වසරේ හොඳම විද්‍යා හා තාක්ෂණික බ්ලොග් අඩවිය
තුන්වන ස්ථානය
තුන්වන ස්ථානය
බ්ලොග් සම්මාන උලෙළට මගේ බ්ලොග් එකත් නිර්දේශ වෙලා කියල තිබුණම මට ලොකු සතුටක් දැනුනා. නිවුස් එක ඉස්ලාම කිව්වෙ අම්මට. ඒ මගේ හැම වැඩක්ම පස්සෙන් ඉඳන් බලාගන්නෙ එයා හින්දා. ඒක දැකලා අම්මටත් ගොඩක් සතුටු හිතිලා උත්සවේ බලන්න එයත් යන්න එනව කිව්වා. කොහොම හරි පාර හොයාගෙන තැනට ආවා. එතකොටම අජිත් සර් ආවා. මූණ විතරයි නෙ දැකල තිබුනෙ! සර් මා ගාවට ඇවිත් කතා කරලා ගියා.. එවෙලෙ සර් ටිකක් බිසී... ඊට ටික වෙලාවකට පස්සෙ අපේ ස්රංග අයියයි තරු රිසි අක්කයි ආවා... ඔහොම ටිකක් වාසෙ දේසෙ කතා කර කර ඉන්නකොට කල්‍යාණ මිත්‍ර සුමිත් අයියා එතනට ඇවිත් කතා කරලා තට්ටුවක් දාගෙන ගියා..
සම්මාන දෙන කොට ඉස් ඉස්සෙලාම සම්මානෙ ගත්තෙ මම. ඒ මාතලංගෙ අතින්! . එකිනෙකා කවදාවත් දැකල නැති ගොඩක් අය එදා අඳුන ගන්න ලැබුනා... හැමෝම හරිම නිහතමානීව කතා කලා... මට මේ ලැබුණ සම්මානය ඇත්තටම ගොඩක් ලොකු හයියක්. මුලින්ම මේ සම්මානයට මාව නිර්දේශ කරලා මේ ඇගයීම මට දුන්න විනිශ්චය මණ්ඩලයට ගොඩක් ස්තූති වන්ත වෙනවා. විභීෂණ, ඩ්රැකී, අවන්හල ලියන මහේෂ් අයියා,කැලේට පිපුණු මල් ලියන වත්සලා අක්කා, ඔමා,ටිම් කුරුටු! වගේ ගොඩක් බ්ලොග් ලියන අය අඳුනගන්න ලැබුණා. අටං නම් ඉතා උසස්ම සිංහල විදියට පිළිගත්තා.... (කමී දන්නවා විස්තරේ..!) . උත්සවේ තිබුණු නාටක දෙක නම් පට්ට සුපිරි කියල කියන්න පුලුවන්.... මාතලං ලියපු මනා කියපු 'තුන් මුල්ලේ' සින්දුවත් ආසාවෙන් අහන් හිටියා.... ඇත්තෙන්ම උත්සවය සුපිරියටම තිබුණා... ඒ පැය කීපය පුරාම හිටියෙ හරිම ප්රබෝධයකින්.
නිර්මාණ කරුවන්ට නිසි ඇගයීම ලබා දෙමින් ඔවුන් දිරිමත් කරමින් මේ කරනා මෙහෙවරට නෙළුම් යායේ හැමෝටම මගේ හදපිරි ස්තූතිය... ඉදිරියෙදීත් මීටත් වඩා සාර්ථකව උත්සවය පැවැත්වීමට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමි. එසේම සම්මාන ලබාගත් සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම් එක්කර සිටිමි..
//අටං නම් ඉතා උසස්ම සිංහල විදියට පිළිගත්තා.... (කමී දන්නවා විස්තරේ..!)//
ReplyDelete-------කමි යා විතරක් නම් නෙමේ කොල්ලෝ..අපිත් දන්නවා විස්තරේ නේ. අටමා ගේ නෝමල් සිංහල ඔය වගේ තමයි මට හිතෙන්නේ...
