රොබෝ ගොවිපළ..!

                    මඩ සෝදා ගත් කල ගොවියා රජ වීමට සුදුසුයි කිව්වට ගොවියා රොබෝ කෙනෙක් වුණොත්? (එහෙම වුණොත් එක අතකින් හොඳයි නෙහ්! ). ඇමරිකාවේ සැන් කාලෝස් හි ඇති ගොවිපළක් පාලනය වෙන්නේ මේ රොබෝ ගොවියන් මගිනි. සාම්ප්‍රධායික වගා කිරීමේ ක්‍රමයෙදි අවුරුදු සියගානක් ගියත් වෙනස් නොවුණු එක් රටාවක් තියෙනවා. ඒ තමයි යම් බෝගයකට අදාල බීජ වපුරා, ගොවියා විසින්ම අස්වනු නෙලා, පසුව ඔහු විසින්ම අලෙවි කිරීමයි. දැන් තියෙන්නෙ ඒ ක්‍රමය වෙනස්වෙන කාලයයි.
Iron Ox ගොවිපළ
                  මේ ගොවිපල අයිති සමාගම තමයි Iron Ox කියන්නෙ. 33 හැවිරිදි Brandon Alexander මේකේ ප්‍රධාන විධායක නිලධාරියා. Iron Ox  වර්ග අඩි 8000 පුරා පැතිරුණු ගෘහස්ථ ගොවිපළක්. සාමාන්‍ය ඵලදාවට වඩා පස්ගුණයක පමණ ඵලදාවක් මේ ගොවිපළෙන් ගන්න පුළුවන් කියලා තමයි කියන්නෙ. මේ ගොවිපළේදී බෝග වගා කරන්නෙ පසේ නෙවෙයි. ඒ වෙනුවට ඛණිජ හා අනෙක් පෝෂක දියකරන ලද ද්‍රාවණයක මේ පැල වගා කෙරෙනවා. සාම්ප්‍රදායි ගොවිපල වල පොලොවේ වගා කරනු වෙනුවට මේ පැලෑටි ද්‍රාවණයේ සිරස් හා තිරස් අතට වගා කෙරෙනවා. ඉර එළිය වෙනුවට මේ ගොවිපළේ පැලවලට ආලෝකය දෙන්නේ LED වලින්. ඒ හැම දේම ශාකවල හැඩය, පැහැය වගේම ප්‍රමාණයට සරිලන විදිහට පාලනය කරලා ලබා දෙනවා.

රොබෝ ගොවියා
              Iron Ox හි කටයුතු කරන්න ඉන්න රොබෝ ගොවියා තමයි Angus කියන්නෙ. Angus ගෙ බර රාත්තල් 1000 විතර වෙනවා. Angus රොබෝ ගේ රාජකාරිය වෙන්නෙ රාත්තල් 800 විතර බර වතුර පිරුණු ටියුබ්, රාක්ක එහා මෙහා ගෙනයන එකයි. මේ රොබෝවේ තියෙන බාහුවෙන් පැල එකින් එක එහා මෙහා ගෙනියන්න පුළුවන්.

අමිහිරි ගිම්හානය
           ඇලෙක්සැන්ඩර් කුඩා කාලයේදී හැම ගිම්හාන ඍතුවකම ඔහුගේ සීයාගේ ගොවිපළට යාමට සිදුවෙලා තිබුණා. ඒත් ඒක ඇලෙක්ස් ට නම් එච්චර සතුටුදායක වුණේ නෑ. ගිම්හාන කාලයට ඔහුගේ යාලුවන් නිවාඩුවට පිටත් වෙද්දි ඔහුට ගොවිපළක ඉන්නට වුණා. යහළුවන් දවල් වෙනකම් නිදාගන්නකොට ඇලෙක්ස්ට කුකුළා හඬන පාන්දරින් අහරින්න වුණා. ඔවුන් වෙරලේ සෙල්ලම් කරනකොට ඇලෙක්ස්ට ට්‍රැක්ටරයක් මත කාලය ගත කරන්න වුණා. මේ දේවල් නිසා ඇලෙක්ස්ට ගොවිපළේ ජීවිතය නීරස වෙලා තිබුණා. පස්සෙ කාලෙකදී ඔහු Jonathan Binney එක්ක එකතුවෙලා Iron Ox සැලසුම් කලා. 
                      ඒ වගේම මේ රොබෝවරුන් පාලනය කරන ඔහු හැදූ ගොවිපල ගැන ඔහුගේ සීයාට කියන්නත් ඇලෙක්ස් අමතක කලේ නෑ. ඇලෙක්ස්ගෙ සීයාට දැන් වයස අවුරුදු 83 ක් වෙනවා වගේම තවමත් සිය ගොවිපළ පවත්වගෙන යනවා. ඒ උනත් ඇලෙක්ස් ගොවිතැනට අකමැති කෙනෙක් නෙවෙයි.

