පික්සල් බිලියන 24ක චීන පින්තූරේ

                                       දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද?

අරුම පුදුම පින්තූරෙ
             මේ විදිහට හුවමාරු වුණේ චීනයේ ෂැන්හයි නගරයේ කුරුලු ඇසකින් පෙනෙන අයුරින් සැකසූ 3600 ක ප්‍රමාණයක් දර්ශණය වෙන පැනොරාමා ඡායාරූපයක්. මේකෙ විශේෂත්වය තමයි මේකෙන් නගරයේ දර්ශණය වෙන ඕනෑම ඈතින් තියෙන තැනක් වුණත් ඉතා පැහැදිලි වෙන විදිහට විශාල කරලා බලන්න පුළුවන් වුණ එකයි. කොච්චර පැහැදිලිද කියනවනම් මේකෙන් පෙනෙන වාහන වල අංක තහඩු වල අංක වුණත් කියවන්න පුළුවන්, ගමන් කරන මිනිස්සුන්ගේ මූණ පවා අඳුරගන්න පුළුවන්. http://sh-meet.bigpixel.cn කියන ලින්ක් එකෙන් මේ ඡායාරූපෙ ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන්. ගිහින් විශාල කරලා බලනකොට තේරේවි කොච්චර පැහැදිලිද කියලා.

කොහොමද මෙහෙම පැහැදිලි වෙන්නේ?
                         මේ තරමට පැහැදිලි වෙන්න හේතුව තමයි මේ රූපය හැදිලා තියෙන්නෙ පික්සල් බිලියන 24.9 ක විභේදනයකින් වීම. පික්සල් එකක් කියන්නේ ඩිජිටල් විදිහට හැදෙන රූපයක කුඩාම අගයයි. ඉතිං ඒ වගේ රූපෙක තියෙන පික්සෙල් ගාන වැඩිවෙන්න, වැඩිවෙන්න රූපයේ පැහැදිලි බව වැඩි වෙනවා. මේක පික්සල් ඝණත්වය විදිහට (Pixel Density) කියලා හඳුන්වනවා. 
                  ඡායාරූපෙ පැහැදිලි වෙන තරමටම ඒ වෙනුවෙන් යන ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා (සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ෆොටෝ වලට වඩා පික්සල් ගණන වැඩි ෆෝන් එකකින් ගන්න ෆොටෝ වැඩි මතකයක් ගන්නේ ඒ නිසයි). ඒ වගේම මේ නගරයේ ගත්ත ඡායාරූපයෙත් ධාරිතාව ගිගාබයිට් සියගණනක් වෙනවා.

සැටලයිට්, ක්වන්ටම් ලෝක බොරුව!
                       මේ ඡායාරූපය ගන්න අවශ්‍ය තාක්ෂණය දීලා තියෙන්නෙ චීනයේ Jingkun Technology (http://bigpixel.cn/) සමාගමයි. අලුත් ලෝකයට ගැලපෙන විදිහට ක්ල්වුඩ් තාක්ෂණය යොදාගෙන ඡායාරූප ගන්න Jingkun Technology සමාගමට හැකියාව තියෙනවා. 2015 වසරේදී ෂැන්හයි නගරයේ පුවත් කාර්‍යාලයෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ වැඩේ කරලා තියෙනේ.ඡායාරුපය ගන්න යොදාගෙන තියෙන්නෙ නගරයේ තියෙන ප(ර්)ල් (Oriental Pearl Tower in China) කියන සන්නිවේදන කුළුණයි (සැටලයිට් නෙවෙයි හොඳේ!). 
                     සමාගමට අනුව මේ සම්පූර්ණ රූපය පික්සල් බිලියන 195 කින් යුතු වෙනවා. මේ ගත්ත පින්තූරය ආසියාවේ විශාලතම, ලෝකයෙන්ම තුන්වෙනියට විශාල ඡායාරූපය වෙනවා. මේ පැනොරාමා පින්තූරය සාමාන්‍ය කැමරාවකින් ගන්නවාට වඩා 2000 ගුණයක අගයක් තියෙන පින්තූර රාශියක එකතුවක් වෙනවා. කලින් කිව්වා වගේම මේකට කිසිම සැටලයියට් තාක්ෂණයක් යොදා ගෙන නෑ. අධි විභේදන කැමරා වලින් ගත්තු ඡායාරූප විශේෂ තාක්ෂණයක උදව්වෙන් එකට එකතු කිරීමක් විතරයි කරලා තියෙන්නේ.ඒ හින්දා මේ ගැන ට්විටර් වල දාපු පෝස්ට් පවා වෙනස් කරන්න වෙලා තියෙනවා.
ලස්සන වගේ නෙවෙයි ඉතිං ප්‍රශ්ණ ආවම
                   මේ ෆොටෝ එකේ ලස්සන වගේම තව ලොකු ගැටලුවකුත් මතුවෙලා තියෙනවා. මේ විදිහට කිලෝමීටර් ගණනක් ඈතින් ඉන්න අයව වුණත් ඉතා පැහැදිලිව බලාගන්න පුළුවන් නිසා වැරදි කෙනෙක් අතට ගියෝතින් ඒ අයගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ගැන පියවර ගන්නත් දැන් චීනයට සිදුවෙලා.

