යාළුවන්ට සල්ලි යවන්න ගූගල් ඇසිස්ටන්ට්

                               ගූගල් සමාගමේ පුද්ගල සහය වැඩසටහන වෙන Google Assistant වැඩසටහන ඔස්සේ voice command භාවිත කර මුදල් හුවමාරු කරන්න පුළුවන් හැකියාව දැන් ලබා දීලා තියෙනවා. දැනට අත්හදා බැලීමක් විදිහට ඇමරිකාවේ විතරක් මේක ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට "සමන්ට රු.500 ක් යවන්න" විදිහට කිව්වොත් Google pay හරහා අදාල මුදල් යවන්න දැන් පුළුවන්.
                                           මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ගූගල් සමාගමේ සේවාවන් දෙකක් වුණු Google wallet හා Android pay යන සේවා දෙකම එකට එක් කරලා Google pay පද්ධතිය නිර්මාණය කරා. ඒ වගේම ඊළඟ මාස කීපය තුලදී මේ peer-to-peer ගෙවීම් සඳහා Google pay send ලෙස තවත් වෙනම ඇප් එකක් පැමිණේවි. මුදල් යවන්න හදන පලවෙනි සැරේම නම්, දැනටත් Google pay ගිණුමක් නැත්නම් ඒ වෙලාවෙම අලුත් ගිණුමක් හදාගන්න පුළුවන්. 

                 මුදල් යවන වෙලාවට ඇගිලි සලකුණ (Fingerprint) හරි කටහඬෙන් (Voice print) එහෙමත් නැත්නං Google password එකෙන් හරි තහවුරු කරන්න පුළුවන්. Google Home උපාංඟයටත් මේ තාක්ෂණය එක් කරන්න ඉදිරි කාලයේ සුදානම්. ඒත් ඒ ගණුදෙනු තහවුරු කරන්න (authentication) හරියටම ක්‍රමයක් නම් තාම නෑ.
                                 Google Assistant වගේම Apple siri වලත් දැනටමත් peer-to-peer payment සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ දෙකෙන් ඇපල් විශේෂ  වෙන්න හේතුව තමයි මුදලක් යවන්න Apple Pay, Venmo, හෝ Square Cash  කියන සේවාවන් කීපයක්ම තෝරාගන්න පුළුවන් වීම. ඒත් Google Assistant සහය දෙන්නේ Google pay වලට පමණයි.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඕක ලංකාවට ආව දවසක 'Praසන්னට රුපියල් ලක්ෂයක් යවන්න' කියල ටෙස් කරල බලහං. හැක්..

    ReplyDelete
    Replies
    1. හැක්... එතකොට ගූගලයා කියයි.. "වැඩක් නෑ ඕයි ඌට ස්මාර්ට් පෝං එකක් නෑ කියලා.." හැක් !

      Delete
  2. හෙහ්.. ඒනං ගූග්ල් ⁣play එකෙන් කාඩ් එක අයින් කරල තියාගන්න වෙයි.
    අපෙ ඇම්ඩන්ල ඕකටත් ේමක් ගහයි 😁 😁 😁

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් උඩිංම ඉන්නවා අයියෙ 😂😂

      Delete
Previous Post Next Post

Recent Post

Features