ජංගම දුරකථන පිලිකා බිය

                    දැන් දින කීපයක ඉඳන් "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් හුවමාරු වෙනවා. මේ නිවේදනයේ තියෙන්නේ "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන කරුණයි. ඇත්තටම ෆෝන් වල රේඩියෝ තරංඟ සෞඛයට අහිතකරද?

විද්‍යුත් චුම්බක තරංග ගැන

                ඇහැට පෙනුනෙ නැති වුණාට අපි ඉන්නෙ විද්‍යුත් චුම්බක තරංග වලින් ගිලිලා. දුරකතන සංඥා, ටීවී, රේඩියෝ වල වගේම අනෙක් උපකරණ වලින් නිකුත්වෙන මේ තරංග හැමතැනම තියෙනවා.හැම දේකම හොඳ දේ වගේම නරකත් තියෙන වගේ මේ විද්‍යුත් චුම්බක තරංග වලත් නරක පැත්තක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග පරාසය අතර එක් තරංඟ පරාසයක් (1x1013Hz) ශරීරයට අහිතකර නොවුණත් එයින් එහාට ඇති තරංග පරාසයේ  (1x1016Hz) තරංඟ වලට ඇති ඉතා ඉහල අයණීකරන හැකියාව (අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිය හැකි) නිසා ඒවා ශරීරයට නිරාවරණය වීම තුලින් සම පිලිස්සීම වගේම පිළිකා වැනි දරුණු රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.

(The electromagnetic spectrum. Image courtesy of ARPANSA)


ෆෝන් වලට අයිති කොටස

                  මේ සංඛ්‍යාත අතරින් මොබයිල් ෆෝන් විමෝචනය කරන්නේ හා ලබා ගන්නේ 800MHz-2600MHz පරාසයේ සංඛ්‍යාතයි. ඉතිං මේ සංඛ්‍යාත පරාසය අයිති වෙන්නෙ අයණීකරනය කිරීමට තරම් ශක්තියක් නොමැති හානියක් නොමැති කොටසටයි. ඒ නිසා මිනිස් සෛල වලට බලපෑමක් කරන්න පුලුවන්කමක් නැහැ. අපිට පෙනෙන ආලෝකය, අධෝරක්ත කිරණ වගේම ක්ෂුද්‍ර තරංඟ අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
                නමුත් මේ අයණීකරන හැකියාව නැති විද්‍යුත් චුම්බක තරංග මගින් තාපය ජනනය කිරීමේ හැකියාව පවතී. කවුරුත් දන්න මයික්‍රෝවේව් අවන් එක වැඩකරන්නේ මේ සිද්ධාන්තය මගිනුයි. ඒ වෙනුවෙන් වොට් 600-1000 ක් අතර ශක්තියක් ලබාගන්නවා. ඒත් මොබයිල් ෆෝන් එකකින් ජනනය කරන්නේ වොට් දෙකකටත් වඩා අඩු ශක්තියකි.

SAR අගය

         එක් එක් දුරකථනය මගින්, එය භාවිතා කරන පුද්ගලයාට උරාගන්නා ශක්තිය (RF Energy) කොපමණ ද යන්න මනින්නට SAR (specific absorption rate) අගය භාවිතා කරනවා. මේ අගය දුරකතනයෙන් දුරකතනයට වෙනස් වෙනවා. දුරකතන නිෂ්පාදකයින් සිය දුරකතන FCC (US Federal Communications Commission) යට ඉදිරිපත් කර මෙම අගය ලබා ගත යුතු වෙනවා. ඒ අගය නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ හා නිෂ්පාදනය සමග ලබාදිය යුතු වෙනවා. ඇමරිකාවේ මෙහි උපරිම අගය කිලෝගරෑමයට වොට් 1.6 ක් වෙනවා. ලංකාවේදීත් මේ අගය 1.6Wkg-1 වෙනවා.
                     ඒත් මේ SAR අගයද නොමග යවනසුලු අගයක් බව FCC හි අදහසයි. ඒකට හේතුව වෙන්නේ දුරකතනයක උපරිම SAR අගය එය සැබෑවටම පරිශීලකයා එය භාවිතා කරන විට ඇති අගයන් අතර වෙනස් කම් ඇති වීම එයට හේතුවයි. උදාහරණයක් විදිහට යම් දුරකතනයක් හොඳින් signal ලැබෙන තැනක තියෙනවාට වඩා වැඩි බලයක් යොදා signal අඩු තැනකදී ක්‍රියාත්මක වේ.