=======================
-----ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්...--------------
ගොඩක් ස්තූතියි විභී... හැක්..! අඩේ ඒක ලෝක ප්‍රසිද්ධ රහසක් එහෙනම්.. අටම තමයි අටම.... හැක්
Deleteමචං මූ අඳුනනවද?
ReplyDeleteම්හු.. මට මතක නෑනේ..
මේ රොහාන්. ටෙක් සයුර කියලා බ්ලොග් එකක් ලියන්නේ..
ම්ම්ම්.. ගානක් නෑ මචං... ඉතිං කොහොමද?
උඹ නොදන්නේ කොහොමද උඹ ටෙක් සයුරේ කොමෙන්ට්ස් එහෙමත් දානවනේ.
ආ උඹ රොහාන් ද? එහෙම කියන්න එපැයි &*&^%$%#.. &*&^59 මම ටෙක් සයුර හැමදාම කියෝනව.. උඹ &*&^%$ පෙට් සයුර කියුවම කවුද &*&^%$ දන්නේ.. &*&^%$#$..
හෝව් හෝව්.. මුන්ගේ අම්මා පිටිපස්සෙන්..
ආ.. අම්මට කියපන් මම අටමා කියලා..
ඔන්න විස්තරේ.
------ඔබට සතුටුයිද දැන්...???
Deleteහැක්!!!! හැක්!!! හරියටම හරි මචෝ....! ඔය තියෙන්නෙ ස්ටොරිය... මාරම චිතප්රීතියක් දැනෙන්නෙ!
Deleteඇසින් දුටු සාක්ෂියකට අපිත් ඉන්නවා..... ඒත් කනින් ඇසූ බවක් නං කියන්න විදිහක් නැහැ... ඕකේ පළවෙනි හුයන්න කියද්දිම කන කීං ගාලා ගියා..... මැද හරියෙන් ඇහුණා යකෝ උන්ගේ අම්මා තමා පිටිපස්සේ ඉන්නේ කියලා.... එච්චර තමා මතක..... අඩෝ අටංගේ පිළිගැනීම තමා සුපිරිම හරිය.......
Deleteඅනේ හිතල කරන්නැ බං නිකම්ම එනවා
ReplyDelete:D :D
Deleteෂහ් අටම් අයියව හම්බවෙන්න බැරි වුණානෙ එදා..
අඩේ ඒකට කිසි අවුලක් නෑ බන්... බොක්කෙන්ම කතා කරනකොට එහෙම තමයි... උබ එළ පොරක් කියල දන්නවා.....!
Deleteඋඹට නිකම්ම එන ඒවා මාරයි බං....... මේ හුටංගේ උත්තමාචාර වචන සෙට් එකයි.... ජයවේවා...
Deleteඋණුසුම් සුභ පැතුම්!
ReplyDeleteබොහොම ස්තූතියි අශාන් අයියා...
Deleteසිරාවටම ස්ටේජ් එකට නගිනකං මං හිතං හිටියෙම අඩුගාණෙ උඹ හෙන සද්දන්ත ඩෑල් එකක් වෙන්ට ඇති කියල. මං වගේම හූනෙක් කියල දැනගත්තම ඇතිවච්ච තංතෝසෙ
ReplyDeleteඒක එහෙම්ම කුඩු වෙලා ගියා මූත් මට වඩා උසයි කියල දැක්කම
හයියෝ සමනලයා... හිහි
සුභ පැතුම් මලේ.. බ්ලොග් එක අප්ඩේට් කරහං නිතරම ඒකයි වෙන්න ඕන.
අනික ටෙක් බ්ලොග් ලියන උංගෙන් ඔහොම හරි ෆිට් එකේ ඉන්නෙ උඹ විතරයි...
ජයෙන් ජයම වේවා
ආයෙත් අහල... මං දැක්කා ඉස්ටේජ් එකේ සම්මානෙ ගන්නවා.. ටී ෂර් ට් එකේ පාට මතක තියාගෙන තමයි අන්තිමට ඇවිත් කතා කලේ... කෙට්ටු කොල්ලංගෙ හිත හොඳයි අයියා..! හැක්...
Deleteඅනිවා... ගොඩක් ස්තූතියි මහේෂ් අයියා...!
