Youtube හදිසියේ බිඳවැටේ!

                                   ඊයේ දවසේ රෑ 10.35 විතර යූටියුබ් වෙබ් අඩවියේ සේවාවන් වන යූටියුබ් ටීවී, මියුසික් හා වෙබ් අඩවියේ අනෙක් සේවා වලට පිවිසීමට නොහැකිව ගියා. පැයක කාලයක් පමණ තිබූ මේ දෝෂය යූටියුබ් වල සර්වර් වල දෝෂයක් ලෙසයි පෙන්නුම් කරේ.
                             දෝෂය වුණ වෙලාවේ යූටියුබ් භාවිතා කරන්නන්ට එයට පිවිසෙන්න බැරිවුණා. ඒ වෙනුවට සර්වර් වල දෝෂයක් ඇති බව දැක්වෙන පණිවිඩයක් දිස්වුණා.යූටියුබ් විසින් මේ දෝෂය ඉක්මනින්ම යතා තත්වයට පත්කරන බව ට්විටර් හීද පල කර තිබුණා.
           ගූගල් සේවා අතරින් යූටියුබ් දිගු වේලාවක් ක්‍රියාවිරහිත වෙන එක ගොඩක් දුර්ලභ දෙයක්. මීට කලින් මේ අවුරුද්දේ ජූලි මාසයේදී ලෝක පාපන්දු ශූරතාව අතරතුරේදී  යූටියුබ් ටිවී සේවය බිඳවැටුනා. ඒ වගේම මේ අවුරුද්දේම අප්‍රේල් මාසයේදීත් යූටියුබ් චැනල් සේවය බිඳ වැටුනා. කොහොම වුණත් දෝෂයට හේතුව හැකර් ප්‍රහාරයක්ද එහෙමත් නැත්නම් මෘදුකාංඟ වල දෝෂයක්ද යන්න තවමත් ගූගල් සමාගම හෙලිකරලා නෑ.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අනුරුද්ධ.. අනිවාර්‍යයෙන්ම එන්නම්..!

      Delete
  2. බිඳ වැටෙනවට ඕව ප්ලාස්ටික් හරි, තහඩු වලින් හරි හදන්න කිවුවනං හරි. වීදුරු වලින් හදපු හින්දනෙ ඔය කරදරේ. හැක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් උඩ ඉඳලා වැටිලා තියෙන්නෙ. ඒකනේ හදන්න වෙලා ගියේ..
      හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features