IT කියන්නෙ දැං හැමෝටම ඕනි වෙන විෂයක් . එත් IT වල තියෙන මූලික දේවල් හැර ඒ ගැන ගැඹුරින් ඕනෙ කෙනෙකුට තේරෙන විදිහට කියනවා කියාදෙන මූලාශ්‍ර තියෙන්නෙ කීපයක් විතරයි.
ඒ අතරින් ටෙක් කතා කියන්නෙ (techkatha.com) අපේ රටේ geek ලා අතර ජනප්‍රිය වුණ වැඩසටහනක්. මේක පෝඩ් කාස්ටින් (Pod casting) සේවයක් (බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය). ඒ කියන්නෙ සාමාන්‍ය කියවීමෙන් දැනුමක් ගැනීම වෙනුවට සංවාදයක් මගින් දැනුම ලබා දීමක්. මේ එක් එක් වැඩසටහන ශබ්ධ ගොනුවක් (mp3,ogg) විදිහට ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුළුවන්. ඒ නිසා වෙන වැඩක් කරන ගමන් උනත් මේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන්.ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙනනෙ කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ යි. ඔවුන් සියලු දෙනා තොරතුරු තාක්ෂණයේ ප්රවීණයන්ය. තවත් වැදගත් දෙයක් තමයි ඕනෑම කෙනෙකුට තමන්ට එදිනෙදා එන තාක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන එක. සාමාන්‍ය භාවිතයෙන් එහා ගිය තොරතුරු තාක්ෂනය එදිනෙදා ජීවිතයට සම්බන්ද කරගන්නා විදිහ ටෙක් කතා තුල සාක්ච්ඡා වෙනවා.
තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන අය වගේම අනෙක් අයටත් එක එක විදිහෙ ටෙක් ගැටලු එන්න පුළුවන්. ඉතිං මේ හැමෝටම මේ වැඩසටහන ප්‍රයෝජනවත් වේවි.
ඕනි වැඩක් කරගෙන යනකොට හැමෝටම එක එක බාධා ඇති වෙනවා. ටෙක් කතාවටත් මේ දේම වුණා😄. ඉතිං කොහොමෙන් කොහොම හරි අවුරුදු 4 කට පස්සෙ ආයෙත් ටෙක් කතා වැඩ පටන් අරං තියෙන්නෙ. VPN, Starting in Electronics, Maps, LoRaWan ගැන කතා කරන 192 වන මේ සතියේ වැඩසටහන මෙතනින් ගිහින් දැන්ම අහල බලන්න වැඩේ කොහොමද කියලා.

නියමයි.
ReplyDeleteස්තුතියි ප්‍රසා.... 👍
Deleteමුලම කාලෙ ඇහුව. පස්සෙ නම් ඇහුවෙ නෑ.
ReplyDeleteඅලුතෙන් ආයෙමත් අහන්න සෙට්වෙමු!
Delete