මතක ඇතිව ඊළඟ පාරදි විස්තර නාම තුන්ඩු ටිකක් හදාගෙන වරෙන් කොල්ලෝ කකුළුවෝ හරහට යනකොට පැටව් ට කෙලින් යන්න බෑ ඔන්න මොකා උඩ හිටියත් කොලේ ගහන් උගේ ඇඟේ
ReplyDeleteරොහාන්......
ReplyDeleteඑදා හමුවෙලා කතා කරන්න ලැබීම ලොකු සතුටක්.. අපිත් කස්ටියම ඉන්න තැනකට ආවේ පළමු වතාවට.. අවුරුදු ගානක් බ්ලොග් ලෝකයේ කරක් ගැහුවාට කට්ටිය දැක්කේ එදා.... ඔය විදිහට ම තමා අටංලාගේ කමියලාගේ උණුසුම් පිළිගැනීම් ලැබුනේ.... ඉතින් සම්මානයට සුභ පතනා ගමන් ම ඉදිරි බ්ලොග් ජීවිතය සාර්ථක වේවා යැයි පතනවා.......
අර යද්දි කිව්ව විදිහට එහෙනං (කෝල් එකක් දීපං වෙනුවට) කමෙන්ට් එකක් දාපං කියලා වෙන් වෙද්දි නං දුකත් හිතුණා....... ලොකු ලෙංගතුකමක් දැනුණ දවසක් නේද බං........
ඇත්තටම කුරුටු... ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්... කුරුටු ටීම් එක දැක්කම මටත් ගොඩක් සතුටු හිතුනා... ඒ දවස නම්... මාරයි...! යද්දි හිතුනා වෙලාව වේගෙන් ගිහින් කියලා....
Deleteගොඩක් ස්තූතියි සහෝ... ලැබුණු සම්මාන වලට මගෙනුත් සුභ පැතුම්... තව තව හොඳ නිර් මාණ බිහිකරන්න හැකියාව ලැබෙන්න කියල පතනවා මචෝ...
මටත් නිනුවයි තරුවයි කිව්වෙ මේ රොහාන්ගෙ අම්මා කියල... කොයි ඉතිං.. මං රොහාන්ව දන්නවැයි.. පහුගිය කාලෙ අතෑරලම දාලා තිබ්බෙ බ්ලොග්.. හි හි
ReplyDeleteඔයාගෙ අම්ම බොහොම සන්තෝසෙන් හිටියෙ... හි හි.. අපේ අම්මත් ඔහොම තමයි අප්ප.. මං ෆොන් එකෙන් විස්තරේ කිව්වෙ... ඉරිද ඉඳලම සනීප නැති හින්ද මේ දවස් ටිකේ මං නිවාඩු... තාම ගියෙ නෑ තෑගි ටික පෙන්නන්න... හි හි
කෝ මේ ඉවාන් අපිට කිව්වනෙ ඉදිරිපෙලට පසුපෙල අසුන් ගන්න කියල... ඉතිං මායි විභී, ඩ්රැකී, යාං සෙට් එකම එතනට ගියා... දැං ඉතිං අංශභාගෙට බෙහෙත් ලැබුණා නෙ! හැක්...!
Deleteඅම්මල එහෙම තමයි අක්කෙ... එයා නැත්නම් වැඩ ඔක්කොම හබක්! දන්නවයි වැඩක් එදා ගෙදර යනකොට අපෙ අප්පුච්චා ලයිට් නැති වෙලාවෙ ඉටි පන්දම පත්තු කරලා. දන්නවයි කොහෙද කියලා.. උණු වතුර බෝතලේ උඩ! අපි යනකොට ඒක පිච්චිලා බඩු බනිස් වෙලා... ආයෙ ඉතිං වෙන උදාහරණ මොකටද....
අම්මවයි, ඔයාවයි දැන අඳුනාගන්න ලැබීම සතුටක් මල්ලි. අම්මගෙ බත් එකේ රස තාම දැනෙනවා. දවසක එන්නම් ගොඩකවෙල..
ReplyDeleteමටත් ගොඩක් සතුටුයි අක්කව අඳුනගන්න ලැබුණ එකට. එහෙනම් දවසක එන්නකෝ මේ පැත්තේ...!
Delete