අලුත් වුණු ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය

           ඉන්ටනෙට් යන ලොකු කුඩා කවුරුත් වැඩියෙන්ම භාවිතා කරන සර්ච් එන්ජින් එක තමයි ගූගල්. ඉතින් දැන් ඇල්පබට්(Alphabet) (කලින් ගූගල්ම තමයි) සමාගමට අයිති ගූගල් සමාගමේ ඉන්ටනෙට් එක බ්‍රවුසර් භාවිතය කනපිට හරවපු නිපැයුමක් තමයි ගූගල් ක්‍රෝම් කියන්නෙ. ඉස්සර ඉන්ටනෙට් යන්න ගත්ත ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් පැත්තකට විසිවී ගියේ ක්‍රෝම් හි පැමිණීමත් එක්කයි.
           ඉතින් මේ ක්‍රෝම් බ්‍රවුසර් එක කොතරම් දෙනා වැඩ ගත්තත් අලුතින් අප්ඩේට් ආවත් වැඩි වෙනසක් පෙනුමෙන් දකින්න ලැබුණේ නෑ. ඒත් අවුරුදු 10කට පස්සෙ ආපු අලුත්ම  අප්ඩේට් එකෙන් ක්‍රෝම් ටිකක් අලුත් පෙනුමක් අරගෙන තියෙනවා.


ප්‍රධාන වෙනස්කම්


                    ක්‍රෝම් බ්‍රවුසර් පරම්පරාවේ කලින් ඒවට වඩා දකින්න තියෙන ලොකුම වෙනස්කම තමයි කලින් තිබුණ හතරැස් ටැබ්, ඇඩ්‍රස් බාර් (omnibox) එක වෙනුවට තරමක් වටකුරු හැඩති ඒවා විදිහට වෙනස් කරලා තියෙනවා. සමහරු අහයි ඒකෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ගූගල්ලා කියන විදිහට ඒකෙන් ටැබ් කිහිපයක් සමග කරන වැඩකදී ඉතා පහසුවෙන් ටැබ් හදුනාගෙන පුළුවන් වෙනවා.

අලුත් වැඩ

                     තව වෙනස් කමක් තමයි සමහර විස්තර (ප්‍රවෘති, කාලගුණය, ක්‍රීඩා විස්තර) අලුතෙන් ටැබ් එකක් ඕපන් නොකර ඔම්නි බොක්ස් එක නැත්නම් ඇඩ්‍රස්බාර් එකෙන්ම දර්ශණය කිරීම. උදාහරණයක් විදිහට අද දිනයේ කාලගුණ තත්වය දැන ගන්න ඒ ගැන ඔම්නි බොක්ස් ටයිප් කිරීම විතරක් ප්‍රමාණවත් වෙනවා. එතකොට ඊට පහලින් ඒ විස්තර පෙන්වන්න ක්‍රෝම් බ්‍රවුසරයට පුළුවන්. ඒකට අලුත් ටැබ් එකක් ඕපන් කරන්න ඕනි නෑ.

Chrome translating english to japanese
                     ඒ වගේම වෙබ් අඩවි හැසිරවීමේ පහසුව වෙනුවෙන් ඉබේ පිරවෙන දත්ත (Autofill Data) හැසිරවීම තවත් දියුණු කරලා තියෙනවා. යම් ෆෝමයක් පිරවීමේදී ඊට අවශ්‍ය දත්ත (නම, ලිපිනය, ක්‍රෙඩිට් කාඩ් විස්තර) නිවැරදිව හඳුනාගෙන ඊට අදාල දත්ත ගූගල් ගිණුමෙන් ලබාගෙන සම්පූර්ණ කරන්න අලුත් ක්‍රෝම් බ්‍රවුසරයට පුළුවන්. අලුත් ගිණුමක් වෙබ් පිටුවක හදන වෙලාවටත් ඒකට ඕනි වෙන ශක්තිමත් පාස්වර්ඩ් ඉබේම නිර්මාණය කරන්න වගේම ඒවා ගූගල් ගිණුමේ රඳවාගෙන නැවත පිවිසෙන වෙලාවට ඒවා ඩෙස්ක්ටොප් වගේම මොබයිල් ඩිවයිස් වලදීත් ඉබේ පුරවා දෙන්නත් පුලුවන් . අලුත් සංස්කරණය ලිනක්ස්,වින්ඩෝස් මැක් කියන ඩෙස්ක්ටොප්  පරිගණක වල වගේම ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් අයි ඕඑස් එකටත් ලබාදෙනවා .
                      ඉන්ටනෙට් නැතිවුණ වෙලාවට මතුවෙන ඩයිනෝසර් ගේම් එකත් ක්‍රෝම් වල තියෙන ජනප්‍රිය අංඟයක්. මේ ගේම් එකේ ඉස්සර තිබුණ පතොක් ගස් ටිකට අමතරව උපන්දින කේක්, තොප්පි, බැලූන් වගේ අලුත් කැලී එකතු කරලා තියෙනවා.
ආරක්ෂක උපක්‍රම