18 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඇස් අරවන, වගකීමක් ඇතුව ලයූ විශිෂ්ට ලිපියක් සේ දැකිය හැකියි ටෙක් සයුරට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට!!

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට!

      Delete
  3. අගනා ලිපියක්
    මේකත් මතක තියා ගන්න අපි සමාජයට විවෘත වෙන තරමටම අපේ පෞද්ගලිකත්වයත් අඩු වෙනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් අයියේ. තාක්ෂණයේ දියුණුව අපේ පෞද්ගලිකත්වයටත් ගොඩක් බලපානවා.

      Delete
  4. පිස්සන්ට කැබරා අහුෙවච්චම ඔෙහාම ෙද්වල් ෙවනව තමයි. හැක්..

    ස්ෙපලිං මිස්ෙට්ක් ගණං ගන්න ඒපා. ෙම්ක XP මැසින් ඒකක් හිටං.

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ.. කාට කියන්නද මේවා! #XP
      හැක්!

      Delete
  5. You can not perform further updates on this system.
    -Firefox-

    ReplyDelete
    Replies
    1. XP වලට දෙන එක නවත්තලා එහෙනං..
      දැන් මොකෝ කරන්නෙ?

      Delete
  6. අර පොඩි එකාට හරියට නං ටික හදල දීහං. ඌ ලබන අවුරුද්දෙත් 9 පන්තියෙ තියන්නද හදන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මට හදපු කුළුබඩු ලේබල් ටිකට තමයි නඩු වැටුනෙ ප්‍රසා අයියේ! හැක්!

      Delete
  7. මට ඇති වෙච්චි පළවෙනි ගැටළුව තමයි මේ පින්තූරය මෙගා බයිට් කීයක් ලොකු ඇද්ද කියන එක ... මගේ Basic DSLR එකෙත් HQ එකක් 12MB විතර වෙනව :o

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ පැහැදිලි බව වැඩි වෙන තරමට පින්තූරේ විශාලත්වයත් වැඩි වෙනවා

      Delete
  8. මමත් මේක බැලුව දවස්‍ කිහිපෙකට කලින්. මට ආපු ලොකුම ප්‍රශ්නෙ මේක කොහොමද මෙච්චර ඉක්මනට ලෝඩ් වෙන්නෙ කියන එක.

    ReplyDelete
    Replies
    1. මේකෙදි තියෙන්නෙත් Google Earth වල තියෙනවා වගේම තාක්ෂණයක්. ඒ කියන්නේ පින්තූරේ කොච්චර ලොකු උනත් ඒ වෙලාවට load වෙන්නෙ අපිට පෙනෙන ටික විතරයි. කොටසක් zoom කරනලොට ඒ අදාල කොටස load වෙලා පේනවා.

      Delete
Previous Post Next Post

Recent Post

Features