FBI විසින් ඇපල් සහය නොමැතිව අයිෆෝනයක් ක්‍රැක් කරයි

                     ඉකුත් දෙසැම්බරයේ කැලිෆෝනියාවේ සැන් බ(ර්)නාඩිනෝ දී සිදුවුණු වෙඩි තැබීමට සම්බන්ධ ත්‍රස්තවාදියෙකුට අයත් ඇපල් අයිෆෝනයක් සතු තොරතුරු FBI සංවිධානය මගින් ලබා ගෙන තිබෙනවා. වඩා වැදගත් කරුණ නම් මේ තොරතුරු ලබා ගෙන ඇත්තේ ඇපල් සමාගමේ සහයකින් තොරව වීමයි.
           ඇපල් අයිෆෝන් 5C වර් ගයේ මෙම දුරකථනයේ තොරතුරු ලබා ගැනීමට තවදුරටත් ඇපල් සමාගමේ සහය අවශ්‍ය නොවන වග ඔවුන් කියාසිටියා. මේ සිදුවීමත් සමග ඇපල් අයිෆෝනයේ ආරක්ෂාව පිලිබඳ යම් කුකුසක් ඇතිවී තිබේ. FBI විසින් ඇපල් සමාගමෙන් මේ තොරතුරු ලබා ගැනීමට මෘදුකාංඟයක් සඳහා ඉල්ලීමක් කලද එයට ප්‍රතිචාර දැක්වීම පමා වන නිසා එයින් අදාල නඩුව පමාවීමක් සිදුවන බැවින් දත්ත ලබා ගැනීමට නමක් සඳහන් නොකරන තුන්වන පාර්ශවයක සහය ලබාගන්නා බව පවසා ඇත.
ඇපල් දුරකතනයක මුරපදය අවස්ථා 10 කදී නිවැරදිව ලබාදීමට නොහැකි වුවහොත්, එහි ඇති දත්ත ඉබේ මැකී යාමේ ක්‍රමයක් පවතිනවා. මෙය අයිෆෝනයේ ආරක්ෂක උපක්‍රමයක්. දත්ත ලබා ගැනීමට FBI විසින් මෙහිදී භාවිත කර ඇති ක්‍රමය NAND mirroring ලෙස හැඳින්වෙනවා. මෙය ක්‍රියාත්මක වන්නේ මෙසේය...
ඇපල් අයිෆෝනයේ ඇති තොරතුරු විකේතනය (encrypt) කර ගබඩා කර ඇත. ඒ නිසා එහි ඇති තොරතුරු ලබා ගැනීමට නම් අදාල මුරපදය ලබාදීම සිදුකල යුතුය. එහෙත් අදාල මුර පදය නොදන්නා නිසා අංක 4 කින් යුත් අනුමාන මුර පද ඇතුලත් කරමින් උත්සහ කල යුතුය. එහෙත් අවස්ථා 10 කින් පසු තොරතුරු මැකි යන නිසා එය එසේ කල නොහැක. එමනිසා මෙහිදී විශේෂ ක්‍රමයකින් මුර පදය සොයා ගනු ලැබ ඇත. එහිදී මුලින්ම දුරකථනයේ ඇති මතකය පිටපත් කරගනී. ඉන් පසු අනුමාන මුරපද 10 ක් ඇතුලත් කර පරික්ෂා කර බලයි. එවිට අවස්ථා 10 කදී එය නිවැරදිව ඇතුලත් කිරීමට නොහැකි වුවහොත් සියලු දත්ත මැකී යයි. දැන් පිටපත් කල මතකය දුරකතනයේ නැවත පිහි‍ටුවා නැවතත් පරික්ෂා කරයි. මෙසේ නිවැරදි මුරපදය ලැබෙන තෙක් මෙය දිගින් දිගටම සිදු කර අවසානයේ නිවැරදි අංකය සොයා දුරකථනයේ තොරතුරු ලබා ගෙන තිබේ. කෙසේ වුවත් මෙය ඉතා අපහසු මෙන්ම කාලය ගතවන සංකීර් ණ ක්‍රියාවලියකි. සාමාන්‍ය උපාංඟයක නම් මෙහි දත්ත විකෙතනය කරන ලද කේතය(Encryption Code) සොයා දත්ත ලබාගත හැකි නමුත් අයිෆෝනයේ පවතින සංකීර් ණ උපක්‍රම නිසා එහිදී එය සිදුකල නොහැක.
මෙමගින් අනෙකුත් අයගේ දුරකථනයේ තොරතුරු වලට අනතුරක් ඇති බැවින් තොරතුරු ලබා ගත් ක්‍රමය ඇපල් සමාගම වෙත හෙළිකල යුතුබව ඇතැමුන් අදහස් කර සිටිනවා. කෙසේ වෙතත් මෙසේ තොරතුරු ලබා ගත් ක්‍රමය හා ඒ තොරතුරු අදාල නඩුවේ සාක්ෂි වන නිසා ඒවා ඇපල් සමාගමට ලබා නොදීමට වැඩි හැකියාවක් ඇත.ඇපල් සමාගම හා FBI අතර මේ සිදුවීම නිසා යම් යම් මතභේද ඇතිවී බවට පැවසෙනවා. ඇපල් සමාගමේ ගිවිසුම් හා FBI සංවිධානයේ පවතින ගිවිසුම් වල යම් යම් කරුණු වලට මේ සිදුවීම පටහැනි වීමතිබීම මීට හේතුවයි.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ලංකාවට ඔව්වා අදාල නැ . ඇට දෙකෙන් එල්ලල දෙකක් දුන්න ගමං , පාස්වර්ඩ් අතේ

    ReplyDelete
    Replies
    1. ඒ තමයි ලංකාවෙ හැකිං... ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි! හැක්...

      Delete
  2. මාත් බල බල හිටියෙ ඔය ඉලව්වට මොකද වෙන්නෙ කියල... අර ඕල් මයිට් නැෂනල් සිකියුරුටි නීතියටත් උඩින්නෙ ඇපල්ලා ඔය යන්න ගියෙ... එක පැත්තකින් හොඳ වැඩේ උන්දැලට... ක්‍රැක් කරන්න ඕනෙ නෑ නීතියට ගරු කරල ෆොන් එකට ඇක්සෙස් දුන්න නං... තරම දැනගෙන හැප්පෙන්න ඕනෙ...

    G+ දාගත්තත් Friend follower gadget එක නැතුව නං මට මේක මිස් වෙනව පුතේ... හි හි..

    ReplyDelete
    Replies
    1. ඇපල්ල ට ඉස්සර ඉඳන්ම කෙල උනේ ඔය වගේ පණ්ඩිත වැඩ කරන්න ගිහින් තමයි. ඔයිට් ඉස්සර ෆෝන් එකේ තිබුණ ලොකු බග් එකක් හොයා ගත්තා. ඒත් පිටින් හිටපු උන් දෙන්නෙක්. උන් හොඳ හින්ද ඇපල් එකට කිව්වා. තව මේ වගේ කොච්චර කේස් ඇද්ද... හොඳයි කිව්වට... කීර් තිය විතරක් මක්කටද...
      ඕං අක්කේ ඒකත් දැම්මා.. ආයෙ එන්න හොඳේ....

      Delete
Previous Post Next Post

Recent Post

Features