10 නිකුත් කොට වැඩි කාලයක් නොමැති නිසා) දැනට භාවිත කරන පද්ධති මගින් ලබා ගත් දත්ත වලට අනුව පැහැදිලිවන්නේ එජ් සාර්ථක බ්‍රව්සරයක් නොවන බවයි. Net Applications හා StatCounter ආයතනය පැවැත් වූ සමීක්ෂණයන්ට අනුව ජූලි මාසයේදී එජ් බාවිත කරන්නන් ගේ ප්‍රතිශත 36% ලෙස පැවතුනත් අගෝස්තු වන විට එය 16% ක් දක්වා අඩු වී තිබිණි. 
                              එජ් බ්‍රව්සරය කොටානා වැඩසටහන හා සම්බන්ධව තිබීම හා අනෙකුත් සියලු ගුණාංඟ වලින් යුක්ත වූවත් එහි ක්‍රියාකාරිත්වය ගැන පරිශීලකයන් අතර සතු‍ටු දායක ප්‍රතිචාරය නැතිවී තිබේ.  මේ නිසා එජ් බ්‍රව්සරයද නැවත හුදකලා වීමට පටන් ගෙන ඇත.කෙසේ නමුදු ඒජ් එක්ස්ප්ලොරර් ට වඩා ජනප්‍රිය වී ඇත. අත්දැකීමට අනුව බොහෝ අය පවසන්නේ එජ් සාර්ථක නොවන බවත්,  ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර් හා එජ් අතර ඒ තර්ම් වෙනසක් නොමැති බවක් ය. මේ නිසා ගූගල් ක්‍රෝම් , ෆයර් ෆොක්ස් හා ක්‍රෝම් කේත සටහන යොදා නිර්මාණය කල වෙනත් බ්‍රව්සර් තවමත් ඉහලින් සිටී. මෙයින් පෙනී යන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගම බ්‍රව්සර් තරඟය තුල තවමත් අසාර්ථක බව නොවේද? 

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features