අරමුණ
         රටක් ඇතුලේ මිනිසුන් වැඩි කොටසක් ඉන්නෙ නගරවල වුණත් ආහාර සඳහා වෙන බෝග වගා කරන ගොවිපළවල් තියෙන්නෙ නගරයෙන් තරමක් ඈතට වෙන්න ගම්බදවයි. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයෙන් නියමිත වෙලාවට සැපයුම් ලබා ගන්න අපහසු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට වැඩක් නොගෙන ඉවත දාන්නත් වෙනවා.එහෙම කියලා නගර මැද්දෙ කුඹුරු හදන්න බෑනේ. හැබැයි මේ  Iron Ox ගොවිපළේදී  ඉඩකඩ අඩුවෙන් වැයවෙන නිසා වගේම කටයුතු ස්ව්‍යංක්‍රීයව වෙන නිසා නගරයට හොඳටම ගැලපෙනවා.
         මේ විදිහට අවශ්‍ය වෙලාවට නිෂ්පාදන ලබා දීම just-in-time farming විදිහට හඳුන්වනවා. ඒ ක්‍රමය ජපානයේ ටොයෝටා සමාගමේ just-in-time කියන ක්‍රමය අනුව සැකසූවක්. මේ නිසා ප්‍රමාණය ඉක්මවා හෝ හිඟයක් හෝ ඇති නොවී අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදන ලබාදෙන්න පුළුවන්. සාම්ප්‍රදායි හරිතාගාරවල වගා කරන කොට පැලෑටි සියල්ලට පොදුවේ සැලකුවත් Iron Ox වලදී එක් එක් පැලයට වෙන වෙනම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඉල්ලුමට හරියන විදිහට සැපයුම දෙන්න පුළුවන්.

AI තාක්ෂණයේ බලය
           මේ සම්පූර්ණ ගොවිපළම ක්ලවුඩ් තාක්ෂණයෙන් බලගැන්වූ කෘතිම බුද්ධි වැඩසටහනකින් පාලනය වෙනවා. ගොවිපළේ ඇති ඔක්සිජන්, නයිට්‍රජන් වැනි වායු ප්‍රමාණය, උෂ්ණත්වය වගේම රොබෝවන්ගේ ස්ථානය වගේම ලැබෙන ඇණවුම් ප්‍රමාණය ද නිරීක්ෂණය කර ඒ අනුව ගොවිපළ පාලනය කරනු ලබනවා. 
           

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අගේ ඇති වැඩක්.
    අපේ ගොයියොන්ට ඉතිං ආණ්ඩුවට බැන බැන ඉන්නව මිසක් මොන රොබෝ වගා ද.

    ReplyDelete
    Replies
    1. එක වගේ නොවුනට එක එක පදේට නටනකොට රොබෝලා වගේ තමයි බ්‍රෝ..

      Delete
  2. මේවා අපේ රටට ගෙනෙන්නේ ඉතින් 3000 විතර කොමිස් කුට්ටි නොඉල්ලන කට්ටියක් ආවාමයි!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් සම්පූර්ණ රොබෝ තාක්ෂණයෙන් වැඩ නොකලත් මේ වගේ AI Grow කියලා ගොවිපළක් තියෙනවා. මේ ගොවිපළ කරන්නෙ ලංකාවෙ VEGA කියන ඉලෙක්ට්‍රික් කාර් එක හදන Code Gen ආයතනයෙන්. හැබැයි ඒකට රාජ්‍ය අනුග්‍රහය නම් කොහොම ලැබෙනවද කියල නම් දන්නෙ නෑ. ඒ නිසා ඒවගේ ව්‍යාපෘති ගොඩක් අප්‍රකටයි.

      Delete
Previous Post Next Post

Recent Post

Features