GlassWire ඉන්ටනෙට් ෆ‍යර්වෝල්

Recent Post

                               මේ සොෆ්ට්වෙ‍යා එක ඩේටා කාඩ් වලින් ඉන්ටනෙට් ‍යන අ‍යට නම් ගොඩක් වැදගත් වේවි. ඩොංගල් එකකින් ඩේටා කාඩ් දාල ඉන්ටනෙට් ‍යනකොට එක එක සොෆ්ට්වෙ‍යා අප්ඩේට් වෙලා, වින්ඩෝස් අප්ඩේට් වෙලා දන්නෙම නැතුව ඩේටා ටික ඉවරවෙනවා. සමහර සොෆ්ට්වෙ‍යා නම් ඔටෝමැටික් අප්ඩේට් නැති කරන්න පුලුවන් උනත් සමහර ඒවා අපිට නොදැනීම අප්ඩේට් වෙනවා. ඉතින් මේ ප්‍රශ්ණෙට විසඳුමක් විදිහට මේ සොෆ්ට්වෙ‍යා එක පාවිච්චි කරන්න පුලුවන්. සොෆ්ට්වෙ‍යා එකේ නම GlassWire. මේක නොමිලේ දෙන එකක්.
GlassWire එකෙන් අපිට නොදැනී ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන, අප්ලෝඩ් කරන සොෆ්ට්වෙයා හදුනගෙන ඒවා ඩිසේබල් කරන්න පුලුවන්. වෛරස්, ට්‍රෝජන් වගේ නරක වැඩසටහන් මේවගේ අයිතිකාරයාට හොරෙන් ඉන්ටනෙට් එකට ලොග් වෙනවා. 
                                    අන්න ඒ වගේ වෛරස් ගාඩ් එකට අල්ල ගන්න බැරි වෛරස් එහෙම මේකෙන් බ්ලොක් කරන්න පුලුවන්.ඊට අමතරව පාවිච්චි කරන/ කරපු ඩේටා ප්‍රමාණය බලාගන්න එහෙමත් පුලුවන්. ඒ වගේම ඉන්ටනෙට් යන වෙලාවට ක්‍රියාත්මක වෙන සොෆ්ට්වෙයා ගැන, ඩේටා ලිමිට් එක ගැන අනතුරු අඟවන (Alert) පහසුකමකුත් මේකෙ තියෙනවා.
හැබැයි ඔන්න වැඩියෙන් ඩේටා ඉතුරු කරන්න හිතාගෙන ඇන්ටිවයිරස් අප්ඩේට්, ඩ්‍රයිව(ර්)ස් අප්ඩේට් නවත්තන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ක්‍රැක් කරපු නැති සොෆ්ට්වෙයා , ඕපන් සෝස් සොෆ්ට්වෙයා එහෙම අප්ඩේට් කරල තියාගන්න එක තමයි නුවණට හුරු වැඩේ. ඒත් ඉතින් කරන්නම දෙයක් නැත්නම් මේ සොෆ්ට්වෙයා එක ක්‍රියාත්මක කරන්න පුලුවන්.

* Web          :-https://glasswire.com
* Download :-  https://download.glasswire.com/GlassWireSetup.exe
* Size           :- 21Mb



Features

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. නියමයි.
    4ජී යන කට්ටියටත් ඔක වැදගත් වෙයි නේද? :D

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපා මෙහෙම ඩේටා ලෝබයෙක්... හැක්!

      Delete
Previous Post Next Post