වීඩියෝ එකක් වෝල්පේපර් එකෙන් බලමු

                        ටිකක් අමුතුයි වගේ පෙනුනට ඇති දෙයක් නම් නෑ. මේ ට්‍රික් එක කරන්න පුලුවන් VLC ප්ලෙයර් එකෙන්. VLC කියන්නෙ නොමිලේ දුන්නට ගොඩක් වැඩ කිඩ තියෙන ප්ලෙයර් එකක්... ‍ෆ්‍රී දුන්නට මේක වැඩි දියුණු කරන්න ගොඩක් රටවල අය දායක වෙනවා.
                            හරි මෙහෙමයි වෙන්නෙ. මුලින්ම දැනට VLC ප්ලෙයර් එක ඉන්ස්ටෝල් කරල නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න.www.videolan.org/vlc සයිට් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 
                       තියෙන්නෙ පරණ සංස්කරණයක් නම්  (v 9.6) ඉස්සෙල්ලා කරන්න පොඩි වැඩක් තියෙනවා. ප්ලෙයර් එකේ මෙනු එකෙන් Settings->preferences->Interface->Main interfaces ගිහින් wxWidgets වල තියෙන "Taskbar"  කියන එකේ ටික් එක අයින් කරලා "Systray icon" කියන එකට ටික් එක දාන්න. ඊළඟට කැමති වීඩියෝ එකක් VLC එකෙන් ඕපන් කරන්න.
                            දැන් මෙනු එකෙන් Video->Output Modules->DirectX කියන එක ක්ලික් කරන්න. අලුත් ප්ලෙයර් එකේ කරන්න තියෙන්නෙ වීඩියෝ එක ඕපන් කරලා කෙලින්ම Video->Output Modules->DirectX Wallpaper හරි අලුත්ම එකේ Video->Set as Wallpaper ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ.
                          දැන් වීඩියෝ එක වෝල්පේපර් එක විදිහට වැඩකරයි. මේ දේවල් කරන්න පරිගණකයේ DirectX ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features