September 21, 2016

Chainora - අපිට අපේම Social Media Network එකක්

               මේ පෝස්ට් එක අපේ රටේ වැඩක් ගැන. සෝෂල් මීඩියා ගැන හැමෝම දන්නවා. මේ කියන්න යන්නෙ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ගැන. විශේෂත්වය මේක අපේ රටේ නිර්මාණයක් වෙන එකයි.
                මේකෙ නම තමයි Chainora . www.chainora.com ඔස්සේ පිවිසෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ගිණුමක් හදාගන්න පුළුවන්. නූතන සමාජ ජාල වෙබ් අඩවියක තියෙන සියලු පහසුකම් Chainora තුල තිබෙනවා. සාමාන්‍ය ජාලයක පවතින අංඟ වන like, comment, share වැනි පහසුකම් වලට අමතරව අපූරු අංගයක් වන්නේ "Nearby Users" ද පවතිනවා. එමගින් තමන් සිටින ස්ථානයෙ සිට 2 km දුරක සිටින යහළුවන් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා

කවුද මේක හැදුවේ???
                  මේ වෙබ් අඩවිය නිර්මාණය කලේ ලකිඳු ජයතිලක විසින්. ඔහු සිටින්නේ රත්මලාන ප්‍රදේශයේ. රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති ලකිඳු මේ වන විට ICBT හි මෘදුකාංඟ ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින අතර එය ද මදකට නතර කර මහත් කැපවීමකින් මෙම අඩවිය අවුරුද්දක පමණ කාලයක් වෙහෙස වී නිර්මාණය කර ඇත.
          මෙවැනි ජාලයක මූලීක තාක්ෂණික පදනම පවා ඉතා සංකීර්ණ වන අතර එය ජය ගැනීමට ලකිඳු සමත්ව සිටිනවා .සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම ජාලයට මේ වන විට සාමාජිකයන් 1000 අධික ප්‍රමාණයක් එක්වී සිටිනවා .මෙම ජාලය තව තවත් දියුණු කිරීම සඳහා ආයෝජකයකුගේ සහය අවශ්‍ය වී තිබෙනවා. 
                                      ඉතිං මේ වැඩේට අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 0758319429 අංකයෙන් හෝ lakindu1.jayathilaka@gmail.com විද්‍යුත් තැපෑල ඔස්සේ  ලකිඳු සමග සම්බන්ද වෙන්න පුළුවන්. දැන්ම ගිණුමක් හදාගෙන එකතු වෙන්න www.chainora.com.

September 7, 2016

සැම්සුන්ග් නෝට් 7 ගිනිගත් හේතුව

සැම්සුන්ග් සමාගමේ නවතම දුරකථනයක් වන ගැලැක්සි නෝට් 7 අර්බුධකාරී උපාංගයක් වූයේ එහි බැටරියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමට ලක්වීමයි. මේ හේතුවෙන් ලොව පුරා අලෙවි කර තිබූ මිලියන 1.5 ක පමණ දුරකතන ප්‍රමාණයක් නැවත ගෙන්වීමට සැම්සුන්ග් සමාගමට සිදුවිය.

මෙම උපාංගය සඳහා යොදාගැනුන බැටරි 70% ක් සැම්සුන්ග් සමාගමේ SDI බැටරි යොදා ගැනූන අතර ඉතීරිය චීනයේ නිපදවූ ATL බැටරි යොදා ගැනින. දෝෂය හටගෙන තිබුණේ SDI බැටරි වලය .එම බැටරි නැවත ආරෝපණයේදී ගිනි ගැනීමට ලක්විය. නිෂ්පාදනයේ සිදුවූ සුළු දෝෂයක් එයට හේතුව බව සොයාගෙන ඇත.එම නිසා නෝට් 7 සඳහා SDI බැටරි යොදා ගැනීම නවතා දැමීමටත් ඒ වෙනුවට ATL බැටරි යොදා ගැනීමටත් සමාගම තීරණය කර ඇත.
සැම්සුන්ග් SDI මුලින්ම සම්බන්ධ වූයේ ගැලැක්සි එස් 6 සඳහා බැටරි නිපදවීමට ය. මෙම සිදුවීමෙන් පසු ඔවුන්ගෙ කොටස් 2.76% කින් පහල වැ‍ටුන අතර ඩොලර් මිලියන 16ක පාඩුවක් සිදුවිය. මේ සිදුවීමෙන් සමාගමට පාඩුවක් විඳීමට සිදු වූවත් සිය නම ‍රැක ගැනීම සඳහා විකුණා ඇති සියලුම දුරකතන වල බැටරි මාරු කිරීමට සැම්සුන්ග් සමාගම තීරණය කර ඇත.

September 4, 2016

ජනපති වෙබ් අඩවිය හැක් කිරීම

          හායි ගායිස්! ආෆ්ටර් ලෝන්ග් ටයිම් අහ්! මේ දවස් වල ලොකුවටම කතා වෙන එකක් තමයි මාතෘකාව. මේ සිද්ධියේ මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් තියෙනවා. ඇයි මෙහෙම දෙයක් වුනේ ඇත්තටම වැ‍රැද්ද තියෙන්නෙ පාසල් සිසුවා අතේද? පාසල් සිසුවෙකුට පවා ඇතුල් වීමට තරම් වේබ් අඩවිය අනාරක්ෂිත ඇයි?
          අපේ රටේ තියෙන 'පරිගණක යාන්ත්‍රණ' වල ලොකු දුර්වලතාවක් තියෙනවා. ඒ තමයි නිසි පරිදි යාවත්කාලින (Update) නොවීම. මේ කතා කරන්නේ වෙබ් පි‍ටුවල අන්තර්ගතය ගැන නොව බාහිරින් ක්‍රියාත්මක වන මෘදුකාංඟ අට්ටිය ගැනයි. වෙබ් අඩ්වි වේවා ක්ලවුඩ් සේවා වේවා ක්‍රියාත්මක වන්නේ සර්වර් මෘදුකාංගයක පිහිටෙනි.