                      වෙබ් බ්‍රවුසර් කියන්නේ දත්ත ආරක්ෂාව අතින් වැඩි අවදානමක් තියෙන කොටසක්. ඉතිං අලුත් ක්‍රෝම් බ්‍රවුසරයේ ආරක්ශාවට කෘතිම බුද්ධි (AI / Machine learning) තාක්ෂණය එකතු කරලා අනර්ථකාරී වෙබ් පිටු (Phishing,Malware sitem) හඳුනාගැනීමේ තාක්ෂණය දියුණු කරලා තියෙනවා.
Chrome browser illustration
තව දුරටත් සාම්ප්‍රදායික බ්‍රවුසරයක් නෙවෙයි

                     AI තාක්ෂණය සහයෝග කරගෙන සුපුරුදු බ්‍රවුසර් ක්‍රියාකාරීත්වයට එහා ගිය පහසුකම් කීපයක් අලුත් ක්‍රෝම් සංස්කරණය අරගෙන ඇවිත් තියෙනවා. උදාහරණයක් විදිහට කවුරුහරි කෙනෙක් ගායකයෙක් ගෙ  සින්දුවක් හොයාගෙන එයාගේ විස්තර හෙව්වා කියලා හිතමු. එතකොට බ්‍රවුසරය මේ දත්ත හඳුනගෙන ඒ ගායකයාගේ ඉදිරි ඇල්බම , ප්‍රසංඟ වල විස්තර සොයා දෙන්න පුලුවන්. ඒ වගේම නිවාඩු ගත කිරීමට සුදුසු ස්ථාන, හෝටල් , ගුවන් ගමන් වෙන්කරවාක්කරන්න කරන්න වෙනත් ලිපි ලේඛන කටයුතු වලට බුද්ධිමත්ව සහය ලබා දෙන්න ක්‍රෝම් බ්‍රවුසරයට දැන් පුලුවන්.
                    මේ සියලු පහසුකම් හා සේවා වල අරමුණ ගතවූ වසර 10 සේම ඉදිරි වසර 10 ට ගැලපෙන ලෙස සිය සමාගමේ වැදගත්ම කොටසක් වන ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ඉහලින්ම ඔසවා තබන්නයි.


 ‘We think of the browser as the window to the web,’”-Sundar Pichai(CEO Google)


“A decade later, it’s still the tool people use to access all of the websites and applications that help them do what they want to do. As Chrome heads into the next 10 years, we want to expand that window—so you can see more and do more.” - Rahul Roy-Chowdhury, Google’s vice president of product management

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මමත් ඔය විස්තරේ ගූගල් බ්ලොග් එකෙන් කියෙව්වා.. ආපු දවසක බලමු..

    ReplyDelete
    Replies
    1. ඕකේ යා.. ආයෙ ඇවිත් බලන්නකෝ

      Delete
  2. ඔය මොක ආවත් අපි ගිනි නරිය එක්ක තමයි හිටං.

    ReplyDelete
    Replies
    1. ගිනි නරියා සමග නැගිටිමු...! හැක්

      Delete
  3. මොන පයන්නක්ද මන්දා.. දැන් ඉස්සර වගේ ක්‍රෝම් වල සිංහල ටයිප් කරන්න බෑ අලුතෙන් ගුගල් ඉන්පුට් ටුල්ස් ඉන්ස්ටෝල් කරගෙන. එච්චරයි මම දන්නේ. සේහ්.

    ReplyDelete
    Replies
    1. ක්‍රෝම් එකේ මොබයිල් වර්ෂන් එකේ නම් සිංහල ටයිප් බෑ තමයි අයියේ. ගූගල් ඉන්පුට් ටූල් එකටත් ගූගල් සපෝර්ට් කරන්නේ නෑ දැන්..

      Delete
  4. 11 ට විතර ඇවිල්ල උපාලි එකෙන් ඥානකතා අරං ගියේ ඔහේ නේද? හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කන්න දැං ඉඩකම් උකස් තියල එන්න ඕනි බං අයියේ. සේප් එකේ බනිසක් අරං මාරු උනා...

      Delete
  5. ඔන්න අපිත් ගොඩවැදුනා.....ආයෙත් එන්නම්.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ප්‍රදීප් අයියේ...!
      ආයෙත් එන්ඩකෝ එහෙනම්...!

      Delete
Previous Post Next Post

Recent Post

Features