මොළයේ ගෙඩි හැදෙන්න බලපානවාද?

                    දුරකතනයක් භාවිතා කරන කොට ඒක කණට තියලා කතා කරන නිසා ශරීරයේ අනෙක් තැන් වලට වඩා වැඩියෙන් මොළයට වැඩි බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඉතිං මේ ගැන ඇමරිකාවේ පිළිකා පිළිබඳ සංගමය කල පරීක්ශණයක් ගැන වාර්ථාවක් පළවෙලා තියෙනවා. ඒකට අනුව මීයන් හා රේඩියෝ සංඥා යොදාගෙන කල පරීක්ෂණයකදී පිලිකා සෛල ඇති වීමට ඉඩකඩ ඇති බව සොයාගත්තත් ඒ ගැන නිශ්චිතවම කීමට නොහැකි වී ඇත්තේ ඇතැම් සත්තුන් හට මෙය බල නොපා තිබෙන නිසයි.
                   එසේම මේ පරීක්ෂණයේදී හඳුනගත් දෙයක් වන්නේ කෙනෙකු දුරකතනයක් භාවිතා කරන විට එහි ඇන්ටනාව අසල මොළයේ පටකවල අසාමාන්‍ය හැසිරීමක් ඇතිවන බවයි. නමුත් එයින් අහිතකර බලපෑමක් සිදුවන බව සඳහන් නොවිනි.

              ගැටලුව නම්  "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයේ  "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන නිගමනයට ඒමට කරන ලද හෝ මූලික වූ පර්යේෂනය කුමක්ද යන්න තවමත් පැහැදීලි නැති වීමයි. ප්‍රමිතියෙන් ඉතා බාල  දුරකතන ආනයනයට ඉඩදී ඒවා ඉරිදා පොලේ විකිණිනෙන මේ කාලේ ඒ උපාංග වලින් මිනිසුන් ලෙඩ වීමත් පුදුමයක් නෙවෙයි.

9 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. WHO එකෙන් කියලනේ තයෙන්නේ මල්ලි මේක. නිත්‍යානුකුලව පිලි අරන් තියෙන්නේ පිළිකා හැදෙන්න පුළුවන් කියල. ඒ ගොල්ල කියන්නේ earphone භාවිතා කරන්න කියල

    ReplyDelete
    Replies
    1. ඒත් මේක නිදන කාමර වල දුරකතන තියාගන්න එක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලයි හිතාගන්න බැරි. පිළිකාවට උත්ප්‍රේරකයක් විදිහට වැඩකරනවා වගෙයි.

      Delete
  2. https://www.scientificamerican.com/article/new-studies-link-cell-phone-radiation-with-cancer/

    ReplyDelete
  3. ඔහෙල වගේ ඇස් ඇම් ඇස් ගහන කට්ටියටනං ඕක අදාල වෙනේකක් නෑ මයෙ හිතේ. හැක්..

    ReplyDelete
    Replies
    1. දැන් ඒකත් බැරිවෙන හැඩයි මචං..

      Delete
  4. නිවැරදි දෙය දැනුවත් වීම වැදගත්

    ReplyDelete
  5. https://www.theguardian.com/technology/2018/jul/14/mobile-phones-cancer-inconvenient-truths

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features