මිලියන 50 ක ෆේස්බුක් ගිණුම් හැක් වේ!

                        Social Network අතරින් ඉහලින්ම සිටින ෆේස්බුක් සමාගමේ ගිණුම් මිලියන 50 කට අයත් දත්ත හැකර් ප්‍රහාරයකට ලක් වී ඇති බව එම සමාගම විසින් පසුගිය දිනයේදී(28) නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේම තිබුණු ආරක්ෂක දුර්වලතාවයකුයි. 


                       කලින් කිව්වා වගේම මේකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේ කේත කොටසක තිබූ ආරක්ෂක දුර්වලතාවයක්. ඒ ෆේස්බුක් පිටුවේ ඇති සියලුදේ එකවර හෝ වෙන් වෙන් වශයෙන් පෙන්වීමට පහසුකම් සපයන "View As" පහසුකම මගින් "Access token" සොරා ගැනීම මගිනි. Access token යනු ඩිජිටල් යතුරක් වැනි දෙයකි.යම් App එකක් මගින් යම් කෙනෙකු එක් වරක් පමණක් log වූ පසු නැවත පැමිණීමේ දී log වීමට අවශ්‍ය නොවන්නේ මේ access token නිසා වෙනි. කෙනෙකු මේ access token සොරා ගත් පසු එම තැනැත්තාට සත්‍ය පුද්ගලයා ලෙසම ගිණුම හැසිර වීම වගේම ඒ ගිණුම හරහා යවන ලද සියලු පුද්ගලික පණිවිඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රහාරය දියත් කිරීමට හැකර් කරුවන් විසින් වෙනත් තෙවන පාර්ශවික ඇප් යොදා ගත්තේද යන්න දැන් සොයමින් පවතිනවා.  
                      මේ ප්‍රහාරය ගැන දැනගත් වහාම ගිණුම් වල access token වෙනස් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරනු ලැබුවා. ඒ වගේම පෙර සූදානමක් විදිහට අවුරුද්දකට කාල පරාසය තුල View as පහසුකම භාවිතා කර තිබූ ගිණුම් මිලියන 40 ක access token වෙනස් කිරීමටත් තවත් මිලියන 90 ක පමණ ගිණුම් වලින් log out කිරීමටත්,පරීක්ෂණ කටයුතු නිම වන තුරු View as පහසුකම අක්‍රිය කර දැමීමටත් සමාගම කටයුතු කරලා තියෙනවා.
                         ෆේස්බුක් සමාගම පවසන විදියට මෙසේ ප්‍රහාරයට ලක්වූ ගිණුම් කිසිවක සත්‍ය password හෝ ක්‍රෙඩිට් කාඩ් අංක හෝ සොරාගෙන නැති බැවින් password වෙනස් කිරීම අවශ්‍ය නොවේ. ඔබ භාවිත කරන ගිණුමත් මේ ප්‍රහාරයට ලක්ව තිබුණි නම් ෆේස්බුක් මගින් log වූ ඇප් වලින් log out වී ඇති. තවමත් පරීක්ෂණ පටන්ගත් මුල් අදියර නිසා කුමණ තොරතුරු වලට හැකර් කරුවන් පිවිසී ඇතිද යන වග සොයමින් පවතිනවා.

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අනේ අපේ මොනව හොරකං කරන්නද බොල.
    ඔය හැම වෙලේම හැක්.. හැක්.. ගාන එවුවො තමයි ඔය වැඩ කරන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ සැගවුනු හැකර් කරුවා Praසන්ன අයියා ද?
      😂

      Delete
  2. ඕකට කෙල වෙලාම යන්න ඕන අම්මපා ... මුං තමයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පතුරවන්නෙ හිටං ✊

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features