IDM අතහරිමු FDM වැළඳගනිමු.

                ඉන්ටනෙට් යන ගොඩක් අය ලඟ තියෙන ඩවුන්ලෝඩර් වැඩසටහන තමයි IDM නැත්නම් Internet Download Manager කියන්නෙ. මෙක ඇත්තටම හොඳ පහසුකම් වලින් පිරුණු හොඳ සොෆ්ට්වෙයා එකක්. ඒ පහසුකම් හින්දම මේක මුදලට විකුණන එකක් වෙලා. ඉතිං අපේ අය ඕක තමං‍ඟෙ කොම්පියුටරේ දාගෙන ඉන්න විදිය අහන්න ඕනි නෑනෙ. හැමෝම නොවෙන්න පූලුවන් ඒත් ගොඩක් අය ක‍රැක් කරපු එක තමයි දාගෙන ඉන්නෙ. ඒකත් ටික කාලයක් යනකොට මාට්‍ටු වෙන බව පාවිච්චි කරන අය දන්නවා.
     ඉතිං FDM නැත්නම් Free Download Manager කියන්නෙ IDM ගුණාංඟ ඒ විදිහටම තියෙන ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වගේ අමතර පහසුකම් තියෙන සොෆ්ට් වෙයා එකක්.2007 ඉඳන් තමයි මේක දියුණු කරන්නෙ.
                           ඒ වගේම මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා වලට හරියන ස්නේල් මොඩ් (ගොලුබෙලි ඩවුලෝඩින්? අපේ රටේ නම් ‍ෆ්‍රී වයි ෆයි මොඩ් එක කිව්වත් අවුලක් නෑ!😜) වගේ පහසුකම් තියෙනවා.මෙතනින් ගිහිං ඕනි කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. වින්ඩොස් වගේම මැක් වලටත් තියෙනවා.එහෙමත් නැත්නම් මෙතනින් වින්ඩෝස් වලට කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් .සෙටප් ෆයිල් එක 50MB විතර තියෙනවා. ඉතිං.. වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න..!

7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මම ටික කාලෙක ඉඳන් මේ Software එක පාවිච්චි කරනවා. ඒත්, Torrent File විතරනේ Download කරන්න පුළුවන්. මේ හරහා Direct Download සිදු කරන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද ? මොනම අවස්ථාවකවත් Direct Link මේක හරහා Open උනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සඳරු. මේ අලුත් වශන් එකේනම් වම් පැත්තෙ උඩ කෙලවරේ තියෙනවා + ලකුණක්. ඒක ක්ලික් කරල ඩවුන්ලෝඩ් ලිංක් එක දුන්නනම් වැඩේ හරි...
      ස්තූතියි!!!!

      Delete
  2. හොඳා හොඳා. අර රෑ දොලහට තියෙන ගිගාබයිට් 25 ගැන මේ ක්‍රමේට හරි සලකල බලන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. ඇති හැකි පමණින් ඩේටා දන්දීම මහා පිංකමකි...
      හැක්! ;)

      Delete
  3. මාට්ටු නොවෙන්න IDM දාගන්න නොදන්නා එකා හරකෙක්. FDM එක IDM එකේ අහලකින්වත් තියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට ‍ෆ්‍රී දෙන ඒවා තියෙද්දි විකුණන සොෆ්ට්වෙයා අමාරුවෙන් ක‍රැක් කරගෙන හොරට යූස් කරන එකා? ඌ කේප්ප වස්සෙක්... හරි. අහලකිං තියන්න බැරි හේතු මොනවද කියල කියන්ඩ බලන්න ඇනෝ!

      Delete
    2. හැබැයි මාත් එකගයි .. fdm idm එක අහලකින්වත් තියන්න බෑ කිව්ව කතාවට නම්.. වෙන කරන්නම දෙයක් නැත්නම් හොදයි

      Delete
Previous Post Next Post

Recent Post

Features