*සර්වර් මෘදුකාංගයක් යනු...
          සර්වර් මෘදුකාංගයක් යනු එක් විශේෂිත මෘදුකාංගයකි. අන්තර්ජාලයේදී වෙබ් පි‍ටු වලට පිවිසෙන පරිගණක ක්‍රියා කරන්නේ "සේවාග්‍රාහක" (clients) ලෙසයි. වෙබ් පි‍ටු ලබාදෙන පරිගණක හඳුන්වන්නේ සේවාදායක (server) ලෙසයි. පරිගණක බොහෝ ප්‍රමාණයකට එකවර සේවා ලබාදීමට මෙම පරිගණක වලට පුලුවන්. ඒ වගේම දත්ත ගබඩා හසුරවන මෘදුකාංඟ වගේම විශේෂ ආරක්ෂක විධි ද මේවායේ ක්‍රියාත්මක වෙනවා. එනම් වෙබ් අඩවියේ අයිති කරුවන්ට පමණක් ඇතුල් වී අන්තර්ගතය හැසිරවීමට මේ ආරක්ෂක උපක්‍රම යොදාගන්නවා

*වෙලා තියෙන අවුල...
          මේ වෙබ් සර්වර් වල ක්‍රියාත්මක වන ආරක්ෂක උපක්‍රම ටික කාලයකදී කල් ඉකුත්වෙනවා. ඒ කියන්නේ ඒ ආරක්ෂක උපක්‍රම වලින් රිංඟා යන්නට පිටස්තර පුද්ගලයන්ට (හැකර් වරු) හැකියාව ලැබෙනවා. ඉතින් මේවා නිතරම යාවත්කාලීන කල යුතු වෙනවා. නමුත් අපේ රටේ අඩුවෙන්ම දේ ඒක. මේ ගැන හොඳම අත්දැකීම ලැබුණේ ලංකාවේ පාසල් වෙබ් අඩවි ජාලය වන schoolnet සමග වැඩකරන්න යාමේදීය. එය මත සිට පාසල් වෙබ් අඩවි ගොඩනැගීමේදී අලුත් CMS (joomla!, Wordpress) පිහි‍ටුවීම ඉතා අපහසුය. බොහෝ දෙනෙක් නොදන්නවා වූවාට schoolnet ද සයිබර් ප්‍රහාර වලට ගොදුරු වූ සේවයකි. වරක් එල්ලවූ ප්‍රහාරයකදී එම සර්වරයේ ඇති සියලු වෙබ් පි‍ටුවල පින්තූර මකා දැමීය. ඉතිං මෙවැනි ප්‍රහාරවලට එම සර්වර් නඩත්තු කරන්නන්ද එක එල්ලේම වගකිව යුතුය. ජනාධිපතිතුමන්ගේ වෙබ් අඩවියට ප්‍රහාරය එල්ලවූ පසු ඔවුන් එය අලුත් සර්වර් මෘදුකාංඟයකට මාරුකිරීමට කටයුතු කලේය. එය මීට කලින් කල යුතුව තිබූ දෙයකි. මේ දේවල් මහා මුදලක් වැය කල යුතු ඒවා නොවේ. නොමිලේ දෙන සර්වර් මෘදුකාංඟ ඕනෑ තරම් දැන් තිබේ.

*භයානක කම...
          මෙය ඉතා සුලු දෙයක් සේ සමහර අයෙකුට සිතුනද එය එසේ නොවේ. විස්තරය හැටියට මෙම අනවසර ඇතුල්වීමට උදව් දී ඇත්තේ බංගලාදේශ ජාතිකයෙකුයි. ඉතින් එයින් පෙනෙන්නේ පිට ‍රැටියන්ද අපේ රට ගැන ඇස ගසාගෙන සිටින බව නොවේද? ඉතිං එයට අපේ රටේ අයගෙන්ද උදව් ලැබුණු විට?

          සයිබර් ප්‍රහාර වලින් කල හැක්කේ හුදෙක් වෙබ් අඩවි අකර්මන්‍ය කිරීම පමණක් නොවේ. අද විශාල විදුලි බලාගාර, ජල පොම්පාගාර ක්‍රියාත්මක වන්නේ පරිගණක පද්ධති වල උදව්වෙනි. ඉතින් මේවැනි තැනකට එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් කෙලින්ම බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය ජන ජීවිතයටය්. අවාසනාවට ත්‍රස්තවාදින්ගේ ද අලුත්ම ඉලක්ක යොමුව ඇත්තේ ද සයිබර් ප්‍රහාර කෙරෙහිය . එවැනි අවදානම් නිසා දැන් බොහෝ රටවල සයිබර් බලකා පිහි‍ටුවා ඇත. සයිබර් බලකා කෙසේ වෙතත් කල යුතු සරල ආරක්ෂක උපක්‍රම කලට වේලාවට සිදුකිරීම ප්‍රමාණවත් ය. එවිට සම්පූර්ණයෙන් කෙසේ වෙතත් අවධානම අවම කර ගැනීමටවත් පුළුවන. නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරොවෙන් කැපෙන තැනට වැඩ කල යුතු නැත.     

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.