ඇපල් වෙතින් මිල අඩු Home Pod එකක්?

                        ඇපල් හෝම් පොඩ් ගැන හුගක් අය දන්නවත් ඇති. ගූගල් හෝම්, ඇමේසන් එකෝ වගේ ඇපල් සමාගමෙන් නිකුත් කරපු home assistant උපාංඟය තමයි ඇපල් හෝම් පොඩ් කියන්නෙ. හෝම් පොඩ් එක ඇපල් සිරි වලින් වැඩ කරන home assistant එකක් වගේම හොඳ  music player එකක්.
             ඇපල් හෝම් පොඩ් එකට ආරම්භයේ ඉදන්ම හොද උණුසුම් පිළිගැනීමක් ලැබුණේ නෑ. $345 වගේ (ලංකාවේ මුදලින් රු.54,500 කට) ඉතා අධික මිලක් වෙනවා වගේම අනෙක් උපාංගත් එක්ක සාපේක්ෂව තියෙන පහසුකම් වලත් සීමාවක් තිබීම නිසා හෝම් පොඩ් එකට පාරිභෝගියන් අතර ජනප්‍රිය වෙන්න බැරි වුණා. මේ තත්වය තේරුම් ගත්ත ඇපල් සමාගම ඔන්න හෝම් පොඩ් එකේ තව සංස්කරණයක් මේ අවුරුද්දෙ නිකුත් කරන්න නියමිතයි. ආරංචි වලට අනුව මේ අලුත් උපාංගය $199 (ලංකාවේ මුදලින් රු.31,400 කට) වගේ මිලකට අලෙවි කරන්න නියමිතයි.
               මේ විදිහට මිල අඩු වීමේදී ඒ හා සාපේක්ෂව දෘඩාංග වල වෙනස්කම් වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන වෙනසක් විදිහට කලින් උපාංගයේ තිබුණු Apple A8 ප්‍රොසෙසරය වෙනුවට MediaTek ප්‍රොසෙසරයක් ඇතුලත් කරලා තිබෙන එක. ඇපල් සමාගම මෙසේ මිල අඩු දෙවන සංස්කරණයක් සාදන ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට කලින් 2017 දී iPad හි ලාබ සංස්කරණයක් ද ඇපල් සමාගමෙන් නිකුත් කරණු ලැබුවා.
               ඇපල් සමාගම මින් බලාපොරොත්තු වනු ඇත්තේ සියලුදෙනාට මිලදී ගත හැකි තනි උපකරණයක් සංස්කරණ දෙකක් යටතේ නිකුත් කිරීමයි. එමගින් ගිළිහී යන වෙළඳ පොළ ද යම් තාක් හෝ ගැට ගසා ගැනීමයි. ඒ කෙසේ වෙතත් මේ උපකරණයටත් Amazon Echo Dot , Google mini වැනි අනෙක් සමාගම් වල උපකරණයන්හි මිලෙන් අඩු සංස්කරණයන් සමගද තරඟ කිරීමට සිදුවනු ඇත.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඇපල් පෝන් එකක් ගත්ත දවසක බලමු.

    ReplyDelete
    Replies
    1. ඇපල් ඕනි නෑ.. ටච් ස්ක්‍රීන් එකක් තියෙන පෝං එකක් ගන්න අයියා

      Delete
Previous Post Next Post

Recent Post

Features