අඩු වියදම් Wireless Security කැමරාව!

                             නිවසේ ,වැඩකරන තැන ආරක්ෂාවට CCTV කැමරා සවි කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්. සාමාන්‍යයෙන් කැමරා 6 ක් එක්ක CCTV කැමරා පද්ධතියක් සවි කරන්න රු.40000 ක් විතර යනවා. කැමරා 1ක් 2ක් ඕනි අයට මේවගෙ ගානක් වියදම් කරන එක වැඩක් නෑ. ඒ වෙනුවට වැඩි වැඩ තියෙන ලේසියෙන් සවි කරගන්න පුළුවන් කැමරාවක් ගැනයි මේ ලිපිය.
➥කැමරාව ගැන
                       JOOAN කියන වර්ගයේ C5M D කියන මොඩල් එකේ කැමරාව තමයි මේ වැඩේදි ගත්තෙ. ප්‍රමාණයෙන් අනිත් CCTV කැමරාවක් තරම්ම වෙනවා. කැමරාව ගන්නකොට ඒකත් එක්ක AC Power Adepter එකක්, මීටර් කීපයක් දිග Micro USB කේබල් එකක් බිත්තියක, වහලයක සවි කරන්න ගන්න Bracket එකක් එහෙමත් ලැබෙනවා. මේකෙ මිල රු.3000 ත් 4000 අතර වෙනවා.

➥විශේෂත්වය
                  ප්‍රධානම විශේෂත්වය තමයි රැහැන් රහිත වීම. තව මේකට 128GB දක්වා SD Card යොදා ගන්න පුළුවන් කම තියෙනවා. ඒවෙන හැම දේම record කරගන්න පුළුවන්.  ඒ වගේම අනිත් කැමරා වලට වඩා වෙනස් පහසුකමක් මේකෙ තියෙනවා. ඒ තමයි මේ කැමරාව හරහා වෙන දේවල් ෆෝන් එක හරහා අහන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකෙන් කැමරාවෙන් කතා කරන්නත් පුළුවන්. අනිත් විශේෂත්වය තමයි කැමරාව 350දක්වා හරවා බලන්න පුළුවන්. මේ කැමරාව අනිත් CCTV කැමරා වල තියෙන Night Vision පහසුකම, Motion detection පහසුකමත්  තියෙන 720p HD කැමරාවක්.
                 කැමරාව ගොඩක් User Frendly. එහෙම කියන්න හේතුව තමයි කැමරාවෙ වෙන දේවල් කියන්න මේ කැමරාවට පුළුවන් (කැමරාව Configure කරන වෙලාවෙදි). කැමරාවෙ මිලට සාපේක්ෂව ආලෝකය තියෙන අවස්ථාවල, නැති අවස්ථාවල ලැබෙන රූපරාමු වල ගුණාත්මක බව නම් ගොඩක් හොඳයි.

1. Lens: 3.6mm, 1MP ,1280x720p
2. Pan Horizontal 350 & &Tilt Vertical:100
3. IR distance: 20ft
4. Power DC: 5V / 2A – Power
5. Power consumption: < 7W

➥ඇප් එක
               කැමරාවෙන් වැඩ ගන්න ස්මාර්ට් ෆෝන් එකෙ Danale ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනි. Android හා iOS වලට මේ ඇප් එක සහය දක්වනවා. ඇප් එක ඉන්ස්ටෝල් කරලා මුලින්ම Account එකක් නැත්නම් ඇප් එකෙන්ම රෙජිස්ටර් වෙලා Account එක හදාගන්න ඕනි. එකවර කැමරා 4ක දර්ශන නරඹන්න Danale ඇප් එකෙන් පුළුවන්.
              කැමරාවේ වීඩියෝ දර්ශන ක්ලවුඩ් වල රඳවන්න පුළුවන්. හැබැයි ඒකට මුදල් ගෙවන්න ඕනි. 

               ඉතිං වැඩිය දඟලන්නෙ නැතුව පහසුවෙන් ඉක්මනින් අඩු වියදමින් සවිකර ගන්න පුලුවන් කැමරාවක් හොයනවනම් මේක තමයි ඒකට හොඳම කැමරාව. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න පුළුවන්.

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. වොරන්ටිය කොහොමද. මේකට වයිෆයි කනෙක්ශන් එකක් ඔනේ නේද.

    ReplyDelete
    Replies
    1. නෑ අපි ඕකට ප්‍රී වයිෆයි දෙනව.

      -ඩිගිටල් ඇමටි-

      Delete
    2. aliexpress එකෙන් අයියෙ මේක මම ගෙන්නුවේ. එකක් හයි කරල දැන් මාස තුනක් විතර වෙනවා. කිසිම අවුලක් නෑ.අවුලක් වුනොත් return කරන්න පුළුවන්. කැමරාව වැඩ කරන්න වයිෆයි රවුටරයක් ඕනි. එහෙම නැත්නම් මෙමරි චිප් එකක් දාලා පස්සෙ බලන්න පුළුවන්.

      Delete
    3. @Praසන්ன
      දීලා වැඩි වෙලා තියෙන්නෙ දැන්
      හැක්..!

      Delete
  2. ඕකනෙ ඉතිං කියන්නෙ. ඔය කැමරාව ගන්න ඉස්සෙල්ලත් ඉස්මාර්ට් පෝන් එකක් ගන්න එපැයි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න හිටං.

    ReplyDelete
    Replies
    1. ස්මාර්ට් පෝන් එකක් නැති ජීවිතේ මවුස් එකක් නැති කොම්පියුටරයක් වගේ ප්‍රසා අයියේ.. හැක්!

      Delete
  3. මම ගෙදර සවි කරල තියෙන්නෙ GuudGo කියන බ්‍රෑන්ඩ් එකේ කැමරා. Digoo බ්‍රෑන්ඩ් එකත් හොඳයි. දෙකට ඇප් දෙකක් තිබ්බට, එක cloud database එකක්ද ක්ඔහෙද යූස් කරන්නෙ. එකකට ඇඩ් කරන කැමරාවක්, අනිත් ඇප් එකෙනුත් බැලුවැකි.
    OnVif සපෝර්ට් කරනව. ඉතින් onvif තියෙන DVR එකකට සෙට් කරන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේවගේ පොඩි පොඩි වෙනස් කම් තිබුණට ගොඩක් වෙලාවට USE කරන්නෙ එකම තාක්ෂණයක්. ඉතිං ගොඩක් වෙලාවට වැඩ කර්න්න ඉඩ තියෙනවා. පොඩි උනාට පට්ට වටින කැමරාව!

      Delete
  4. මේක නම් සෑහෙන්න ප්‍රයෝජනවත්.

    මේ පැත්තෙ වැඩිය නාවට තරහ වෙන්න එපා, IT බාස්ලට IT කතන්දර කියවන එක හෙන කම්මැලි වැඩක් :-)

    ඔහොම කරගෙන යං !

    ReplyDelete
    Replies
    1. //මේ පැත්තෙ වැඩිය නාවට තරහ වෙන්න එපා//
      පිස්සුද කණ්ඩයියේ එහෙම තරහා වෙනවද? මෙහෙම ආපු එකම මදැයි ඉතිං..!

      Delete
Previous Post Next Post

Recent Post

Features