අළුත්ම කැමරා 4ක Huawei nova 3/3i ගැන

                         ජංගම දුරකතන නිපදවන සමාගම් අතරින් අතිශය ජනප්‍රිය නමක් තමයි Huawei කියන්නේ. ඔවුන් විසින් එළිදක්වන ලද අලුත්ම දුරකතනය වන Huawei nova 3 හා nova 3i ගැනයි මේ ලිපිය. 
                   Huawei nova මාදිලිය තරුණ පරම්පරාවට ගැලපෙන ලෙස ඉලක්ක කර නිපදවූ Mid-Range දුරකතනයක්. nova යනු ලතින් භාෂාවෙන් අලුත් යන තේරුම ගෙන එයි. එනම් මීට පෙර එළිදක්වන ලද nova 2 මාදිලියට වඩා අලුත් විශේෂාංග nova 3 හිදී දැක ගැනීමට පුළුවන්.
බඳ හා නිමාව 
               දුරකතනයේ බඳ සිත් ඇදගන්නා සුළු හා සීරීම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිරිපස හා පසුපස වීදුරු වලින් නිර්මාණය කර තිබෙන අතර දුරකතනය ශක්තිමත් ඇලුමිනියම් රාමුවකින් යුක්ත වෙනවා.nova 3 දුරකතනයේ බර 166g පමණ හා විශාලත්වය 157 x 73.7 x 7.3 mm (6.18 x 2.90 x 0.29 in) වේ. nova 3i දුරකතනයේ බර 169g පමණ හා විශාලත්වය 157.6 x 75.2 x 7.6 mm (6.20 x 2.96 x 0.30 in) වේ. දුරකතන දෙකෙහි පවතින ප්‍රධාන වෙනස්කමක් වන්නේ මෙයයි. nova 3 Black, Blue, iris purple යන වර්ණ 3 කින් පැමිණෙන අතර iris purple ඔවුන් හදුන්වාදුන් නවතම වර්ණයයි.

තිරය
                   Huawei nova 3 හි අඟල් 6.3 ක IPS LCD capacitive touchscreen, 16M colors තිරයක් තිබෙන අතර තිරය දුරකතනයේ 84.2% දක්වා ඇත. එමනිසා ඉදිරිපස කැමරාව හා අනෙකුත් සංවේදක යුතු කුඩා කොටසක් පමණක් (notch) ඉතිරිකොට තිබේ. තිරයේ විභේදනය 1080 x 2340 pixels, 19.5:9 ratio (~409 ppi density) වන අතර එය Huawei EMUI 8.2 මගින් බලගන්වා ඇත.
කෘතිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා 4
                     24 mega-pixel (mono) + 16 mega-pixel (colour), පසු පස කැමරාවත් , 24 mega-pixel (colour) + 2 mega-pixel (colour) ඉදිරිපස කැමරාවකුත් nova 3 හි පවතිනවා. ඉහතින් දැක්වුවා සේම මෙම කැමරා 4 ම කෘතිම බුද්ධියෙන් බලගන්වා තිබෙනවා. එමගින් පසු පස කැමරාවෙන් එකිනෙකට වෙනස් වූ වස්තූන් 22ක් හා ඉදිරිපස selfie කැමරාවෙන් වස්තූන් 8 ක් වෙන්වෙන්ව හඳුනාගනන්න මෙහි ක්‍රියාත්මක වන AI වැඩසටහනට පුළුවන්. 
                     එලෙසම අලුතෙන් නිකුත්වන ස්මාර්ට් දුරකතනවල ඇති මුහුණේ ඉරියව් වලට වෙනස්වන 3D ඉමෝජි පහසුකම Qmoji ලෙස අලුත් nova 3 හි පවතිනවා.

MAIN CAMERASingle16 MP, f/1.9, 28mm, 1/2.6", 1.12µm, OIS, AF
FeaturesLED flash, auto-HDR, panorama
Video2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR, dual-video rec.
SELFIE CAMERASingle5 MP, f/1.9, 22mm, 1/4.1", 1.34µm
FeaturesDual video call, Auto-HDR
Video1440p@30fps

මෙහෙයුම් පද්ධතිය හා චිප් පද්ධතිය
             nova 3 ඇන්ඩ්‍රොයිඩ් 8.1 ඔරියෝ මගින් ක්‍රියාත්මක වෙනවා. මෙහි ක්‍රියාත්මක වෙන චිප් පද්ධතිය වන්නේ HiSilicon Kirin 970 යි. nova 3i HiSilicon Kirin 710 මගින් ක්‍රියාත්මක වේ. මෙම චිප් පද්ධතිය AI තාක්ෂණය සහය දක්වන අතර Gaming සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. එම නිසා ඊටම ගැලපෙන Mali-G72 MP12 GPU එක යොදා තිබේ. එමනිසා ක්‍රිඩා වලදී අතරමැද සිරවීමකින් තොරව වේගවත්ව ක්‍රීඩා කල හැක.

PLATFORMOSAndroid 8.1 (Oreo)
ChipsetHisilicon Kirin 970
CPUOcta-core (4x2.4 GHz Cortex-A73 & 4x1.8 GHz Cortex-A53)
GPUMali-G72 MP12

මතකය
                 Huwaei සමාගම සිය key-point එක ලෙස nova 3 හි යොදාගෙන ඇත්තේ එහි මතකයයි.ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුව වන්නේද මතකයයි. ෆෝන් එකෙන් ලබා ගන්නා වීඩියෝ හා ෆොටෝ වල ගුණාත්මක බව වැඩි වෙන්න, වැඩි වෙන්න .nova 3 හි 6GB RAM මතකයක් සමග 128GB storage මතකයක් ලැබෙනවා. nova 3i ඇති වෙනස එහි RAM මතකය 4GB වීමයි. ඒවගේම අමතරව 256GB දක්වා මෙමරි කාඩ් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. 

අනෙක් විශේෂාංඟ 
              nova 3 වල ෆාස්ට් චාර්ජින් සපෝට් කරන 3750mAh බැටරියක් තියෙනවා. ඒ වගේම Dual SIM (hybrid), VoLTE හා USB connector එක USB type C 2.0 පෝට් එකක් . අනෙක් අළුත් ෆෝන් වල වගේම finger print sensor එකක් තියෙනවා. ෆේස් අන්ලොක් තාක්ෂණය nova 3 ෆෝන් එකේදි දියුණු කරලා IR face unlock තාක්ෂණය තියෙන නිසා අඳුරු අවස්ථා වලදී වුණත් ගැටලුවක් නැතුව ෆෝන් එකේ ලොක් අන්ලොක් අරන්න පුළුවන්.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. දැං ඔහේ කියන්නෙ මෙව්ව එකක් ගන්න කියලද?

    ReplyDelete
    Replies
    1. ඔහේට එකක් නෑ නෙව... මෙයිං එකක්වත් ගමු..
      හැක්!!!

      Delete
  2. ගාන කියද කියලත් දාපන් ...පොස්ට් එක එල

    ReplyDelete
    Replies
    1. nova 3 එක 79900/= විතර වෙනවා අයියේ. nova 3i එක 49900/= වෙනවා මෙන්ඩයියේ ...

      Delete
  3. Replies
    1. ලාබ බඩු බාලයි අයියා.. හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features