කංඡායුධ උන්මාදය

                   මීට අවුරුදු 5 කට ඉස්සර ඒ කියන්නෙ 2011 දී එක් ලාංකීය සමාගමක් විශේෂ ව්‍යාපෘතියක් ඇරඹුවා. ඒ ඉතා උසස් ගණයේ පරිගණක ක්‍රීඩාවක් ලාංකිකයන්ට ලබා දීමට. විශේෂත්වය මේ ක්‍රීඩාව ලාංකික ඉතිහාසය හා පරිසරය යොදාගෙන නිර්මාණය වීමයි. අවුරුදු 5 කට පසු එනම් මේ වසරේ ඉකුත් 13 දා මේ ක්‍රීඩාව නිකුත් කරනු ලැබුවා.ඒ තමයි ඇරිමැක් සමාගම ඉදිරිපත් කරන කංඡායුධ. කඡායුධ කියන්නෙ සටන් ක්‍රීඩාවක් කියල නමින්ම තේරෙනවා ඇතිනේ. 
කතා තේමාව
                    මේ ක්‍රිඩාවට තේමා වී ඇත්තේ එළාර රජු අනුරාධපුරය රාජ්‍ය කරන සමයයි.  එකල රුහුණ පාලනය කරන ලද්දේ කාවන්තිස්ස රජු වන අතර ඔහුගෙන් ඊළඟට රාජ්‍ය හිමිවීමට සිටින්නේ ගැමුණු හෙවත් ගාමිණී කුමාරයායි. මෙය කාවන්තිස්ස රජුට හා ගැමුණු කුමාරයාට එකල සේවය කල දස මහා යෝධ සේනාව හා පුරාණ ජනප්‍රවාද මූලික කර තැනූවකි. ක්‍රීඩාවේ එන සටන්කාමි චරිතයට එක් විශේෂ ඉලක්කයක් ඇත. 
                    ඔහු අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.මෙය හුදෙක් සාමාන්‍ය ක්‍රීඩාවක් නොවන අතර උසස් තත්වයේ ග්‍රැ‍ෆික් හා තාක්ෂණික උපක්‍රම යොදා ගෙන කල ක්‍රීඩාවකි. ක්‍රීඩාව සිංහල බසින් හඬ කවා ඇති අතර වෙනත් භාෂා උපසි‍රැසි වලට සහය දක්වයි. මෙය ශ්‍රී ලාංකීය පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ විප්ලවීය නිර්මාණයකි. එය ශ්‍රී ලාංකිකයන් අතර දැන් ඉතාමත් ජනප්‍රිය ය.

නිමැවුම් කරුවන්

                   මුලින් සඳහන් කල ආකාරයට මෙම ක්‍රීඩාව නිමවනු ලැබුවේ ඇරිමැක් නම් ශ්‍රී ලාංකීය සමාගම විසින් 25ක් පමණ කණ්ඩායමක එකමුතුවෙනි. ඇරිමැක් සමාගමේ මුල්ම ක්‍රීඩාව මෙය නොවේ. මීට පෙර ඔවුන් විසින් විවිධ පන්නයේ මධ්‍යම ප්‍රමාණයේ ක්‍රීඩා හඳුන්වා දී ඇති අතර කංඡායුධ ඒ අතරින් බිහි වූ දැවැන්ත පරිගණක ක්‍රීඩාවකි. මීට අමතරව ලංකාවේ පලමු ගේම් හබ් (Game Hub) එක ද ඔවුන් සතුවේ.

කීයක් වෙයිද?
                 ඇරිමැක් සමාගම විසින් මුලින් සඳහන් කලේ මෙය රු 2850 වැනි මුදලකට ලබා දීමට වුවත් පසුව එය මාස 6ක කාලයක් නොමිලේ බාවිතා කිරීමට අවස්තාව ලබා දී තිබෙනවා. එය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා. කංඡායුධ ක්‍රිඩාව ක්‍රීඩා කිරීමට කැමති නමුත් එය මිල්දී ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව හා එය නොමිලේ ලබාදිය හැකිදැයි පවසා සමාජ ජාල මගින් කංඡායුධ නිර්මාණ කරුවන්ගෙන් කල ආයාචනයට අනුව ඇරිමැක් සමාගම මෙසේ නොමිලේ දීමට තීරණය කර් ඇත.
                    එහෙත් ඕනෑම කෙනෙකුට එය රු.1,500 සිට රු 10,000 දක්වා මුදලක් ලබා දී ලබා ගැනීමටද පුලුවන්. තමන්ට මෙවැනි මුදලක් ගෙවීමට හැකියාවක් ඇති නම් එය ගෙවා ක්‍රීඩාව ලබා ගන්නේ නම් එය නිර්මාපකයන්ට කරන උපහාරයක්, ගෞරවයක් මෙන්ම ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයට දෙන තල්ලුවක්ද වනු ඇත.

කොහොමද දෙන්නෙ?
                   කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා ඩිජිටල් ඩවුන්ලෝඩ් වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

ඩවුන්ලෝඩ් කරගැනීම
               ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න (5.4GB විතර...) කංඡායුධ නිල වෙබ් අඩවිය www.kanchayudha.com වලින් පුලුවන්.  

ඒ විශිෂ්ඨ නිමැවුම
           අවුරුදු 5 ක් දහඩිය, බුද්ධිය, ධනය වැයකොට කල නොහැකි දේ කල හැකිය යන්න රටටම පෙන්වා, ලාංකිකයන්ට දේශිය නිෂ්පාදනයක් ලබා දී නව හැරවුම් ලක්ෂයක් සනි‍ටුවන් කරමින් එයින් නොනැවතී මේ අනර්ඝ නිමැවුම නොමිලේ ලබා දෙමින් ඔවුන් කරනා මෙහෙය සැබවින්ම අගය කල යුතුය. උපහාරය හිමිවිය යුතුය.

8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features