NASA එකට අහසේ ෆොටෝ යවමු !

                                 වලාකුළු ගැන ලබා ගන්න චන්ද්‍රිකා දත්ත වල නිර්වද්‍ය බව තහවුරු කරගන්න කරන උදව්වක් විදිහට ඕනි කෙනෙක්ට ෆෝන් එකේ කැමරාවෙන් අහසේ ෆොටෝ අරගෙන NASA එකට යවන්න දැන් පුළුවන්.
                                   NASA හි අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් වන GLOBE (Global Learning and Observations to Benefit the Environment) යටතේ විද්‍යාව හා තාක්ෂණයට ඇල්මක් දක්වන සිසුන් දිරිමත් කිරීමත් මේ ව්‍යාපෘතියේ අරමුණක්. Langley Research Center හි Marilé Colón Robles පවසන පරිදි NASA හි ඇතිවන  අභියෝගයන්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස ලබා දෙන සහයෝගය NASA  ආයතනයට කෙතරම් වැදගත් ද යන්න පෙන්වා දීමත් මේ ව්‍යාපෘතියේ තවත් උත්සහයක් . තවද එක් ඍතුවකින් තවත් ඍතුවකට පරිසරය වෙනස් වීමේදී ඊට අනුරූපව වළාකුළු වල හැසිරීම නිරීක්ෂණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
                             මේ ව්‍යාපෘතියට එකතු  වෙන්න කැමති නම් කරන්න තියෙන්නෙ GLOBE Observer කියන app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඊට පස්සෙ ඒ ඇප් එකෙන්ම රෙජිස්ටර් වෙලා අහසේ පින්තුර අරගෙන යවන්න පුළුවන්. පින්තූර යවන්න කලින් දැනට අහසෙ තියෙන තත්වය, පොළොවේ ස්වභාවය වගේම තමන් ඉන්න තැන අක්ෂාංශ, දේශාංශ වල අගයන් එහෙමත් දත්ත විදිහට ලබා දෙන්න ඕනි. ඒ දත්ත ගන්න උදව් වෙන්න ගූගල් සිතියමක් ඇප් එකේම තියෙනවා. එක දවසකට පින්තූර 10 ක් යවන්න පුළුවන්. 
                                   CERES (Clouds and the Earth’s Radiant Energy System) කියන NASA එකෙන් පෘතුවි කක්ෂයට යවල තියෙන උපකරණයේ ඇති විවිධ සංවේදක මගින් පෘතුවිය නිරීක්ෂණය කරනු ලබනවා.කොච්චර උසස් තාක්ෂණයක් යොදාගෙන මේ උපකරණ නිර්මාණය කලත් ඒවාටත් පෘතුවියේ සමහර දත්ත ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා උපකරණයෙන් එවන දත්ත විමර්ශණය කරන්න, තහවුරු කරගන්න අපි යවන මේ දත්ත යොදා ගන්නවා. උදාහරණයක් විදිහට හිම වැටිලා තියෙන පොළවකට උඩින් වළාකුළු තිබුණොතින් ඒක පැහැදිලිව හදුනා ගන්න නොහැකියි . අන්න ඒ වගේ වෙලාවට මේ ෆොටෝ වලින්  අදාළ පරිසරයේ නියමම ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අහසෙ ෆොටෝ ගන්න වෙලාවේම අදාල චන්ද්‍රිකාවත් එක එල්ලෙහිම තියෙනවනම් ඒ ෆොටෝ වල වටිනාක වැඩියි. ඒ නිසා චන්ද්‍රිකාවේ පිහිටීමත් GLOBE Observer ඇප් එකෙන්ම ලබා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා.

8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ෆෝන් එකේ කැබරාවක් නැත්තං මොකෑ කරන්න ඕන. ඇරත් චන්ද්‍රිකා ඔළුව උඩට එනකල් උඩ බලාගෙන ඉන්න ඕනද? හැක්..

    ReplyDelete
    Replies
    1. කැමරාවක් නැති පෝං එකක් අරං උඩ බලං ඉන්න බ්‍රෝ... හැක්!

      Delete
  2. නියමයි මල්ලි

    ReplyDelete
  3. අපේ උන් ගොඩාක් ඉන්නේ බඩ උලන්- උබ බලන් උදවිය නොවැ. තව සල්ලි කියක් හරි දෙනවා කිව්වොත් නාසා එකට එපාවෙන්නම පොටෝ යවයි.

    ReplyDelete
    Replies
    1. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.. මාතෘකාවට "NASA එකට ෆොටෝ යවා මුදල් හොයමු" කියලා දාන්න ඕනි.. හැක්!

      Delete
    2. 😂😂😂 සිරාම කතාව

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features